Categories: Business

ඓතිහාසික ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා 14වන වරටත් පිදුම් ලැබූ වගයි

SLIM Kantar People’s Awards හිදී පෙර නොවූ ජයග්‍රහණයක් සමඟ අඛණ්ඩව වෙළඳපොළ ප්‍රමුඛස්ථානයට

කීර්තිමත් ව්‍යාපාරික සන්නාම උළෙලක් වන SLIM Kantar People’s Awards හිදී අඛණ්ඩව 14වන වරටත් වි‌ශිෂ්ටත්වයේ ජයග්‍රහණයකින් නැවතත් පිදුම් ලබමින්, 2025 වසරේ ‘ජනතාවගේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස කිරුළු පළඳින්නට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය.

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා සිමෙන්ති හිමි කරගෙන තිබූ ස්ථානය නැවත වරක් තහවුරු කරන්නට මෙම සුවිශේෂී ජයග්‍රහණය හේතු විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම් සම්මාන උළෙලකදී මෙලෙස පි‌ට පිටම සම්මානයට පාත්‍ර වීම තුළින් පෙනී යන්නේ රට පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සමාගම්, කොන්ත්‍රාත්කරුවන්, පෙදරේරුවරුන්, ඉංජිනේරුවන් හා නිවෙස් හිමියන්ගේ සැබෑම තේරීම බවට INSEE සංස්ථා සිමෙන්ති පත්ව ඇති බවයි. වසර ගණනක් පුරා මෙම කාණ්ඩය තුළ අඛණ්ඩව ආධිපත්‍ය දරමින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොසැලෙන සලකුණක් බවට පත්වන්නට INSEE සංස්ථා සිමෙන්ති සන්නාමයට හැකි වී ඇත.

ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසර ඉදිකිරීම් විසඳුම් ඉදිරිපත් කරමින් අඛණ්ඩව ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින INSEE, අඛණ්ඩව 14වන වරටත් SLIM Kantar ජනතා සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ ඓතිහාසික කඩඉමක් ද සනිටුහන් කරමිනි. INSEE යනු තාක්ෂණික විශිෂ්ටත්වය සහ පාරිසරික කළමනාකරණය සාර්ථකව ඒකාබද්ධ කරමින්, වෙළඳපොළේ අනභිබවනීය ප්‍රමුඛයා ලෙස අඛණ්ඩව විශ්වාසය දිනූ සන්නාමය බවට ද මෙම ජනතා සම්මානයෙන් මනාව තහවුරු කර ඇත.

INSEE සිමෙන්ති වෙළඳ අධ්‍යක්ෂ සෆීඛාන් සිද්දික් මහතා අදහස් දක්වමින්, ”ශ්‍රී ලාංකිකයන් INSEE සංස්ථා සිමෙන්ති කෙරෙහි අඛණ්ඩව තැබූ විශ්වාසය අපට ඉමහත් ගෞරවයක්. තිරසර ඉදිකිරීම් පිළිවෙත් සහ පුරෝගාමී මුලපිරීම්වලට තවදුරටත් අවදානය යොමු කරමින්, හැම අතින්ම උසස් නිෂ්පාදන ජාතියට පිරිනමන්නට මේ ඇගයුම අපට මහඟු පෙළඹවීමක් ලබා දෙනවා. අඛණ්ඩව 14වන වරටත් ලැබූ මේ ජයග්‍රහණය තුළින් INSEE සංස්ථා සිමෙන්ති වෙළඳපොළ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරන අතරම, විශිෂ්ටත්වය උදෙසා අපේ කැපවීම පෙන්නුම් කරන මනා සාක්ෂියක් ද වනු නොඅනුමානයි.” යනුවෙන් පැවසීය.  

අඩසියවසක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන INSEE සංස්ථා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ලංකාවේ මුල් බැසගත් සන්නාමයකි. විවිධ ඉදිකිරීම් යෙදවුම් සඳහා භාවිත කළ හැකි තිරසර බවින්, සවිශක්තියෙන් හා ක්‍රියාකාරීත්වයෙන් ඉහළ පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති, මෙරටට ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ ද INSEE සමාගම විසිනි. ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සිමෙන්ති කම්හලක් හිමි එකම සිමෙන්ති නිෂ්පාදකයා ද වන INSEE, නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම දැඩි තත්ත්ව පාලනයක් පවත්වා ගනු ලබයි. සමාගම සතු සමස්ත නිෂ්පාදන පෙළ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශනය (EPD) ලබාගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම, 2024 දී ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය මඟින් පිරිනමන තරු 5 හරිත ලේබල් සහතිකය හිමි කරගත් ගත් ප්‍රථම සමාගම බවට ද INSEE පත් වීම, එහි තිරසරභාවයට දිය හැකි නිදසුන් කිහිපයකි.      

INSEE සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන සංස්ථා පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති, කොන්ක්‍රීට් සහ විවිධ ඉදිකිරීම් යෙදවුම් සඳහා විශේෂයෙන් නිපදවනු ලැබූ සංයෝගයක් වන අතර අනෙකුත් තරඟකාරී නිෂ්පාදනවලට සාපේක්ෂව මෙහි කාබන් පියසටහන ඉතා අඩු අගයක් ගනියි. මෙම නිෂ්පාදනය, අඩු කාබන් අගයකින් අනාගතයට ඔබින ඉදිකිරීම්, ශ්‍රී ලංකාව පුරා ප්‍රවර්ධනය සඳහා වන INSEE සමාගමේ මෙහෙවරට ද අනුකූල වන්නකි.

ඉදිකිරීම් ආයතන, කොන්ත්‍රාත්කරුවන් සහ නිවාස හිමියන් විසින් INSEE සංස්ථා තෝරා ගැනීම තුළින් පෙනී යන වැදගත් කරුණක් ඇත. එනම්,  තහවුරු කළ කාර්යසාධනය, පාරිසරික වගකීම් හා දශක 5කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ අතිමහත් විශ්වාසය දිනූ සන්නාමයක් වීම යනු කරුණු පිළිබඳ පාරිභෝගිකයන් වැඩි සැලකිල්ලක් දක්වන බවයි. 

7 News Pulse

Recent Posts

Dharmaraja Clinch Third Consecutive Under-14 Hockey Title

The Under-14 Inter-School Hockey Tournament organized by the Sri Lanka Schools Hockey Association was held…

3 days ago

“Every Child Can” – CAL Children Triumph at Iron Kids Colombo 2026

As Child Action Lanka (CAL) marks its 20th Anniversary under the theme “Every Child Can,”…

3 days ago

Why Natural Ceramides Are Becoming Essential in Baby Skincare

The instinct to protect your baby begins with the smallest rituals. A warm bath. A…

3 days ago

Synogen Launches Sri Lanka’s First Comprehensive EV Charging Hub at Independence Arcade

Colombo, Sri Lanka – (25th Feb 2026) – In a landmark moment for Sri Lanka’s…

3 days ago

Altair Showrooms: Strategically Chosen by the World’s Leading Automotive Brands

Altair’s prominence on Colombo’s skyline is now mirrored at street level. A growing number of…

4 days ago

Siyapatha Finance Continues Mission to Conserve Sri PadaReserve

In an effort towards the sustainable conservation and preservation of Sri Pada Reserve, one of…

4 days ago