Categories: Business

ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්‍රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින් පසුගිය දා නවතම නිෂ්පාදනයක් ලෙස ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙන ලදී. ස්වභාවික කොහොඹ හා ලෙමන්ග්‍රාස් සාරයෙන් පරිපූර්ණ ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන්, සුමුදු ලෙස විසබීජවලින් සම ආරක්ෂා කරමින් ශරීරයේ දහදිය දුගඳ නැති කර දිගු වේලාවක් පවතින ප්‍රබෝධමත් සුවඳක් ලබා දෙයි.  

ශරීරයේ දහදිය දුගඳ ඉවත් කරමින් සම පැය ගණනක් නැවුම්ව තබා ගැනීමට  ස්වදේශී හඳුන්වා දුන්, අද කාලෙට ගැලපෙන freshම විසඳුම ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන්, ආකර්ෂණීය aqua blue දවටනයකින් සමන්විත අතර, රුපියල් 100ක පහසු මිලකින් ලබා ගත හැකිය.

මෙහි මව් සන්නාමය වන 1943 වසරේ දී වෙළඳ පොළට හඳුන්වා දුන් ස්වදේශී කොහොඹ සබන්, ආරම්භයේ පටන් අද දක්වාම, ශාකසාර සත්කාරක අංශයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගනියි. වසර 80ක විශ්වාසය රැඳි  ස්වදේශී කොහොඹ ශාකසාර සබන් , සම ස්වභාවිකව පිරිසිදු කරමින්,  සුමුදු ලෙස විසබීජවලින්  රැකවරණය ලබා දීම සඳහා විශිෂ්ට ලෙස දායක වේ. ස්වභාවික සුන්දරත්වය වැඩි දියුණු කරන, සම ගැඹුරින් පිරිසුදු කරන ගුණයන්ගෙන් ස්වදේශී කොහොඹ ශාකසාර සබන් සමන්විත වේ. මෙය සමට සුමුදු බවට ජාත්‍යන්තරව, චර්ම විශේෂඥයින් සහතික කර ඇත. (Internationally Dermatologically Tested)

ස්වදේශී කර්මාන්තායතනය, සිය නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව සිය පාරිභෝගිකයන් දැනුවත් කරන්නේ, කර්මාන්තායතනය සිය නිෂ්පාදන සඳහා මෙරට ඇති හොඳම ශාක සාර පමණක් භාවිතා කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකබව සහතික කිරීම සඳහා සියළු අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීම, නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වීම, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරන බව සහතික කරමිනි.

ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ස්වදේශී කර්මාන්තායතනයේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට කර්මාන්තායතනයේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.  සැබෑ ශ්‍රී ලාංකේය කර්මාන්තායතනයක් වන ස්වදේශී පසුගිය වසර 80 තුළ සිය සන්නාමයන් තුළින් ශාකසාර පෞද්ගලික සත්කාරක කර්මාන්තයේ ප්‍රථමයා බවට විවිධ නිෂ්පාදන යටතේ පත් වී තිබේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලදී. ස්වදේශී කර්මාන්තායතනය විසින් වෙළෙඳපොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්, බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ බොඩි වොෂ් සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා ශ්‍රී ලංකාවේ රුව වඩන ප්‍රමුඛතම සඳුන් සබන් සන්නාමය රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි. සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කර ඇත. එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

7 News Pulse

Recent Posts

Rajendra Theagarajah recognised with SLID–ACCA silver award for board leadership excellence

First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that…

2 weeks ago

இலங்கை வாகனச் சந்தையில் முதலிடம் பிடித்தது BYD புதிய மைல்கல்:

விநியோக மற்றும் சேவை வலையமைப்பை விரிவுபடுத்தவும் திட்டம் இலங்கையின் பேண்தகு போக்குவரத்துத் துறையில் ஒரு புதிய சகாப்தத்தின் ஆரம்பத்தைக் குறிக்கும்…

2 weeks ago

1880இல் இருந்து நிலம், மக்கள் மற்றும் பாரம்பரியத்தை மேம்படுத்தும் கன்னவெரெல்ல எஸ்டேட்

கன்னவெரெல்ல எஸ்டேட், 1880 இல் நிறுவப்பட்டது, இலங்கையின் வரலாற்று முக்கியத்துவம் வாய்ந்த தேயிலைத் தோட்டங்களில் ஒன்றாகக் கருதப்படுகிறது. அதன் தொடர்புடைய…

2 weeks ago

சர்வதேச பகல்-இரவு கிரிக்கெட் போட்டிகளுக்காக SSC மைதானத்தை ஒளிர்விக்கும் DIMO

SSC மைதானத்தில் அதிநவீன Floodlighting மின்னொளித் தொகுதியொன்றை திட்டமிட்டு, விநியோகித்தல், நிறுவுதல் மற்றும் செயற்பாட்டுக்குக் கொண்டுவருதல் உள்ளிட்ட பணிகளை DIMO…

2 weeks ago

தனது முதலாவது ஸ்மார்ட் பேருந்து பயணச்சீட்டு முறையை அறிமுகப்படுத்தியது இலங்கை

Nimbus Ventures நிறுவனத்துடன் இணைந்து Ceylon Business Appliances வழங்கும் பொதுப் போக்குவரத்து டிஜிட்டல் மயமாக்கலில் ஒரு தேசிய அளவிலான…

3 weeks ago

Altair Issues Over 100+ Title Deeds Post Ownership Change

Altair Residences have, over the past six months, seen more than 100 individual title deeds…

3 weeks ago