Categories: Business

KIA ‘Sonet’ස්මාර්ට් SUV රථය සමඟින් ශ්‍රී ලංකාවේ ධාවකයින්ට නව පිබිදුමක්

මෙරට මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ උද්යෝගය තවත් තියුණු කරමින් KIA සන්නාමයේ නවතම SUV රථයක් ‘Sonet’ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට කැපී පෙනෙන ලෙස එළිදක්වන ලදී. 

Kia සන්නාමය විසින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපලට හඳුන්වා දීමට නියමිත නව SUV මාදිලි 12 අතරින් පළමුවැන්න මෙය බව සමාගම පවසයි.

අද වන විට මාර්ගවල ධාවනය වන SUV රථ අතර ඉහළින් ශේ්්‍රණිගත කර ඇති Kia Sonet රථය, එම වාහන පන්තියේ ප්‍රථම වතාවට ඉදිරිපත් වන විශේෂාංග 30 කටත් වඩා වැඩි ගණනකින් සමන්විත වේ. එය නව මිණුම් දඬුවක් නිර්මාණය කරන අතර ම තාක්ෂණය හා බැඳුනු අභිලාෂකාමී හා සමාජයීය සබඳතා ඇති පරම්පරාවක් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කර ඇත.

මෙරටට මුල්වරට පැමිණෙන Sonet SUV රථවල සුවිශේෂී පෙර දැක්මකදී මාධ්‍ය අමතමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා මෙසේ පැවසීය: “තම මාර්ග වල ආකර්ෂණීය නව මෝටර් රථ ධාවනය වනු දැකීමට ශ්‍රී ලාංකිකයින්හට බොහෝ කාලයක් සිට බලා සිටීමට සිදු වී ඇති අවධියක Sonet සැබවින් ම නැවුම් හුස්මක් වනු ඇත. Sonet හි ආක්‍රමණශීලී හා නවීන නිර්මිත භාෂාව, විනෝදයෙන් ධාවනය කිරීමට හැකි ලෙස නිර්මාණය කර ඇති මුහුණුවර, සහ Kia හි නවතම අධි තාක්ෂණික විශේෂාංග එයට මනා පිටුවහලක් වේ.,

“සන්නාමයේ විශ්වාසනීයත්වය, තරුණ්‍යය මුල් කරගත් ආකල්ප, ක්‍රීඩාශීලී බව, කැරලිකාර ජවය සහ සැලසුම් නිර්මාණයේ දී හීලෑ නොවූ නවමු ප්‍රවේශයන් මනාව විදහා දක්වමින් Kia හි සම්මානලාභී නිර්මාණ ශක්තීන් සියල්ලේම එකතුවෙන් Sonet හි සෑම අඟලක් පුරාම Kia SUV ලක්ෂණ පිලිබිඹු කරයි,, යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. “එහි ප්‍රතිඵලය වන්නේ Sonet රථය දකින ඕනෑම තැනක පුද්ගලයින්ගේ ආකර්ෂණය ඇද බැඳ ගැනීමයි.,

Kia Sonet SUV රථ බල ගැන්වෙන්නේ 1.0 T-GDi එන්ජිමකින් වන අතර එය වේග හතක් සහිත DCT ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණය හෝ Kia හි විප්ලවීය නව වේග හයක් සහිත Smartstream Semi-Auto (iMT) ට්‍රාන්ස්මිෂන් තාක්ෂණය යන මාදිලි දෙකෙන් තෝරා ගත හැකිය. මෙහි iMT මාදිලිය Kia විසින් පිරිනමන නව තාක්ෂණික දියුණුවක් වන අතර ක්ලච් පැඩලයක් නොමැති නිසා වෙහෙසට පත් නොවී රිය පැදවීමට මෙන් ම රියදුරුට සාම්ප්‍රදායික මැනුවල් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණයට සමාන අත්දැකීමක් ලබා දෙයි.

බාහිර නිර්මාණය සැලකීමේ දී, නවතම Sonet රථය Kia හි චිත්තාකර්ෂණීය විලාසිතාව සහ උසස් හා තාරුණ්‍යමය ආකර්ෂණය ඒකාබද්ධ කර ධාවන පථය මත ශක්තිමත් පැවැත්මක් නිර්මාණය කරයි. එහි විශ්වාසනීය සංයුක්ත දේහය සමඟින් Sonet රථයට ලොව පුරා වූ විවිධ මාර්ගවලට හැඩගැස්වීම සඳහා විවිධ මෝස්තර හා ගුණාංග ඇතුලත් කර ඇත. ඒ අතරට Kia හි ජනප්‍රිය ‘කොටි මුහුණ’ නියෝජනය කරන ඉදිරි කොටස සහ හදවතක විද්‍යුත් ස්පන්දනයට සමාන හැඩැති ‘හෘද ස්පන්දන’ LED DRL (දිවා කාලයේ ධාවන ලාම්පු) ඇතුලත් වේ. ‘හෘද ස්පන්දන’ LED ලාම්පු වාහනයේ පිටුපස ද අලංකාර කරන අතර Sonet වාහනය අඟල් 16ක ඇලෝයි රෝද වලින්ද සමන්විත වේ.

ඇතුලත නිර්මාණය සැලකීමේ දී, Sonet රථය රියදුරා පාදක කරගනිමින් හොඳින් සැලසුම් කර ඇති අතර භාවිතයට පහසු තොරතුරු ඉදිරිපත් කිරීමේ අතුරු මුහුණතක් සහ උසස් තත්ත්වයේ ද්‍රව්‍ය යොදා නිමවූ අභ්‍යන්තරයකින් සමන්විත වේ. Sonet රථයේ අභ්‍යන්තරයේ සම්පූර්ණ සුවපහසුව, ආරක්ෂාව සහ පාරිභෝගිකයින්ගේ ප්‍රශස්ත රිය පැදවීමේ අත්දැකීම ලබා දෙන ආකාරයට සියලුම මගීන් සඳහා ප්‍රමාණවත් ඉඩක් පවතියි.

ආරක්ෂාව සැලකීමේ දී, Kia සමාගම විසින් Sonet රථයේ සෑම ධාවනයක් ම හැකිතාක් විවේකීව හා ආරක්ෂිතව සිදුවන බවට සහතික කර ඇති අතර එහි වායු බෑග හයක්, ඉලෙක්ට්‍රොනික තිරිංග බල බෙදාහැරීම (EBD) සහිත ප්‍රති-අගුළු තිරිංග පද්ධතිය (ABS), ඉලෙක්ට්‍රොනික ස්ථායිතාව පාලනය (ESC), හිල්-ස්ටාට් සහය පාලනය (HAC), වාහන ස්ථායිතා කළමණාකරණය (VSM) සහ තිරිංග සහාය ඇතුලත් ආරක්ෂක අංග රැසක් ඇතුලත් වේ.

Kia මෝටර්ස් (ලංකා) සමාගම 1996 සිට ශ්‍රී ලංකාව තුළ Kia සන්නාමය නියෝජනය කර ඇති අතර එය මෙරට ජනප්‍රියතම මෝටර් රථ සන්නාමයක් බවට පත් කිරීමට ද දායක වී ඇත. 1994 දී ආරම්භ කරන ලද Kia සමාගම 2024 දී ලොව රටවල් 190 කට අධික සංඛ්‍යාවක වාහන 3,089,300 ක් අලෙවි කර ඇත. Kia සමාගම විදුලි වාහන වෙත ප්‍රවේශ වීමට පෙරමුණ ගෙන ඇති අතර ලොව පුරා නාගරික ප්‍රදේශවල ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා රථවාහන නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වයක් දක්වයි. සමාගමේ සන්නාම සටන් පාඨය “Movement that inspires” අපේක්ෂාවන් ඉක්මවා යන ආකර්ෂණීය හා ආශ්වාදජනක අත්දැකීම් සමඟින් ලෝකය පුදුම කරවීමට Kia හි ගෝලීය කැපවීම පිළිබිඹු කරයි.

7 News Pulse

Recent Posts

SLT-MOBITEL triumphs as Overall Runners-Up at 40th Annual Mercantile Athletics Championships 2025

Sporting excellence achieved for eight consecutive years SLT-MOBITEL, the National ICT Solutions Provider, continued its…

20 hours ago

Celebrate the Heartfelt Magic of Christmas with Seylan Cards

Shop, Win, and Create Memories That Last – Including an iPhone 17 Pro Giveaway! 26…

20 hours ago

மக்களுக்காக முன்வந்துள்ள அனைவருக்கும் நன்றி தெரிவித்த ஜனாதிபதி…!

பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணம் வழங்குவதில் அனைத்து தரப்பினருடனும் சிறந்த ஒருங்கிணைப்புடன் செயல்படுவதன் மூலம், அந்த நன்மைகளை மக்களுக்கு மிகவும் பயனுள்ளதாகவும்…

20 hours ago

வேகமாக உயர்ந்து வரும் களனி ஆற்றின் நீர்மட்டம் – மக்களை அவசரமாக வெளியேற உத்தரவு!

களனி ஆற்றின் நீர்மட்டம் வேகமாக உயர்ந்து வருவதால், அம்பத்தலே வெள்ளக் கட்டுப்பாட்டுத் தடை நிரம்பி வழிகிறது என்று கொழும்பு மாவட்டச்…

20 hours ago

மக்களின் மனதை வென்ற கலைஞர் மறைந்தார்.

இலங்கையின் பிரபல கானா பாடகர் "நவகம்புர கணேஷ்" உடல்நலக்குறைவால் இன்று(29 11 2025) மாலை காலமானார். தன்னுடைய உத்வேகமான குரலாலும்,…

1 day ago

நாட்டில் அவசர கால நிலை பிரகடனம்

நாட்டில் தற்போது நிலவும் அசாதரண நிலைமை காரணமாக ஜனாதிபதி அநுர குமார திஸாநாயக்க அவசர காலச் சட்டத்தை பிறப்பித்துள்ளார்.  டிட்வா…

2 days ago