සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) විවිධ ආහාර නිෂ්පාදන සඳහා බහුකාර්ය නව ඇසුරුම් වරින් වර වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට සහාය වන උසස්ම තත්ත්වයේ පෝෂ්‍යදායී පිටි නිෂ්පාදන හඳුන්වා දෙමින්, දේශය පෝෂණය කිරීමේ කැපවීම නැවත නැවතත් සනාථ කොට ඇත.
SFML ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ පිටි කර්මාන්තයේ පුරෝගාමී බලවේගය ලෙස කැපී පෙනෙන මෙහෙවරක නිතර වූ සමාගමක් වන අතර ‘දේශය පෝෂණය කිරීමේ අරමුණ’ පෙරදැරිව ආ අභිමාවත් ගමන්මගෙහි 15වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේ, පුළුල් පරාසයක විහිදුණු ලාංකික ආහාර ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් ඉටු කළ නොසැලෙන කැපවීම රටටම පෙන්නුම් කරමිනි.
ලාංකික වෙළඳපොළට විශේෂිත පිටි වර්ග හඳුන්වා දුන් පළමු නිෂ්පාදකයා ලෙස, සියලුම පිටි ආහාර සඳහා තිරිඟු පිටි, රුලං, කේක් පිටි, චක්කි නැවුම් ආටා සහ සාමාන්‍ය පිටි ආදී වශයෙන් සුවිශේෂී නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රය තුළ පෙරළිකාර වෙනසක් ඇති කරන්නට SFML සමත් විය. මෙම නිෂ්පාදන පෙළ ගෘහස්ථ පාරිභෝගිකයන් සහ බේකරිකරුවන්ගේ සිට වාණිජ බේකරි සහ ආපනශාලා දක්වා පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික ප්‍රජාවක් ඉලක්ක කරමින් දියත් කෙරුණු අතර, 2012 වසරේ සිට රටේ වඩාත් ජනප්‍රියත්වයට පත් නිෂ්පාදන පෙළක් ලෙස ‘7 Star’ කරළියට පැමිණ ඇත.
15වන සංවත්සර සැමරුමට සමගාමීව SFML වෙතින් අලුතින් හඳුන්වා දුන් ‘7 Star’ නව සිල්ලර ඇසුරුම් පෙළ එළිදැක්වීම සුවිශේෂී අංගයක් ලෙස කැපී පෙනුණි. නව ඇසුරුම් පෙළ ආකර්ෂණීය විචිත්‍රවත් බවකින් යුතුව සැලසුම් කොට ඇති අතර, එය සන්නාමය සතු විශිෂ්ටත්වයේ උරුමය රැකගනිමින් සිල්ලර වෙළඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් පවත්වා ගැනීමට ද හේතු වනු නොඅනුමානය.
මෙම කැපී පෙනෙන වෙනස, SFML බේකිං සහ බේකරි නිෂ්පාදන සඳහා දක්වන උනන්දුවේ පිළිබිඹුවක් මෙන්ම, ශීඝ්‍රයෙන් වෙනස්වන නූතන වෙළඳපොළේ ඉල්ලුමට සරිලන ගුණාත්මක කැපවීමේ සංකේතයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. ගෘහස්ථ පාරිභෝගිකයන් හා බේකරිකරුවන්ගේ ප්‍රියතම තේරීම බවට ‘7 Star’ නව සිල්ලර ඇසුරුම් පෙළ නුදුරේදීම පත්වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.
නිෂ්පාදන සංවර්ධනය සහ ඇසුරුම් උපායමාර්ගවල නිරන්තර නවෝත්පාදනයන් තුළින්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා සහාය වන උසස් ප්‍රමිතියෙන් යුතු පෝෂ්‍යදායී පිටි සැපයීමේ ආයතනික අරමුණ වෙනුවෙන් SFML නිරතුරුවම ඇපකැප වී සිටියි. වසර 15කට වැඩි කාලයක් පුරා දේශය පෝෂණය කිරීමේ සන්ධිස්ථානය සනිටුහන් කළ SFML, දේශයේ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන්නට සුදුසු ලෙස හැඩගැසෙමින් විශිෂ්ටත්වයේ උරුමය අඛණ්ඩව පවත්වා ගන්නට ද සමත්ව ඇත.
Sporting excellence achieved for eight consecutive years SLT-MOBITEL, the National ICT Solutions Provider, continued its…
Shop, Win, and Create Memories That Last – Including an iPhone 17 Pro Giveaway! 26…
பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணம் வழங்குவதில் அனைத்து தரப்பினருடனும் சிறந்த ஒருங்கிணைப்புடன் செயல்படுவதன் மூலம், அந்த நன்மைகளை மக்களுக்கு மிகவும் பயனுள்ளதாகவும்…
களனி ஆற்றின் நீர்மட்டம் வேகமாக உயர்ந்து வருவதால், அம்பத்தலே வெள்ளக் கட்டுப்பாட்டுத் தடை நிரம்பி வழிகிறது என்று கொழும்பு மாவட்டச்…
இலங்கையின் பிரபல கானா பாடகர் "நவகம்புர கணேஷ்" உடல்நலக்குறைவால் இன்று(29 11 2025) மாலை காலமானார். தன்னுடைய உத்வேகமான குரலாலும்,…
நாட்டில் தற்போது நிலவும் அசாதரண நிலைமை காரணமாக ஜனாதிபதி அநுர குமார திஸாநாயக்க அவசர காலச் சட்டத்தை பிறப்பித்துள்ளார். டிட்வா…