ජෝන් කීල්ස් පදනම (JKF) විසින් කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, සිය වාර්ෂික වැඩසටහන වන ‘PROJECT WAVE’ (Working Against Violence through Education) හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර මැඩලීම සඳහා වන සිය දීර්ඝකාලීන කැපවීම යළි තහවුරු කරන ලදී.
2014 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී දියත් කළ ‘Project WAVE’ මගින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය මෙන්ම පොලිස් නිලධාරීන්, නීතිඥයින්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් සහ පොදු ජනතාව ඇතුළුව මිලියන 5.8කට අධික පිරිසක් දැනුවත් කිරීම් ඔස්සේ ආවරණය කර ඇත.
බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කළ මෙවර වැඩසටහන “UNiTE to Take Action Against Violence” යන තේමාව යටතේ දියත් කරන ලදි. මෙයට, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ආමන්ත්‍රණය කිරීම සඳහා වූ අභ්‍යන්තර දැනුවත් කිරීම්, තිරසාර සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් සහ ජෝන් කීල්ස් සමූහයේ ව්‍යාපාරික ස්ථාන පුරා සැලසුම් කරන ලද ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළත් විය. මෙම සියලුම ක්‍රියාකාරකම් මගින් හිංසනය වැළැක්වීම වෙනුවෙන් පුද්ගලයන්ට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ශක්තිමත් කරයි. ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වූ සිය කැපවීම අවධාරණය කරමින්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය විසින් සංකේතාත්මක උත්සවයක් ද පවත්වන ලදී. තවද ජෝන් කීල්ස් පදනමෙහි e‑learning පද්ධතිය වෙත බාහිර පුද්ගලයන් හට ද ප්‍රවේශ විය හැකි ලෙස සකස් කර, ඒ ඔස්සේ විශ්වවිද්‍යාල සහ ප්‍රජා කණ්ඩායම් වෙත ප්‍රවේශය ලබා දීමට සැලසුම් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, “ඕනෑම ආකාරයක ලිංගික හිංසනයකට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා සේම, ජෝන් කීල්ස් සමූහයේ හි සියලුම සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සුරක්ෂිත, ගෞරවනීය හා ඇතුළත් රැකියා පරිසරයක් නිර්මාණය කර, පවත්වා ගෙන යාම සදහා අප කැප වී සිටිනවා. රැකියා ස්ථානයේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම මත සමානාත්මතාවයකින් යුත් සැබෑම ඇතුළත් සංස්කෘතියක් ගොඩනැගීම කේන්ද්‍රගත වී ඇති බව අපි හඳුනා ගනු ලැබුවා. ජෝන් කීල්ස් සමූහය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම අපගේ ප්‍රමුඛතාවයක් ලෙස පවතින අතර, මෙය DE&I හි ප්‍රමුඛතාවයක් ලෙස පවතියි. සමූහය තුළ සහ ප්‍රජාව තුළ මෙම වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ දී ජෝන් කීල්ස් සමූහයේ CSR මුලපිරීම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.” යනුවෙන් පැවසීය.
මෙම වැඩසටහන සම්බන්ධයෙන්, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය, “Project WAVE ආරම්භ කර ගත වූ වසර 11 තුළ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර මැඩලීම සඳහා දැනුවත්භාවය ඉහළ නැංවීමට, වැරදි මත හා පක්ෂග්‍රාහී අදහස්වලට අභියෝග කිරීමට සහ සමස්ත පද්ධතියම ශක්තිමත් කිරීමට අපි විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා. මෙය අභියෝගාත්මක ගමනක් වූවත්, අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අපි සතුටු වනවා. සියලු පුරවැසියන්ට කිසිදු සෘණාත්මක බලපෑමකින් හෝ සමාජ බාධාවකින් තොරව ඔවුන්ගේ අරමුණු සහ හැකියාවන් කරා යා හැකි නිරෝගී හා ප්‍රගතිශීලී ශ්‍රී ලංකාවක් සවිබල ගැන්වීමේ අපගේ මෙහෙවර වෙනුවෙන් අපි අඛණ්ඩව කැප වෙනවා.” යනුවෙන් අදහස් දැක්වීය.
මෙම ජාත්‍යන්තර දිනය මෙම ගැටලුව කෙරෙහි ගෝලීය අවධානය යොමු කරවන අතර, මේ උදෙසා වන ජෝන් කීල්ස් පදනම (JKF) හි කාර්යය හුදෙක් සැමරුමකින් ඔබ්බට යයි. ‘PROJECT WAVE’ සිය පර්ශවකරුවන් හා ස්වේච්ඡා සේවකයන් සමඟ වසර පුරා, සහයෝගයෙන් කටයුතු කරමින් අඛණ්ඩව කාර්ය මණ්ඩල දැනුවත් කිරීම් සහ පුහුණුව, ප්‍රජා දැනුවත් කිරීම් සහ සවිබල ගැන්වීම, නීතිය බලාත්මක කිරීමේ අංශයේ නිලධාරීන් හා අනෙකුත් පාර්ශ්වකරුවන් සඳහා වූ විශේෂිත පුහුණු උපදේශක වැඩසටහන් ලබා දෙයි. ඒ තුළින්, ‘අනාගතය සඳහා ජාතිය සවිබල ගැන්වීම’ (Empowering the Nation for Tomorrow) යන සිය දැක්මට අනුකූලව විවිධ කණ්ඩායම් හරහා තිරසාර බලපෑමක් සහතික කිරීමට JKF කටයුතු කරයි.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.
First Capital Holdings PLC, a subsidiary of JXG (Janashakthi Group) and a pioneering force in…
Singer Sri Lanka PLC was awarded the Gold Award in the Trading Companies category at…
நாடு முழுவதும் முன்னெடுக்கப்பட்டு வரும் விசேட குற்றத் தடுப்பு மற்றும் போதைப்பொருள் ஒழிப்பு நடவடிக்கைகளின் போது, நேற்று (18) மட்டும்…
65 வயதுக்குட்பட்ட ஓய்வுபெற்ற சிறைச்சாலை அதிகாரிகளை ஒப்பந்த அடிப்படையில் மீண்டும் பணியில் அமர்த்த சிறைச்சாலைத் துறை தீர்மானித்துள்ளது. முதலாம் மற்றும்…
நாட்டில் எரிவாயு தட்டுப்பாடு ஏற்படும் என அச்சப்படத் தேவையில்லை என்று லிட்ரோ (Litro) எரிவாயு நிறுவனம் வாடிக்கையாளர்களுக்கு உறுதியளித்துள்ளது. போதிய…
தென்கொரியாவின் முன்னாள் அதிபர் யூன் சுக் இயோலுக்கு (Yoon Suk Yeol) அந்நாட்டு நீதிமன்றம் ஆயுள் தண்டனை விதித்துத் தீர்ப்பளித்துள்ளது.…
View Comments
Bigdaddygamebet? Yeah, I've put some bets down there. The odds are pretty competitive, and they've got a decent selection of games. Had a couple of wins, no complaints so far. Give it a shot if you're feeling lucky. Find them here: bigdaddygamebet
Heard some buzz about 91clubregister. Signed up, process was smooth. Haven't won big yet, but fingers crossed! Register now: 91clubregister