A high-level fireside panel featuring Jeff Hoffman, Jeevan Gnanam, Yuen Wong, and the Deputy Minister of Tourism of Sri Lanka, moderated by Cherrie Chan, explored how travel innovation, entrepreneurship, and digital / AI infrastructure can help Sri Lanka compete more effectively on the global stage. Held under the theme “The Sri Lanka Destination Stack –…
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්හි නියෝජිත කණ්ඩායම තායිලන්තයේ කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේදී කෘෂි-නවෝත්පාදනය සඳහා වූ වැඩසටහනක් සාර්ථකව නිම කරයි.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි විවිධ අංශ නියෝජනය කරන නායකත්ව කණ්ඩායමක්, තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය හා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) එක්ව පවත්වන ලද කෘෂි නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර වැඩසටහනක් සාර්ථකව නිම කර ඇත.
සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත්වුණු මෙම වැඩසටහනේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසාය අංශයේ තිරසාර වර්ධනය වේගවත් කිරීම සඳහා ගොවිපළෙහි ඵලදායිතාව, සැපයුම් සිට වෙළඳපොළ දක්වාත් අවදානම් කළමනාකරණය සහ පාරිභෝගික අවබෝධය දක්වා වූ සමස්ත වටිනාකම් දාමයේ (value-chain) නවෝත්පාදනයන් පිළිබඳවයි.
“Agri-Innovate: A Value Creation Journey from Soil to Shelf” ලෙස නම් කර තිබූ මෙම වැඩසටහන මඟින් විවිධ අංශවලට අදාළව දැනුම, ක්ෂේත්‍ර චාරිකාද ඇතුළත් කරමින් සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වූ SDF කණ්ඩායමට පුළුල් අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදී. විකුණුම්, මෙහෙයුම්, ණයදීම් සහ අයකරගැනීම් යන අංශයන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් මෙන්ම කලාප ප්‍රධානීන් සහ ලීසිං, SME, නිවාස ණය සේවා අංශයන්හි ඇතුළත් මෙම කණ්ඩායම, ගණුදෙනුකරුවන් සමඟ සෘජුව ගනුදෙනු කරන SDF හි සේවා සැපයීමේ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් වේ.
වැඩසටහන පැවති සතිය පුරා මෙම කණ්ඩායම අගය එකතු කරන ලද නිෂ්පාදන සංවර්ධනය සහ වෙළඳ නාමකරණය පිළිබඳ සැසි සම්පූර්ණ කළ අතර, One Stop Dairy Farm, Talaad Thai නැවුම් නිෂ්පාදන වෙළඳපොළ, ප්‍රධාන ආනයන/ප්‍රජා තොග සහ සිල්ලර වෙළඳ මධ්‍යස්ථාන සහ තෝරාගත් ගොවිපළ/නිෂ්පාදන අලෙවිසැල් සඳහා මඟපෙන්වන ලද සංචාරයන්ටද සහභාගී විය.
මෙම පුළුල් අත්දැකීම තුළින් වටිනාකම් දාමයන් හඳුනාගැනීමටත්, මිල තීරණය කිරීම සහ සැපයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, පාරිභෝගික අදහස් මූල්‍ය විසඳුම් බවට පරිවර්තනය කිරීමටත් SDF හි ඇති හැකියාව ශක්තිමත් විය. එමඟින් ක්ෂේත්‍රයේ යථාර්ථයන්, වටිනාකම් දාම මූල්‍යනය, ඩිජිටල් එකතු කිරීම් සහ ග්‍රාමීය පාරිභෝගිකයන් සඳහා වන අවදානම් පාලනයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය: “මෙම වැඩසටහන හුදෙක් අධ්‍යයන සංචාරයක් නොව, හැකියාවන් සංවර්ධනය සඳහා වූ උපායමාර්ගික ආයෝජනයක්. වටිනාකම් පදනම් කරගත් මූල්‍ය ආයතනයක් ලෙස අපගේ මෙහෙවර වන්නේ ගොවීන්, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගොවිපළවල්, වෙළඳපොළ, තාක්‍ෂණය සහ සාධාරණ මූල්‍ය ක්‍රම සමඟ සම්බන්ධ කරමින් ඔවුන්ගේ දියුණුවට දායක වීමයි. කැසෙට්සාර්ට්හිදී අපගේ මුල් පෙළ කළමණාකරුවන් ලබාගත් දැනුම, කෘෂි ණය ක්‍රමවේද ශක්තිමත් කිරීමටත්, සෘතුමය අවදානම් අවම කරන සේවා නිර්මාණය කිරීමටත් අපගේ ශාඛා ජාලය පුරා වඩා හොඳ සේවා විනයක් තහවුරු කිරීමටත් අපට උපකාරී වේ.
අස්ථාවර වාතාවරණ තුළ, ඔරොත්තු දීමේ හැකියාව ඉබේ ඇතිවන්නක් නොව, සැලසුම් සහගතව ගොඩනැගිය යුත්තකි. මෙවැනි වැඩසටහන් මඟින්, හොඳ කන්නයක්, තිරසාර ජීවනෝපායක් බවටත්, දේශීය ව්‍යවසායකත්වය ජාතික වර්ධනයේ අඩිතාලමක් බවටත් පත්කිරීමටත් අවශ්‍ය හැකියාව අපගේ කාර්ය මණ්ඩලයට ලැබේ.”
බෝග ආර්ථික විද්‍යාව, මිල තීරණය කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, ගුණාත්මකභාවය සහ දත්ත මත පදනම් වූ පාරිභෝගික සම්බන්ධතා පිළිබඳ වූ මෙම වැඩසටහනින් ලබාගත් දැනුම, SDF හි ඊළඟ වටයේ සේවා නිෂ්පාදන සහ ප්‍රතිපත්තිමය නවීකරණයන් සඳහා ඉවහල් වනු ඇත.
මෙහිදී ප්‍රමුඛතා අතරට වඩාත් නිවැරදි වටිනාකම් දාම හඳුනා ගැනීම, නිශ්චිත ඉලක්ක සහිත කාරක ප්‍රාග්ධනය සහ උපකරණ සඳහා වන මූල්‍ය පහසුකම් සැලසීම සහ අස්වනු නෙළන කාලය හා මුදල් ප්‍රවාහයන්ට අනුකූල වන පරිදි නැවත ගෙවීමේ කාලසටහන් සකස් කිරීමත් එමඟින් ණය කළඹ අධීක්‍ෂණය ශක්තිමත් කිරීමත් ඇතුළත් වේ.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් යනු ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයන්, ගොවි ප්‍රජාවන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ ග්‍රාමීය ව්‍යවසායයන් සඳහා සේවය සලසන, වටිනාකම් මත පදනම් වූ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයකි. මානුෂීයත්වය මුල් කරගත් දර්ශනයකින් සහ තිරසාර මූල්‍යකරණයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මෙහෙයවනු ලබන SDF, වාණිජ විනය සමඟ ප්‍රජා බලපෑම ඒකාබද්ධ කරමින් සාධාරණ වර්ධනයක් සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාවක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.

**mindvault**
mindvault is a premium cognitive support formula created for adults 45+. It’s thoughtfully designed to help maintain clear thinking
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.