Categories: Business

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්‍රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්‍යයයේ සහ සමස්ත සෞඛ්‍යයේ වැදගත්කම  අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍යය  දින තේමාව වන ‘Happy Mouth is a Happy Mind’ තේමාව අනුව යමින් ලින්ක් සුදන්ත සන්නාමය, මුඛ සෞඛ්‍ය සහ මානසික සුවතාව අතර ඇති සහසම්බන්ධතාව අවධාරණය කර ඇත. මෙහි ඇති වැදගත්කම හඳුනා ගෙන වඩාත් යහපත් මුඛ සෞඛ්‍යය පුරුදු ඇති කරවීම සඳහා විශේෂඥයින් විසින් සාකච්ජාවන් මෙහෙයවමින් දැනුම බෙදා දෙන ලදී.

කහවත්ත සහකාර ප්‍රාදේශීය ලේකම් ජේ.එන්.ටී.පී. කුමාරි මහත්මිය මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, දන්ත ශල්‍ය වෛද්‍ය අරුණ අබේවර්ධන මහතා විසින් මුඛ සෞඛ්‍යය සහ සමස්ත සෞඛ්‍යය අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාව පිළිබඳව දේශනයක් පැවැත්වීය.  සම්මානලාභී පුහුණුකරුවෙකු, කතුවරයෙකු සහ උපදේශකයෙකු වන භාතිය අර්ථනායක මහතා ද රැස්ව සිටි පිරිස අමතමින්, හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම පුද්ගලයෙකුගේ ආත්ම විශ්වාසය වැඩි කර, ආතතිය අඩු කර ධනාත්මක මානසිකත්වයක් ගොඩ නැගීමට දායක වන බවට අදහස් දැක්වීය.. රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාලයේ පීඨාධිපති තක්ෂිලා ජයමිණි මහත්මිය ද සහභාගී මෙම වැඩසටහන වෙත සහභාගි විය.

මෙම වැඩසටහන වෙත සහභාගී වූවන්ට අත්‍යවශ්‍ය දන්ත වෛද්‍ය සේවාවන් සහ උපදෙස් සැපයීම සඳහා වෙන් කළ සුදන්ත ජංගම දන්ත සායනය, වැඩසටහන තුළ දී සුවිශේෂී ලෙස කැපී පෙනුණි. මේ අවස්ථාව පිළිබඳව සිය අදහස් දක්වමින්, ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් හි අලෙවි ප්‍රධානි, රාජ් කුමාර් මහතා, “මුඛ සෞඛ්‍යය රැක ගැනීම සඳහා කාර්යක්ෂමව ක්‍රියා කරන, සුවිශේෂී ස්වභාවික අමුද්‍රව්‍ය 09ක සංයෝජනයකින් ලින්ක් සුදන්ත සමන්විත වෙනවා. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සායනික අත්හදා බැලීම් දෙකක් හරහා සායනිකව තහවුරු කර ඇති අතර ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යනයක් තුළින් ද මෙය තවදුරටත් විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් මුඛ සෞඛ්‍යයක් සඳහා ප්‍රවේශය ලබා දීම සඳහා අපි කැප වී සිටිනවා. අපගේ මුඛ සෞඛ්‍යය දැනුවත් කිරීම් සහ ජංගම දන්ත සායන වැඩසටහන් තුළින්, මෙම වසර තුල පුද්ගලයන් 10,800කට වැඩි දෙනෙකුට අවශ්‍ය දන්ත ප්‍රතිකාර සේවාවන් සපයා ඇති අතර හා දිවයින පුරා සිටින 120,000 වැඩි පිරිසකට මුඛ සෞඛ්‍යයයේ වැදගත්කම පිළිබදව අධ්‍යාපනය ලබා දී ලබා දී ඇති අතර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ලින්ක් නැචුරල් ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරනවා” යනුවෙන් සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක් වූ ඔහු, “හුදෙක් මුඛ සෞඛ්‍යය සන්නාමයකට එහා ගිය සන්නාමයක් වන ලින්ක් සුදන්ත, සමස්ත සෞඛ්‍යය රැක ගැනීම සඳහා පෙනී සිටිනවා. මුඛයේ අහිතකර බැක්ටීරියා වැළැක්වීමට ලින්ක් සුදන්ත ඵලදායී ලෙස ක්‍රියා කරන බවට දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් සායනිකව හා විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා. වසර 25කට වැඩි ඉතිහාසයක් සමඟින් නිරෝගී ජාතියක් බිහි කිරීම සඳහා වූ  සන්නාමයේ මෙහෙවරෙහි නොසැලී සිටිනවා. එසේම සන්නාමයේ මෙම අරමුණ ශක්තිමත් කරමින් විශේෂඥයින්, සංවිධාන සහ නිල ආයතන සමඟ අඛණ්ඩව සහයෝගීව කටයුතු කරනවා.” යනුවෙන්  පැවසීය. ලින්ක් සුදන්ත හි අසමසම කැපවීම සහ පර්යේෂණ මතින් තහවුරු කරන ලද විශ්වසනීය නිෂ්පාදන තුළින්,  සමස්ත සෞඛ්‍යයට, පෞර්ෂත්වයට හා උසස් ජීවන තත්වයක් සඳහා මඟක් ලෙස යහපත් මුඛ සෞඛ්‍යයක් අනුගමනය කිරීමට සන්නාමය විසින් පුද්ගලයන් සවිබල ගන්වයි.

About Link Natural

පුරාණ ආයුර්වේදය, නවීන විද්‍යාව හා තාක්‍ෂණය සමඟ එක් කරමින් දේශීය හා විදේශීය පාරිභෝගිකයින් වෙත  උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමේ ප්‍රමුඛයා වන ලින්ක් නැචුරල්, ශ්‍රී ලංකාවේ ඖෂධීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී සළකුණකි. සායනික  අත්හදා බැලීම්, සහ පර්යේෂණ මත පදනම් වූ ආයතනයක් ලෙස ප්‍රසිද්ධ ලින්ක් නැචුරල්, සමහන්, සුදන්ත, ස්වස්ත අමෘත, ස්වස්ත ත්‍රිපලා, Musclegard, SP Balm, කේෂා ඇතුළු බොහෝ නිෂ්පාදන සඳහා නිවහන වන අතර පරම්පරා ගණනාවක් සඳහා පරිපූර්ණ සුවතාවයක් ලබා දී තිබේ.

7 News Pulse

Recent Posts

COYLE and JETRO Sign Landmark MoU to Champion Health and Productivity in Sri Lanka

Chamber of Lankan Entrepreneurs (COYLE) and the Japan External Trade Organization (JETRO) officially signed a…

7 hours ago

Dialog Enterprise Powers HNB Investment Bank’s Digital Transformation with Future-Ready Cloud and Communication Solutions

Dialog Enterprise, the corporate solutions arm of Dialog Axiata PLC, has partnered with HNB Investment…

7 hours ago

ஹாவஸ்டர் ரபர் ட்ரக்கிற்கு இலங்கையில் ஒரேயொரு உத்தரவாத பத்திரம் வழங்கப்படுவது DIMO வழங்கும் LOVOL ஹாவஸ்டரிற்கு மாத்திரம்

இலங்கையில் ஹாவெஸ்டர் ஒன்றில் உள்ள ரப்பர் ட்ரக்குகளுக்கு வழங்கப்படும் முதன்முறையானதும் ஒரேயொரு உத்தியோகபூர்வமானதுமான உத்தரவாதத்தை DIMO Agribusinesses நிறுவனம் தனது…

7 hours ago

HNB Finance இன் “திரியென் தியுனுவட்ட ” நிதிஅறிவுத்திறன்பயிற்சிப் பட்டறையின்அடுத்தகட்டம்புத்தளத்தில்

இலங்கையின் முன்னணி நிதி நிறுவனமான HNB Finance PLC, நுண் மற்றும் சிறிய அளவிலான தொழில் முனைவோரின் நிதி அறிவுத்திறனை…

7 hours ago

Disrupt Asia 2025 positions Sri Lanka as regional Innovation Hub and amplifies international presence

Accelerating Sri Lanka’s digital future, Disrupt Asia 2025, South Asia’s premier startup conference and innovation…

7 hours ago

Alumex நிறுவனத்திற்கு AEO Tier I சான்றிதழ்: வர்த்தக ஒழுங்குமுறை மற்றும் உலகளாவிய விநியோகச் சங்கிலி விசேடத்துவத்தில் முன்னேற்றம்

Alumex வாடிக்கையாளர்களுக்கு மேம்பட்ட நம்பகத்தன்மை, வேகமான விநியோகம் Hayleys Group நிறுவனத்தின் உறுப்பினரான, நாட்டின் முன்னணி அலுமினிய உற்பத்தியாளராக திகழும்…

7 hours ago