ඡායාරූපය 2: අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූ ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සහ ටොයොටා ලංකා සමාගම්වල නියෝජිතයන්
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සහ ටොයොටා ලංකා (පුද්.) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට ටොයොටා ලංකා සමාගම අලෙවි කරන රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙතින් කඩිනම් හා කාර්යක්ෂම ලීසිං පහසුකම් ලබා ගත හැකි වේ.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාවට නංවනු නබන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන හරහා, ටොයොටා ලංකා සමාගම වෙතින් මිලදී ගන්නා ලියාපදිංචි කළ සහ නොකළ රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් වෙතින් සුවිශේෂී මූල්‍ය පහසුකම් හිමි වනු ඇත. මෙය පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවන්ට ගැළපෙන සහනදායී මූල්‍ය විසඳුම් සමගින් ටොයොටා රථවාහන මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවකි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ වඩාත් නම්‍යශීලී ලීසිං විසඳුම් සඳහා පවතින විශාල ඉල්ලුම සපුරාලීම මෙම අවබෝධතා ගිවිසුමෙහි මූලික අරමුණ වේ. ටොයොටා ලංකා සමාගම යනු ශ්‍රී ලංකාවේ රථවාහන වෙළෙඳපොළේ ප්‍රමුඛයෙකු වන අතර, ජනශක්ති ෆිනෑන්ස් සමාගමට මූල්‍ය සේවා සම්බන්ධයෙන් වසර 44 ක උරුමයක් ඇත. මෙවැනි සමාගම් දෙකක් අත්වැල් බැඳගැනීම තුළින් පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් හා විශ්වාසයක් සමගින් ඉහළම තලයේ ප්‍රතිලාභ හිමි වනු නිසැකය.
“ටොයොටා ලංකා සමග ඇති කර ගත් මෙම ක්‍රමෝපායික අවබෝධතා ගිවිසුම, කිසිදු භේදයකින් තොරව සැමට මූල්‍ය සේවාවන් සැපයීම සහ ජීවනෝපායන් සවිබල ගන්වන පාරිභෝගික-හිතකාමී විසඳුම් හඳුන්වා දීම සඳහා අප දරන ප්‍රයත්නයේ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයක්. රථවාහන ක්ෂේත්‍රය තුළ ටොයොටා ලංකා සමාගමේ පුරෝගාමීත්වය සමග අපගේ මූල්‍ය සේවා විශේෂඥභාවය එක්තැන් වීම තුළින් පාරිභෝගිකයන්ට රථවාහන මිලදී ගැනීම සඳහා වඩාත් සරල, කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් හිමි වේවි.” ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුම මගින්, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීම ඉලක්ක කර ගත් විශේෂ සහයෝගීතා රාමුවක්ද හඳුන්වා දී තිබේ. ඒ යටතේ ජනශක්ති ෆිනෑන්ස් සමාගම විසින් ටොයොටා ලංකා සමාගමේ විකුණුම් කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දෙන අතර, එමගින් පාරිභෝගිකයන්ට ලීසිං සේවාවන් සම්බන්ධයෙන් පූර්ණ මඟ පෙන්වීමක් ලබා දීමට එම කාර්ය මණ්ඩලයට හැකි වනු ඇත. ඊට සමගාමීව ටොයොටා ලංකා සමාගම, ලීසිං පහසුකම් අපේක්ෂා කරන පාරිභෝගිකයන් ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙත යොමු කරවනු ඇත.
ඒ අනුව මෙම අවබෝධතා ගිවිසුම පාරිභෝගිකයන්ට මෙන්ම සමාගම් දෙකටද බෙහෙවින් ඵලදායී පියවරක් වනු නිසැකය.
එමෙන්ම මේ යටතේ සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය සහ ටොයොටා ප්‍රදර්ශනාගාර ආවරණය වන පරිදි ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමටද දෙපාර්ශ්වය සැලසුම් කර තිබේ. පාරිභෝගිකයන් වැඩි පිරිසක් වෙත මෙම පණිවිඩය සන්නිවේදනය කරන අතරම, අදාළ ක්ෂේත්‍ර තුළ සමාගම් දෙක සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම මෙහි අරමුණයි.
“ටොයොටා ලංකා සමාගම තිරසාර ප්‍රවාහන විසඳුම් ඔස්සේ ජීවිත පෝෂණය කිරීමට කැප වී සිටින සමාගමක්. ජනශක්ති ෆිනෑන්ස් සමාගම සමග එක් වී උසස්ම තත්ත්වයේ විශ්වාසනීය ටොයොටා රථවාහන මිලදී ගැනීමට පාරිභෝගිකයන් වැඩි පිරිසකට අවස්ථාව සලසා දීම තුළින් එම මෙහෙවර තව දුරටත් පුළුල් කිරීමට අපට හැකි වේවි. මේ සාමූහික ප්‍රයත්නය තුළින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට වඩාත් සුරක්ෂිත හා සුහුරු ප්‍රවාහන විසඳුම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා වන පොදු දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීම අපගේ ඉලක්කයයි.” ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුම මගින් ජනශක්ති ෆිනෑන්ස් සහ ටොයොටා ලංකා යන සමාගම් දෙකටම ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත. සන්නාමවල ජනප්‍රියත්වය තවදුරටත් වර්ධනය වීම, පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් වීම සහ දීර්ඝකාලීන ව්‍යාපාරික වර්ධනය වැනි ප්‍රතිලාභ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මෙහිලා වැදගත්ම සාධකය වන්නේ, ඉහළ විනිවිදභාවයක් සහිත විශ්වාසනීය මූල්‍ය විසඳුම් තුළින් උසස්ම තත්ත්වයේ රථවාහන විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වීමය.
මෙය හුදෙක් මූල්‍යමය අරමුණක් මූලික කර ගත් ගිවිසුමක් නොව, ජනතාවගේ මූල්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම පිළිබඳ පොදු දැක්මක් තුළින් ඇති කර ගත් සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් ලෙස හැඳින්විය හැකි වේ. එය ජනශක්ති ෆිනෑන්ස් සහ ටොයොටා ලංකා යන සමාගම් දෙකේම අරමුණු සාක්ෂාත් කරමින්, දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම වාහන සිහිනය සැබෑ කර ගැනීම සඳහා නොසැලෙන අත්වැලක් වනු නිසැකය.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) පිළිබඳව
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් ඒවා), විකල්ප ,මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 44 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, ලංකා රේටින් ඒජන්සි [Lanka Rating Agency (LRA)] වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.
நாடு முழுவதும் முன்னெடுக்கப்பட்டு வரும் விசேட குற்றத் தடுப்பு மற்றும் போதைப்பொருள் ஒழிப்பு நடவடிக்கைகளின் போது, நேற்று (18) மட்டும்…
65 வயதுக்குட்பட்ட ஓய்வுபெற்ற சிறைச்சாலை அதிகாரிகளை ஒப்பந்த அடிப்படையில் மீண்டும் பணியில் அமர்த்த சிறைச்சாலைத் துறை தீர்மானித்துள்ளது. முதலாம் மற்றும்…
நாட்டில் எரிவாயு தட்டுப்பாடு ஏற்படும் என அச்சப்படத் தேவையில்லை என்று லிட்ரோ (Litro) எரிவாயு நிறுவனம் வாடிக்கையாளர்களுக்கு உறுதியளித்துள்ளது. போதிய…
தென்கொரியாவின் முன்னாள் அதிபர் யூன் சுக் இயோலுக்கு (Yoon Suk Yeol) அந்நாட்டு நீதிமன்றம் ஆயுள் தண்டனை விதித்துத் தீர்ப்பளித்துள்ளது.…
இந்தியாவின் புதுடில்லியில் நடைபெற்ற 'AI IMPACT SUMMIT 2026' மாநாட்டில் உரையாற்றிய இலங்கை ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க, செயற்கை நுண்ணறிவு…
First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that…
View Comments
**mitolyn**
Mitolyn is a carefully developed, plant-based formula created to help support metabolic efficiency and encourage healthy, lasting weight management.