Categories: Business

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

මෙරට ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නැංවීමේ විප්ලවීය පියවරක් වන Startup Nation Initiative වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආරම්භක පරිසර පද්ධතිය වන Hatch විසින් හඳුන්වා දී තිබේ. ආරම්භක ව්‍යාපාර 18කින් 2018දී ඇරඹුණු Hatch සිය වේගවත් වර්ධනය සමඟ වර්තමාන වන විට ආරම්භක ව්‍යාපාර 700කට අධික සංඛ්‍යාවක් සහ ආසන 800ක් දක්වා ගොඩනැගී ඇති අතර ආසන 3,000ක් දක්වා වර්ධනය වෙමින් මෙරට ව්‍යවසායකත්වය සවිමත් කිරීමට අපේක්ෂා කරයි.

 ශ්‍රී ලංකාවේ හොඳම ආරම්භක ව්‍යාපාර සොයා ගනිමින් ඒවා ගොඩනැගීම සහ ඒ වෙනුවෙන් අරමුදල් සැපයීම සඳහා මෙම Startup Nation වැඩසටහන කැපවී සිටියි. මේ  යටතේ, Hatch විසින් national startup තරඟයක් පවත්වනු ලබන අතර, ඒ හරහා 1000කට අධික අයදුම්කරුවන් අතරින් ඉහළම 100 දෙනා ලැයිස්තුගත කරනු ලැබේ. මෙම තරඟය සඳහා  ගැඹුරු තාක්ෂණික විසඳුම්, B2B සහ B2C නවෝත්පාදන, ව්‍යවසායකත්ව  මෘදුකාංග සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව ආදී ප්‍රධාන ජාතික ගැටළු සඳහා මනා විසඳුම් සහිත ආරම්භක ව්‍යාවසායක ව්‍යාපාරයන් ඇතුළත් වේ. මෙහිදී ජයග්‍රහණය කරන  MPV ආදායම් උත්පාදනය කරන ආරම්භක ව්‍යාපාරය සඳහා  ආයෝජන හැකියාවන්ද සහිතව ඇමරිකානු ඩොලර් 100,000 ක අරමුදල් අවස්ථාවක් ද හිමි වනු ඇත. Hatch විසින් මෙම වැඩසටහන යටතේ MPV ආදායම් උපයන ව්‍යාපාර ඉලක්ක කරනු ඇත.

ආරම්භයේ සිටම Hatch මෙරට ව්‍යවසායකයන්ට සහාය ලබාදෙන සවිමත් පරිසර පද්ධතියක් ගොඩනැංවීමට  කටයුතු කර ඇත. ආයෝජකයන් සහ ආරම්භක ව්‍යාපාර අතර ඇති පරතරය අවම කිරීම ඔස්සේ මෙරට ආරම්භක නවෝත්පාදනයන් පෝෂණය කරන අතර තිරසාර දිගුකාලීන ප්‍රතිඵල ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hatch හි සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා මෙසේ පැවසුවේය.”අපගේ මෙහෙවර වන්නේ, ප්‍රාග්ධනයට සහ ගෝලීය පරිසරයට පහසුවෙන් ප්‍රවේශය විය හැකි  පද්ධතියක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ආරම්භක සංවර්ධනය මෙහෙයවීමයි. මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය ආරම්භක පරිසර පද්ධතිය තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපි සූදානම් වෙනවා.”

දේශීය වශයෙන් පමණක් නොව ලොව පුරා ව්‍යාප්ත කළ හැකි තිරසාර විසඳුම් සංවර්ධනය කිරීම සඳහා  ආරම්භක ව්‍යාපාර දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.Hatch හි ස්ථාපිත කර ඇති කෘෂිකර්මාන්තය සහ හරිත බලශක්තියේ සිට නව තාක්‍ෂණය සහ සමාජ ව්‍යවසායන් දක්වා විහිදෙන  ආරම්භක ව්‍යාපාර, ආර්ථිකය වඩාත් සවිමත් කරමින් සක්‍රීය කරන අතර කර්මාන්තවලට ද අභියෝග කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), Bill & Melinda Gates Foundation, Ford Foundation, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව,Global Affairs Canada, GIZ (German Development Agency) සහ Nestlé, IFS Global, Hemas PLC මෙන්ම Veracity Group වැනි ලොව ප්‍රමුඛ ආයතන සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනඟා ගනිමින් Hatch  ආරම්භක වැඩසටහන් සැලසුම්කරුවෙකු සහ ක්‍රියාත්මක කරන්නෙකු ලෙස සිය විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නංවාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කරමින් Hatch හි සම නිර්මාතෘ බ්‍රින්දා සෙල්වදුරායි ඥානම් මෙනවිය මෙසේ ප්‍රකාශ කළාය. “ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් පිරිනැමීමට සහ අවසන් කිරීමට අප සතුව ඇති හැකියාව, ශ්‍රී ලංකාවේ ආරම්භක පරිසර පද්ධතිය තුළ  අර්ථවත් වෙනසක් ඇති කිරීමට අප දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.’Startup Nation Initiative’ යනු දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට සහ  වැඩි ආයෝජන ආකර්ෂණයක් දිනා ගැනීම  සඳහා වූ අපගේ මෙහෙවරේ මීළඟ පරිච්ඡේදයයි.භෞතික මෙන්ම බුද්ධිමය යන අංශ ද්විත්වයම සාර්ථක   ආරම්භක මධ්‍යස්ථානයක පදනම කෙරෙහි බෙහෙවින් ඉවහල් වෙනවා. අපි කුසලතා, ප්‍රාග්ධනය සහ අදහස් එකම ස්ථානයකට ගෙන එන නවෝත්පාදන දිස්ත්‍රික්ක, සහයෝගීතා අවකාශයන් සහ ආරම්භක සංවිධානයන් ස්ථාපිත කළ යුතුයි. සමීපව කටයුතු කිරීම නව අවස්ථාවන් උත්පාදනය කිරීමට ඉවහල් වන අතර  අධි-සංඛ්‍යාත ජාලකරණය, උපදේශකත්වය සහ හරස්-අංශ සහයෝගීතාවය සමාගම් ගොඩනැගීමට සහ වර්ධනය වේගවත් කිරීමට උපකාරී වෙනවා.ආයතනික ආරම්භක හවුල්කාරිත්වයන් ක්‍රියාකාරීව නිර්මාණය කිරීම ඔස්සේ නවෝත්පාදනයේ වේගවත් වාණිජකරණය සහතික කිරීමට හැකියාව ලැබෙනවා.”

මෙම Startup Nation Initiative  වැඩසටහන දියත් කරනු ලබන්නේ  හොඳම ආරම්භක ව්‍යාපාර සොයා ගැනීම සඳහා නොව ,  එය ක්‍රියාත්මක වන්නේ නවෝත්පාදනය, ආයෝජන සහ තිරසාරභාවය සංවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩගැස්වීම අරමුණු කරගනිමිනි.මෙහිදී  Hatch විසින් අදහස්  මට්ටමේ තිබෙන  ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාර සඳහා උපදේශකත්වය, සම්පත් සහ ජාල වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව  ලබා දෙයි. එය සීග්‍රයෙන්  වර්ධනය වන මෙරට ආරම්භක ව්‍යවසායකයන්  සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන ආයෝජකයින්ගේ සහ ආයතනවල ආකර්ෂණය ද පිරිනමයි.  එය ශ්‍රී ලංකාව ප්‍රමුඛ නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සපයන අතර  ව්‍යවසායකත්වය මෙහෙයවමින්  ආයෝජනය කිරීමට සහ ඒ  සඳහා අවශ්‍ය  මගපෙන්වීම ලබාදීමට සුදුසු ගමනාන්තයක් ලෙස කටයුතු කරයි.

Startup Nation Initiative සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අර්ථවත් අයුරින් දායකත්වය සපයන ශක්තිමත් සහ ඉහළ ඔරොත්තු දිමේ හැකියාවක් සහිත ආරම්භක පරිසර පද්ධතියක් ගොඩනැංවීමට අපේක්ෂා කරන අතර ඒ මඟින් ශ්‍රී ලංකාව වර්ධනය වෙමින් පවතින නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ආයෝජන අවස්ථා දිනා ගැනීමට සුදුසු  ව්‍යවසායකත්ව පරිසර පද්ධතියක් ස්ථාපනය කරයි. ජාතික සහ ගෝලීය වශයෙන් පවතින ගැටලු විසඳමින් ජාත්‍යන්තර මට්ටමේ, වර්ධනය කළ හැකි ආරම්භ ව්‍යාපාර ගොඩනැගීම සහ තිරසාර මෙන්ම ඉහළ බලපෑමක් ඇති ව්‍යාපාර ගොඩනැංවීම වෙනුවෙන් ප්‍රධාන කොටස්කරුවන්, ආරම්භකයන්, ආයෝජකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආයතනික හවුල්කරුවන් වැනි විවිධ පාර්ශ්වයන් ඒකරාශි කරන සහයෝගීතා අවකාශයක් නිර්මාණය  කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථයයි.

Hatch විසින් පසුගිය මාස 12 තුළදී සිංගප්පූරුව, වියට්නාමය, කොරියාව, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් ආයෝජකයන් සහ හවුල්කරුවන් සම්බන්ධ කර ගෙන තිබෙන අතර ආයෝජනය, වෙළෙඳපල ව්‍යාප්තිය සහ පේටන්ට් බලපත්‍ර සංවර්ධනය ඒකාබද්ධ කරන ආකෘතියක් දියත් කරමින් ඔවුන් මේ වන විටත් මූලික කටයුතු ආරම්භ කර ඇත. මෙය පරික්ෂාවට ලක් කරන ලද උපාය මාර්ගයක් වන අතර එය හුදෙක් වියුක්ත දැක්මක් නොවේ.එබැවින් මෙම ප්‍රවේශය ක්‍රියාවට නංවමින් ව්‍යාප්ත කළ යුතු වේ.

මෙම පරිවර්තනීය ගමනේ කොටස්කරුවෙකු වීමට ව්‍යවසායකයන්ට, ආයෝජකයන්ට, නව ආරම්භකයන්ට සහ ආයතනික නායකයන්ට  Hatch සාදරයෙන්  ඇරයුම් කරන අතර ඔබ නිසි දිශාව සොයන නැගී එන ව්‍යවසායකයෙකු  හෝ ඉහළ වර්ධන අපේක්ෂාවන් සොයන ආයෝජකයෙකු නම් මෙය Hatch සමග සම්බන්ධ වීමට හොඳම අවස්ථාව වනු ඇත.

Jeevan Gnanam, Co-founder of Hatch
7 News Pulse

Recent Posts

பேபிசெரமி அறிமுகப்படுத்தும் இலங்கையின் முதலாவது Generative AI ‘Baby Cheramy Diaper Helpdesk’ 24/7 நம்பிக்கைக்குரிய குழந்தை வளர்ப்பு பங்காளி

இலங்கையின் முதற்தர குழந்தைப் பராமரிப்பு வர்த்தக நாமமான பேபி செரமி, Baby Cheramy Diaper Helpdesk என்ற நாட்டின் முதல் Generative AI…

1 day ago

Autodesk Strengthens Commitment to Driving Innovation and Sustainability in Sri Lanka’s Construction Sector

Autodesk, together with its Value-Added Distributor Redington, recently hosted the Autodesk AEC Digital Construction Showcase…

1 day ago

Parental Intelligence (PI): பெற்றோருக்கான இலங்கையின் முதலாவது செயற்கை நுண்ணறிவு உதவியாளர்

அண்மையில் அறிமுகப்படுத்தப்பட்ட Parental Intelligence (PI) (பேரண்டல் இன்டெலிஜென்ஸ்) AI உதவித் தளமானது, இலங்கையின் கலாசாரத்துடன் தொடர்புடைய முதலாவது செயற்கை…

3 days ago

Nyne Hotels Immerses Travel Agents in Boutique Luxury Experience

Nyne Hotels, Sri Lanka’s exclusive collection of luxury boutique properties, recently hosted an experiential showcase…

3 days ago

Sri Lanka welcomes ‘Hello, to More’ as GWM and David Pieris Automobiles announce strategic partnership

Appoints DPA as an authorised distributor for GWM in Sri Lanka Launches hybrid and new…

3 days ago