Categories: Business

ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරන්නට INSEE සිමෙන්ති සහ ISMM උපායමාර්ගික හවුල්කාරීත්වයකට එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, රටේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ පරිවර්තනයක් වෙනුවෙන්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ.  පසුගිය දා කොළඹ පැවති උත්සවයකදී INSEE ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය සහ ISMM සභාපති ජයන්ත ගල්ලේහේවා යන මහත්වරුන් විසින් ආයතන දෙකෙහිම නියෝජිතයින් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම ඉලක්ක කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන ක්‍රමවේදයක් මෙම සහයෝගීතාවය මගින් ස්ථාපිත කෙරෙනු ඇත. සැපයුම් දාම කළමනාකරණ ක්ෂේත්‍රයට වඩාත් දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කර්මාන්ත සහ අධ්‍යයන අංශ දෙක අතර පරතරය අවම කිරීමට ද මෙම හවුල්කාරිත්වය මඟින් මූලික අවධානයක් යොමු කෙරේ.

“ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට උපායමාර්ගිකව එක්ව කටයුතු කිරීම මඟින් ආයතන දෙකටම ප්‍රතිලාභ සැලසෙනවා. INSEE සතු පුළුල් කර්මාන්ත විශේෂඥතාව සහ මෙහෙයුම් පිළිබඳ දැනුම වගේම ISMM වෙතින් ලබා දෙන අධ්‍යාපනික දැනුම සහ විශේෂිත පුහුණු වැඩසටහන් යන ප්‍රතිලාභ සියල්ල මේ හවුල්කාරීත්වය තුළින් ලැබීමේ අවස්ථාව උදා වෙනවා. සිසුන්ට සහ වෘත්තිකයන්ට වටිනා අවස්ථාවන් නිර්මාණය කිරීමටත්, සැපයුම් දාම ක්ෂේත්‍රයෛ් වර්ධනය වන අවශ්‍යතා සපුරන්නටත් අපි කැපවීමෙන් යුතුව එක්ව කටයුතු කරන්නට සූදානම්.” යනුවෙන් INSEE සිමෙන්ති ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා සඳහන් කළේය.

මෙම සුවිශේෂී ගිවිසුම යටතේ, INSEE සිමෙන්ති සමාගම විසින් කර්මාන්ත හා සැපයුම් දාම විශේෂඥ දැනුම ISMM සිසුන් සහ වෘත්තිකයන් වෙත ලබා දෙනු ඇති අතර, ඵලදායී සැපයුම් දාම මෙහෙයුම් පිළිබඳ සැබෑ ලෝකයේ උදාහරණ සමඟ මනා අවබෝධයක් මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ද මෙමඟින් ලබා දෙනු ඇත. අනෙක් අතට, ISMM විසින් INSEE සේවකයින් සඳහා විශේෂිත පුහුණු වැඩසටහන් මාලාවක් ලබා දීමට නියමිත අතර, සමාගමේ සුවිශේෂී අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වන අධ්‍යයන විශේෂඥතාව ලබා දෙමින් සැපයුම් දාම විෂය පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කරන්නට ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙම සහයෝගීතාවය හරහා පුළුල් ප්‍රායෝගික අවස්ථා රැසක් ද උදාවනු ඇති අතර, සුදුසුකම් ලත් ISMM සිසුන් සඳහා සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා INSEE වෙතින් පිරිනැමීමට නියමිතය. කර්මාන්තය හා සම්බන්ධ ක්ෂේත්‍ර චාරිකා සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සඳහා ආයතන දෙකම පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටින අතර, න්‍යායාත්මක දැනුම සමඟ ප්‍රායෝගික අවබෝධය ද මිශ්‍ර වූ පරිපූර්ණ ඉගෙනුම් අත්දැකීමක් මේ තුළින් ලැබෙන බවට සහතික කළ හැකිය. මෙම සහයෝගීතාව ක්‍රියාත්මක කෙරෙන කාල සීමාව පුරාම, ශ්‍රී ලංකාවේ සමස්ත සැපයුම් දාම ක්ෂේත්‍රයටම ප්‍රතිලාභ රැසක් හිමි වීමට නියමිත අතර, කර්මාන්ත ක්ෂේත්‍රයේ යහ භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට ද මේ හරහා කටයුතු කෙරෙනු ඇත.

මෙම හවුල්කාරිත්වය මඟින් ක්ෂේත්‍රයේ නියැලී සිටින විවිධ පාර්ශ්වකරුවන්ට ද සැලකිය යුතු අයුරින් ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සිසුන්ට සහ වෘත්තිකයන්ට තමන්ගේ වෘත්තීය අපේක්ෂාවන් ඉහළ නංවා ගන්නටත්, උසස් ගුණාත්මක පුහුණුවක් සඳහා හොඳ අවස්ථාවක් මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන සාර්ථකත්වයක් හිමි කරගන්නට ද මෙමඟින් නිසැකවම අවස්ථාව හිමි වනු ඇත. INSEE සේවකයින්ට, සැපයුම් දාම විෂය පිළිබඳ හැකියාවන් වර්ධනය කරගැනීමට විශේෂිත අධ්‍යයන පුහුණුවක් ද මේ යටතේ හිමි වේ. වඩාත් පුළුල් සැපයුම් දාම කටයුතුවලදී, ව්‍යාපාරවලට සහ ආර්ථිකයට සෘජුවම ප්‍රතිලාභ ලබා දිය හැකි ශක්තිමත්, වඩාත් දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට ද මෙම සහයෝගීතාව ඉවහල් වනු ඇති බව නොඅනුමානය.

ජාතික මට්ටමින්, සැපයුම් දාම කළමනාකරණ වෘත්තිකයන් සතු හැකියාවන් ශක්තිමත් කිරීම හරහා කර්මාන්ත ක්ෂේත්‍රයට වඩාත් ඉහළ කාර්යක්ෂමතාවක් ලැබිය හැකි අතර, ආර්ථික වර්ධනය සහ ගෝලීය තරඟකාරිත්වයට මුහුණ දීමට ද මෙමඟින් ලැබෙනුයේ සුවිසල් පිටිවහලකි. මෙම හවුල්කාරිත්වය, රටේ කර්මාන්ත-ශාස්ත්‍රීය අංශ අතර තිබිය යුතු මනා සමබරතාවය සඳහා වටිනා ආදර්ශයක් ලබා දෙන අතරම, මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට ආයතන දෙකම ඔවුන්ගේ උපරිම කැපවීම පෙන්නුම් කර ඇත.

මෙම හවුල්කාරීත්වය මඟින්, ශ්‍රී ලංකාවේ සැපයුම් දාම කළමනාකරණයේ අනාගතය හැඩගැස්වීමේ මෙහෙවරට ISMM අඛණ්ඩව පෙරමුණ ගන්නා අතර, නවෝත්පාදනය සහ තිරසර සංවර්ධනය සඳහා නිරන්තරයෙන් කැපවෙමින්, ශ්‍රී ලංකාව තුළ අනාගතයට ගැළපෙන සැපයුම් දාම පරිසරයක් නිර්මාණය කරන්නට INSEE සහතික වෙයි.

7 News Pulse

Recent Posts

Rajendra Theagarajah recognised with SLID–ACCA silver award for board leadership excellence

First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that…

2 weeks ago

இலங்கை வாகனச் சந்தையில் முதலிடம் பிடித்தது BYD புதிய மைல்கல்:

விநியோக மற்றும் சேவை வலையமைப்பை விரிவுபடுத்தவும் திட்டம் இலங்கையின் பேண்தகு போக்குவரத்துத் துறையில் ஒரு புதிய சகாப்தத்தின் ஆரம்பத்தைக் குறிக்கும்…

2 weeks ago

1880இல் இருந்து நிலம், மக்கள் மற்றும் பாரம்பரியத்தை மேம்படுத்தும் கன்னவெரெல்ல எஸ்டேட்

கன்னவெரெல்ல எஸ்டேட், 1880 இல் நிறுவப்பட்டது, இலங்கையின் வரலாற்று முக்கியத்துவம் வாய்ந்த தேயிலைத் தோட்டங்களில் ஒன்றாகக் கருதப்படுகிறது. அதன் தொடர்புடைய…

2 weeks ago

சர்வதேச பகல்-இரவு கிரிக்கெட் போட்டிகளுக்காக SSC மைதானத்தை ஒளிர்விக்கும் DIMO

SSC மைதானத்தில் அதிநவீன Floodlighting மின்னொளித் தொகுதியொன்றை திட்டமிட்டு, விநியோகித்தல், நிறுவுதல் மற்றும் செயற்பாட்டுக்குக் கொண்டுவருதல் உள்ளிட்ட பணிகளை DIMO…

2 weeks ago

தனது முதலாவது ஸ்மார்ட் பேருந்து பயணச்சீட்டு முறையை அறிமுகப்படுத்தியது இலங்கை

Nimbus Ventures நிறுவனத்துடன் இணைந்து Ceylon Business Appliances வழங்கும் பொதுப் போக்குவரத்து டிஜிட்டல் மயமாக்கலில் ஒரு தேசிய அளவிலான…

3 weeks ago

Altair Issues Over 100+ Title Deeds Post Ownership Change

Altair Residences have, over the past six months, seen more than 100 individual title deeds…

3 weeks ago