Categories: Business

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්හි නියෝජිත කණ්ඩායම තායිලන්තයේ කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේදී කෘෂි-නවෝත්පාදනය සඳහා වූ වැඩසටහනක් සාර්ථකව නිම කරයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි විවිධ අංශ නියෝජනය කරන නායකත්ව කණ්ඩායමක්, තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය හා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) එක්ව පවත්වන ලද කෘෂි නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර වැඩසටහනක් සාර්ථකව නිම කර ඇත.

සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත්වුණු මෙම වැඩසටහනේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසාය අංශයේ තිරසාර වර්ධනය වේගවත් කිරීම සඳහා ගොවිපළෙහි ඵලදායිතාව, සැපයුම් සිට වෙළඳපොළ දක්වාත් අවදානම් කළමනාකරණය සහ පාරිභෝගික අවබෝධය දක්වා වූ සමස්ත වටිනාකම් දාමයේ (value-chain) නවෝත්පාදනයන් පිළිබඳවයි.

“Agri-Innovate: A Value Creation Journey from Soil to Shelf” ලෙස නම් කර තිබූ මෙම වැඩසටහන මඟින් විවිධ අංශවලට අදාළව දැනුම, ක්ෂේත්‍ර චාරිකාද ඇතුළත් කරමින් සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වූ SDF කණ්ඩායමට පුළුල් අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදී. විකුණුම්, මෙහෙයුම්, ණයදීම් සහ අයකරගැනීම් යන අංශයන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් මෙන්ම කලාප ප්‍රධානීන් සහ ලීසිං, SME, නිවාස ණය සේවා අංශයන්හි ඇතුළත් මෙම කණ්ඩායම, ගණුදෙනුකරුවන් සමඟ සෘජුව ගනුදෙනු කරන SDF හි සේවා සැපයීමේ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් වේ.

වැඩසටහන පැවති සතිය පුරා මෙම කණ්ඩායම අගය එකතු කරන ලද නිෂ්පාදන සංවර්ධනය සහ වෙළඳ නාමකරණය පිළිබඳ සැසි සම්පූර්ණ කළ අතර, One Stop Dairy Farm, Talaad Thai  නැවුම් නිෂ්පාදන වෙළඳපොළ, ප්‍රධාන ආනයන/ප්‍රජා තොග සහ සිල්ලර වෙළඳ මධ්‍යස්ථාන සහ තෝරාගත් ගොවිපළ/නිෂ්පාදන අලෙවිසැල් සඳහා මඟපෙන්වන ලද සංචාරයන්ටද සහභාගී විය.

මෙම පුළුල් අත්දැකීම තුළින් වටිනාකම් දාමයන් හඳුනාගැනීමටත්, මිල තීරණය කිරීම සහ සැපයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, පාරිභෝගික අදහස් මූල්‍ය විසඳුම් බවට පරිවර්තනය කිරීමටත් SDF හි  ඇති හැකියාව ශක්තිමත් විය. එමඟින් ක්ෂේත්‍රයේ යථාර්ථයන්, වටිනාකම් දාම මූල්‍යනය, ඩිජිටල් එකතු කිරීම් සහ ග්‍රාමීය පාරිභෝගිකයන් සඳහා වන අවදානම් පාලනයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය: “මෙම වැඩසටහන හුදෙක් අධ්‍යයන සංචාරයක් නොව, හැකියාවන් සංවර්ධනය සඳහා වූ උපායමාර්ගික ආයෝජනයක්. වටිනාකම් පදනම් කරගත් මූල්‍ය ආයතනයක් ලෙස අපගේ මෙහෙවර වන්නේ ගොවීන්, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  ගොවිපළවල්, වෙළඳපොළ, තාක්‍ෂණය සහ සාධාරණ මූල්‍ය ක්‍රම සමඟ සම්බන්ධ කරමින් ඔවුන්ගේ දියුණුවට දායක වීමයි. කැසෙට්සාර්ට්හිදී අපගේ මුල් පෙළ කළමණාකරුවන් ලබාගත් දැනුම, කෘෂි ණය ක්‍රමවේද ශක්තිමත් කිරීමටත්, සෘතුමය අවදානම් අවම කරන සේවා නිර්මාණය කිරීමටත් අපගේ ශාඛා ජාලය පුරා වඩා හොඳ සේවා විනයක් තහවුරු කිරීමටත් අපට උපකාරී වේ.

අස්ථාවර වාතාවරණ තුළ, ඔරොත්තු දීමේ හැකියාව ඉබේ ඇතිවන්නක් නොව, සැලසුම් සහගතව ගොඩනැගිය යුත්තකි. මෙවැනි වැඩසටහන් මඟින්, හොඳ කන්නයක්, තිරසාර ජීවනෝපායක් බවටත්, දේශීය ව්‍යවසායකත්වය ජාතික වර්ධනයේ අඩිතාලමක් බවටත් පත්කිරීමටත් අවශ්‍ය හැකියාව අපගේ කාර්ය මණ්ඩලයට ලැබේ.”

බෝග ආර්ථික විද්‍යාව, මිල තීරණය කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, ගුණාත්මකභාවය සහ දත්ත මත පදනම් වූ පාරිභෝගික සම්බන්ධතා පිළිබඳ වූ මෙම වැඩසටහනින් ලබාගත් දැනුම, SDF හි ඊළඟ වටයේ සේවා නිෂ්පාදන සහ ප්‍රතිපත්තිමය නවීකරණයන් සඳහා ඉවහල් වනු ඇත.

මෙහිදී ප්‍රමුඛතා අතරට වඩාත් නිවැරදි වටිනාකම් දාම හඳුනා ගැනීම, නිශ්චිත ඉලක්ක සහිත කාරක ප්‍රාග්ධනය සහ උපකරණ සඳහා වන මූල්‍ය පහසුකම් සැලසීම සහ අස්වනු නෙළන කාලය හා මුදල් ප්‍රවාහයන්ට අනුකූල වන පරිදි නැවත ගෙවීමේ කාලසටහන් සකස් කිරීමත් එමඟින් ණය කළඹ අධීක්‍ෂණය ශක්තිමත් කිරීමත් ඇතුළත් වේ.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් යනු ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයන්, ගොවි ප්‍රජාවන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ ග්‍රාමීය ව්‍යවසායයන් සඳහා සේවය සලසන, වටිනාකම් මත පදනම් වූ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයකි. මානුෂීයත්වය මුල් කරගත් දර්ශනයකින් සහ තිරසාර මූල්‍යකරණයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මෙහෙයවනු ලබන SDF, වාණිජ විනය සමඟ ප්‍රජා බලපෑම ඒකාබද්ධ කරමින් සාධාරණ වර්ධනයක් සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාවක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.

7 News Pulse

View Comments

  • **mindvault**

    mindvault is a premium cognitive support formula created for adults 45+. It’s thoughtfully designed to help maintain clear thinking

Recent Posts

SLT-MOBITEL triumphs as Overall Runners-Up at 40th Annual Mercantile Athletics Championships 2025

Sporting excellence achieved for eight consecutive years SLT-MOBITEL, the National ICT Solutions Provider, continued its…

21 hours ago

Celebrate the Heartfelt Magic of Christmas with Seylan Cards

Shop, Win, and Create Memories That Last – Including an iPhone 17 Pro Giveaway! 26…

21 hours ago

மக்களுக்காக முன்வந்துள்ள அனைவருக்கும் நன்றி தெரிவித்த ஜனாதிபதி…!

பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணம் வழங்குவதில் அனைத்து தரப்பினருடனும் சிறந்த ஒருங்கிணைப்புடன் செயல்படுவதன் மூலம், அந்த நன்மைகளை மக்களுக்கு மிகவும் பயனுள்ளதாகவும்…

21 hours ago

வேகமாக உயர்ந்து வரும் களனி ஆற்றின் நீர்மட்டம் – மக்களை அவசரமாக வெளியேற உத்தரவு!

களனி ஆற்றின் நீர்மட்டம் வேகமாக உயர்ந்து வருவதால், அம்பத்தலே வெள்ளக் கட்டுப்பாட்டுத் தடை நிரம்பி வழிகிறது என்று கொழும்பு மாவட்டச்…

21 hours ago

மக்களின் மனதை வென்ற கலைஞர் மறைந்தார்.

இலங்கையின் பிரபல கானா பாடகர் "நவகம்புர கணேஷ்" உடல்நலக்குறைவால் இன்று(29 11 2025) மாலை காலமானார். தன்னுடைய உத்வேகமான குரலாலும்,…

1 day ago

நாட்டில் அவசர கால நிலை பிரகடனம்

நாட்டில் தற்போது நிலவும் அசாதரண நிலைமை காரணமாக ஜனாதிபதி அநுர குமார திஸாநாயக்க அவசர காலச் சட்டத்தை பிறப்பித்துள்ளார்.  டிட்வா…

2 days ago