Categories: Business

ඉපැරණි ශ්‍රී ලාංකේය රුව රහස් ලෝකයට රැගෙන යමින් ස්වදේශී විසින් “Whispering Island” හඳුන්වා දෙයි

ඉපැරණි ලාංකේය රුව සිරිතෙන් නව ජීවනයක් ලබමින් ස්වදේශී කර්මාන්තායතනය වෙතින් ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත “Whispering Island”  හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ රුව රැක ගැනීමේ පොහොසත් පාරම්පරික සාම්ප්‍රදායයේ ආභාෂය ලබා ගනිමින්, සොබා දහමේ සැබෑ සමතුලිතතාව පිළිබිඹු කරන නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා මෙම ශ්‍රී ලාංකේය සන්නාමය,  ඉපැරණි පිළිවෙත්  නවීන විද්‍යාව සමඟ එක් කරයි.

රුව අලංකරණය හා සුවතාවය ජීවන රටාවේ මූලික අංගයක් ලෙස සලකන ලද පැරණි ලංකාවේ රූපලාවන්‍ය සම්ප්‍රදායයන් ස්වදේශී Whispering Island සමඟින් පාරිභෝගිකයන් වෙත නැවත ගෙන එයි. අතීත රජ සමයේ දී, රජවරුන් හා රැජිනියන් තම සුවතාව රැක ගැනීම සඳහා භාවිතා කළ ස්වභාවික හා පැරණි රූපලාවන්‍ය ක්‍රම Whispering Island සඳහා මූලික තේමාව වේ. සම අලංකරණය සඳහා ප්‍රවේශමෙන් තෝරාගත් දේශීය ඖෂධීය පැළෑටි, ශාකසාර ද්‍රව්‍ය සම පෝෂණය කිරීමට පමණක් නොව මනසට අධ්‍යාත්මික සුවපත්භාවය ද ගෙන එන සේ පරිපූර්ණ පාරම්පරික හෙළ ප්‍රතිකර්ම බවට ඔවුන් විසින් පත් කරන ලදී. මෙම පුරාණ පිළිවෙත්  ස්වදේශී කර්මාන්තායතනය විසින්  නැවත අධ්‍යයනය කරමින්, එහි මූලික සම්භවය රැක ගනිමින් අදට ගැලපෙන සේ නවීන සංයෝගයන් හා මුසු කර තත්ත්වයෙන් හා ඵලදායීබවෙන් උසස් නිෂ්පාදන පෙළක් ලෙස පාරිභෝගිකයා වෙත ගෙන එයි.

ශරීරයටත් මනසටත් එක සේ ප්‍රතිලාභ ලබා දෙන ස්වභාවික හා දේශීය අමුද්‍රව්‍යවල සම්මිශ්‍රනය Whispering Island නිෂ්පාදන පෙළෙහි මූලික පදනමයි. මෘදු ප්‍රතිබැක්ටීරියා ගුණ හා සුවය ලබා දීමේ ගුණාංග සඳහා පැරණි ලාංකික ප්‍රජාව විශ්වාසයෙන් භාවිතා කළ  කොහොඹ,  සම විසබීජවලින් ආරක්ෂා කිරීමට සහ නැවුම්ව තබා ගැනීම සඳහා භාවිතා කරන ලදී. සම පැහැපත් කිරීමට සහ සමේ අඳුරු පැහැය අඩු කිරීම සඳහා ප්‍රචලිත  අමුද්‍රව්‍යයක් ලෙස සඳුන්  සියවස් ගණනාවක් පුරා භාවිතා කරයි. රූපලාවන්‍යයේ දී හැර දැමිය නොහැකි අමුද්‍රව්‍යයක් ලෙස සඳුන් සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනියි.  සමට තෙතමනය ලබා දී එය පෝෂණයට සහ එය ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධ පොල්, සාම්ප්‍රදායික ලාංකික රූපලාවන්‍ය පිළියම්වල ප්‍රධාන අංගයකි. කුළුබඩුවක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍යයක් ලෙස දිගු කලක් තිස්සේ ඇගයෙන කුරුඳු, මැරුණු සම මෘදු ලෙස ඉවත් කර සිනිඳු සමක් ලබා දීමට කටයුතු කරයි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් සපිරි මුරුංගා, වයස්ගත වීම වැළැක්වීමේ ගුණාංග සඳහා පුරාණ රූපලාවන්‍ය චාරිත්‍රවල දී ඇගයෙයි. සම රැකවරණයේ දී සමට සෞම්‍යබවක් එක් කරමින් සම සුවපත් කිරීමේ ගුණාංගයන් වැනිලා සතු වේ. මෙම සුවිශේෂී  අමුද්‍රව්‍යයන්ගේ එකතුවෙන් සපිරි Whispering Island ශරීර සත්කාර නිෂ්පාදන පෙළෙහි සබන්, බාත් සහ  ෂවර් ජෙල්, ෆේස් වොෂ්, සත්කාර නිෂ්පාදන පෙළෙහි, ෂැම්පූ (සල්ෆේට් රහිත), කන්ඩිෂනර් ද, රුව රැකවරණ නිෂ්පාදන පෙළෙහි බොඩි ලෝෂන්, හෑන්ඩ් ක්‍රීම්,  ඩේ ක්‍රීම් සහ නයිට් ක්‍රීම් ද වශයෙන් පරිපූර්ණ පුද්ගලික සත්කාර නිෂ්පාදන පෙළක් පිරිනමයි.

සදාචාරාත්මකව සහ තිරසාරව ලබා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් Whispering Island මෙම පොහොසත් උරුමයට ගරු කර‍යි. මෙහි ඇති සෑම නිෂ්පාදනයක්ම පැරණි ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්ගෙන් ආභාෂය ලබා ගනිමින් ස්වභාවධර්මයේ සාරය ග්‍රහණය කර ගනියි. මෙම සමස්ත නිෂ්පාදන පෙළම, 100%ක් ශාකසාර අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන බවට එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට පාත්‍ර වී ඇත. මෙය ස්වදේශී කර්මාන්තායතනයේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට කර්මාන්තායතනයේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි.

රූපලාවන්‍යයෙන් ඔබ්බට යන  සමාජ වගකීම කෙරෙහි ස්වදේශී කර්මාන්තායතනය දැඩි අවධානයක් යොමු කරයි. සමාජයට පෙරලා ලබා දීම සහ පරිසරය රැකබලා ගැනීම යන්න Whispering Island  මතින් කැපී පෙනෙයි. ස්වදේශී විසින්, ආචාර ධර්මයන්ට  අනුව යමින්  සහ සාධාරණ වෙළඳ පිළිවෙත් අනුගමනය කරමින්, දේශීය පවුල්වලට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට  උපකාර කරනු ලබයි. තම නිෂ්පාදන වෙතින් ධනාත්මක හා ඵලදායී ප්‍රතිඵලයක් ලබා දීම තහවුරු කරමින්, පරිසර හිතකාමී ගොවිතැන්  හා නිෂ්පාදන ක්‍රමවේදයන් ස්වදේශී විසින් අනුගමනය කරයි. Whispering Island නිෂ්පාදන පෙළෙහි කඩදාසි ඇසුරුම් FSC සහතිකය ලබා ඇත. Whispering Island හි භාවිතා කරන සියලුම සුවඳ විලවුන් ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් අනුමත කර ඇති අතර, සියලුම Whispering Island නිෂ්පාදන ISO 9001:2015 තත්ත්ව ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.

වසර 80කට වැඩි උරුමයක් හිමි ස්වදේශී, උසස්ම ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම ශාකසාර පුද්ගලික සත්කාර නිෂ්පාදන නිෂ්පාදනය කරයි.  පැරණි සම්ප්‍රදායයන්, නවීන විද්‍යාව සමඟ එක් කරන Whispering Island  පිරිසිදු, ස්වාභාවික සහ සත්ත්ව හිංසනයෙන් තොර රුව සත්කාර විසඳුම් ලබා දෙයි. ස්වදේශී කර්මාන්තායතනයේ පුරාණ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සහ නවීකරණය කිරීමේ මෙහෙවරට ස්වදේශී හි සෑම නිෂ්පාදනයක්ම  සාක්ෂි දරන අතර, එමඟින් පාරිභෝගිකයින්ට දේශීය උරුමයේ ආභාෂය ලත් නවීන තාක්ෂණයෙන් වැඩි දියුණු කළ, රුව රැකවරණයේ පෙරළිකාර වෙනසක් අත්විඳීමට ඉඩ සලසයි. නවීන යුගයට ගැළපෙන පරිදි නිර්මාණය කරන ලද සම්ප්‍රදායේ සහ නවෝත්පාදනයේ පරිපූර්ණ එකතුවක් වන ඉපැරණි ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය රහස් සොයා ගැනීමට Whispering Island ලෝකයටම ආරාධනා කරයි.

Whispering Island සහ එහි නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.whisperingisland.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Swadeshi Whispering Island
7 News Pulse

Recent Posts

COYLE and JETRO Sign Landmark MoU to Champion Health and Productivity in Sri Lanka

Chamber of Lankan Entrepreneurs (COYLE) and the Japan External Trade Organization (JETRO) officially signed a…

46 minutes ago

Dialog Enterprise Powers HNB Investment Bank’s Digital Transformation with Future-Ready Cloud and Communication Solutions

Dialog Enterprise, the corporate solutions arm of Dialog Axiata PLC, has partnered with HNB Investment…

49 minutes ago

ஹாவஸ்டர் ரபர் ட்ரக்கிற்கு இலங்கையில் ஒரேயொரு உத்தரவாத பத்திரம் வழங்கப்படுவது DIMO வழங்கும் LOVOL ஹாவஸ்டரிற்கு மாத்திரம்

இலங்கையில் ஹாவெஸ்டர் ஒன்றில் உள்ள ரப்பர் ட்ரக்குகளுக்கு வழங்கப்படும் முதன்முறையானதும் ஒரேயொரு உத்தியோகபூர்வமானதுமான உத்தரவாதத்தை DIMO Agribusinesses நிறுவனம் தனது…

51 minutes ago

HNB Finance இன் “திரியென் தியுனுவட்ட ” நிதிஅறிவுத்திறன்பயிற்சிப் பட்டறையின்அடுத்தகட்டம்புத்தளத்தில்

இலங்கையின் முன்னணி நிதி நிறுவனமான HNB Finance PLC, நுண் மற்றும் சிறிய அளவிலான தொழில் முனைவோரின் நிதி அறிவுத்திறனை…

55 minutes ago

Disrupt Asia 2025 positions Sri Lanka as regional Innovation Hub and amplifies international presence

Accelerating Sri Lanka’s digital future, Disrupt Asia 2025, South Asia’s premier startup conference and innovation…

59 minutes ago

Alumex நிறுவனத்திற்கு AEO Tier I சான்றிதழ்: வர்த்தக ஒழுங்குமுறை மற்றும் உலகளாவிய விநியோகச் சங்கிலி விசேடத்துவத்தில் முன்னேற்றம்

Alumex வாடிக்கையாளர்களுக்கு மேம்பட்ட நம்பகத்தன்மை, வேகமான விநியோகம் Hayleys Group நிறுவனத்தின் உறுப்பினரான, நாட்டின் முன்னணி அலுமினிய உற்பத்தியாளராக திகழும்…

1 hour ago