Categories: Business

ජනශක්ති ලයිෆ්  Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී විසින් 2024 වසරේ දියත් කළ Drive Me වැඩසටහන 2025 ජනවාරි මාසයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි පැවති ගෞරවාන්විත සම්මාන උළෙලක් පැවැත්වීම තුළින් අවසාන විය. වසර පුරාවට සිය විකුණුම් ඉලක්කයන් අතික්‍රමණය කරමින් ඉහළ කාර්යසාධනයක් දැක්වූ විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ ජයග්‍රහණයන් ඇගයීම උදෙසා මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුනි. විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ සුවිශේෂී කැපවීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ දායකත්වය ප්‍රදර්ශනය වීම මෙහි සිදු විය. මෙම වැඩසටහනේ කැපී පෙනෙන විශේෂාංගයක් වූවේ විකුණුම් බලකායේ ජයග්‍රාහිකාවන් දෙදෙනෙකු සුවිශේෂී ඇගයීමකට ලක් වීමය. එමගින් සමාන අවස්ථා ලබා දීම සහ පූර්ණ සේවාස්ථානයක් නිර්මාණය කිරීමේ ලා ජනශක්ති ලයිෆ් දක්වන කැපවීම විද්‍යාමාන කරන්නක් විය.

සම්මාන උළෙලේදී හංවැල්ල ශාඛාවේ එල්. ඩී. එන්. පෙරේරා මහතා ඉහළම කර්යසාධනයක් දැක්වූ විකුණුම් කරු ලෙස සම්මාන දිනූ අතර, සිය කැපවීම හා දක්ෂතා විදහා දක්වමින් යාපනය නගර ශාඛාවේ සී. ජූඩ් මහතා විසින් දිනුම් ඇදීමේ ජයග්‍රහණය දිනාගනු ලැබුවේය. ජයග්‍රාහකයින් වෙත සම්මාන පිරිනැමීම ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ නිර්මාතෘ සහ සභාපති, සී.ටී.ඒ. ෂාෆ්ටර් මහතාගේ සුරතින් සිදු විය.

 “අපගේ විකුණුම් කණ්ඩායමේ දක්ෂතා සහ ඔවුන්ගේ කැපවීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා. මෙම සම්මාන උළෙල හරහා අපගේ අලෙවි කණ්ඩායම පසුගිය වසර තුළ දැක්වූ දක්ෂතා අගය කිරීම වගේම ඉදිරියේදීත් අලෙවි ඉලක්ක කරා අතිසාර්ථකව ගමන් කිරීම සඳහා ඔවුන්ට උත්තේජනයක් ලබා දීම අපගේ අරමුණයි. එමගින් කණ්ඩායමක් ලෙස ඉලක්ක සාක්ෂාත් කරගැනීමට මෙන්ම තිරසාරත්වය කරා ගමන් කිරීමට  ජනශක්ති ලයිෆ් සමාගමට ශක්තිය ලබාදෙන බව පැවසිය යුතුමයි.” යනුවෙන් ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා අදහස් දක්වමින් පැවසීය. 

ජනශක්ති ලයිෆ් සමාගම  2024 වසර සඳහා රුපියල් බිලියන 6.6ක දළ ලියා හරිත වාරික  ආදායමක් වාර්තා කිරීමට සමත් වූ  බවත්, එය පෙර වසරට සාපේක්ෂව 43% ක වර්ධනයක් බවත්, මෙම වර්ධනය, සමාගමේ ශක්තිමත් වෙළෙඳපොළ පැවැත්මට, පාරිභෝගික විශ්වාසයට සහ විශිෂ්ටත්වයට උදාහරණ සපයන බවත්, ඒ මහතා සඳහන් කර සිටියේය.  “මෙම වාර්තාගත ජයග්‍රහණය අපගේ මූල්‍ය වර්ධනයට සාක්ෂියක් වගේම නවෝත්පාදනය, නවතම තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබාදීමට අපගේ කැපවීම පිළිබිඹු කරන බව පැවසිය යුතුමයි. ජනශක්ති ලයිෆ් සමාගමේ අප සියලු දෙනා, සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව කටයුතු කරමින් ගනුදෙනුකරුවන් සඳහා  වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන බව අවධාරණය කිරීමට කැමතියි. අපගේ විකුණුම් කණ්ඩායමේ කැපවීම වගේම අති නවීන ඩිජිටල් සේවා හඳුන්වා දීම හරහා පෙර අත් නොවිඳි මට්ටමේ රක්ෂණ අත්දැකීමක් පාරිභෝගික ජනතාව වෙත ලබාදීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

මෙවර සම්මාන උළෙලේදී ඉහළම දක්ෂතා දැක්වූ අලෙවිකරුවා ලෙස සම්මාන දිනූ එල්. ඩී. එන්. පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “මගේ කැපවීම උදෙසා මෙවන් ගෞරවයක් හිමි වීම සැබවින්ම මා හට අභිමානයක්.  අපට විශිෂ්ටත්වය කරා ගමන් කිරීමට හැකි, ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජනශක්ති ලයිෆ් සමාගමට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සාර්ථකත්වය කරා යාමට මගේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් ලබා දුන් සහයෝගයට මගේ කෘතඥතාව පුද කර සිටිනවා.” යනුවෙනි.  

මෙහිදී දිනුම් ඇදීම තුළින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක, සී. ජූඩ් මහතා සඳහන් කර සිටියේ, “ ජයග්‍රාහී ලෙස ඉදිරියට යාමට මෙම සම්මානය මා හට ලැබුනු විශාල අභිප්‍රේරණයක් ලෙස හැඳින්විය හැකි අතර ජනශක්ති ලයිෆ් සමාගම විසින් ලබා දෙනු ලබන මනා පුහුණුව හා සහයෝගය තුළින් අති දක්ෂ වෘත්තිකයෙකු බවට පත් වීමට අපට නිරන්තර ශක්තිය ලබා දෙනවා.” යනුවෙනි.

ජනශක්ති ලයිෆ් සමාගම  සිය සමාගමේ සාර්ථකත්වයේ කොඳු නාරටිය වන විකුණුම් වෘත්තිකයින් බල ගැන්වීම වෙනුවෙන් විවිධ පුහුණු  හා සංවර්ධන වැඩසටහන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරන අතර, එම නිසාම පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබා දෙමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත වීමට ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇත.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී පිළිබඳව

1994 වසරේ දී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කෙරුණු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (ජනශක්ති ලයිෆ් සමාගම) වසර 30 කට ආසන්න කාලයක් පුරා දේශීය සන්නාමයක් මෙන්ම නවෝත්පාදකයකු ලෙස මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ස්ථානගත වීමට සමත්වී ඇත. දිවයින පුරා ස්ථාපිත 75කට අධික ශාඛා ජාලයකින් සහ ඇමතුම් මධ්‍යස්ථානයකින් සමන්විත ජනශක්ති ලයිෆ් සමාගම “ජීවිත නඟා සිටුවමින් සිහින සවි බල ගන්වමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වෙමින්, සිය පාරිභෝගික භවතුන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණයෙන් ඔබ්බට ගිය සේවාවක් ලබා දෙයි. මෙරට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට කැපවී සිටින ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී, රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන යන අංශ ඔස්සේ ක්‍රියාත්මක වන ජනශක්ති සමූහයේ සාමාජිකයෙකි.

7 News Pulse

Recent Posts

பேபிசெரமி அறிமுகப்படுத்தும் இலங்கையின் முதலாவது Generative AI ‘Baby Cheramy Diaper Helpdesk’ 24/7 நம்பிக்கைக்குரிய குழந்தை வளர்ப்பு பங்காளி

இலங்கையின் முதற்தர குழந்தைப் பராமரிப்பு வர்த்தக நாமமான பேபி செரமி, Baby Cheramy Diaper Helpdesk என்ற நாட்டின் முதல் Generative AI…

2 days ago

Autodesk Strengthens Commitment to Driving Innovation and Sustainability in Sri Lanka’s Construction Sector

Autodesk, together with its Value-Added Distributor Redington, recently hosted the Autodesk AEC Digital Construction Showcase…

2 days ago

Parental Intelligence (PI): பெற்றோருக்கான இலங்கையின் முதலாவது செயற்கை நுண்ணறிவு உதவியாளர்

அண்மையில் அறிமுகப்படுத்தப்பட்ட Parental Intelligence (PI) (பேரண்டல் இன்டெலிஜென்ஸ்) AI உதவித் தளமானது, இலங்கையின் கலாசாரத்துடன் தொடர்புடைய முதலாவது செயற்கை…

3 days ago

Nyne Hotels Immerses Travel Agents in Boutique Luxury Experience

Nyne Hotels, Sri Lanka’s exclusive collection of luxury boutique properties, recently hosted an experiential showcase…

3 days ago

Sri Lanka welcomes ‘Hello, to More’ as GWM and David Pieris Automobiles announce strategic partnership

Appoints DPA as an authorised distributor for GWM in Sri Lanka Launches hybrid and new…

3 days ago