A high-level fireside panel featuring Jeff Hoffman, Jeevan Gnanam, Yuen Wong, and the Deputy Minister of Tourism of Sri Lanka, moderated by Cherrie Chan, explored how travel innovation, entrepreneurship, and digital / AI infrastructure can help Sri Lanka compete more effectively on the global stage. Held under the theme “The Sri Lanka Destination Stack –…
ලෝක පරිසර දිනය සමරමින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් විසින් පාසල් රුක් රෝපණ වැඩසටහනක් දියත් කෙරේ
දේශය පෝෂණය කරමින්, මිහිතලය පොහොසත් කරමු
තිරසර පරිසරයක් නිර්මාණය කරන්නට දිගු කාලයක් පුරා ලබා දුන් සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, 2025 ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන්නට සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (SFML) කටයුතු කරනු ලැබීය. ජුනි 5 දිනට යෙදී තිබූ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ, පාසල් දරුවන් තුළ පරිසරය රැකගැනීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහ පාසල් දරුවන්ගේ කෘෂි අධ්‍යාපන දැනුම වර්ධනයට සහය වීමයි.
2025 ජුනි 05 වන දින බප/හෝ/ පිටිපන මහා විද්‍යාලයේදී සමාරම්භක පාසල් රුක් රෝපණ වැඩසටහන පැවැත් වූ අතර එහිදී, SFML සමාගම විසින් පාසලට පළතුරු පැළ සහ අත්‍යවශ්‍ය කෘෂිකාර්මික මෙවලම් රැසක් ද පරිත්‍යාග කරන ලදී.
පාසල් භූමියේ මුල්ම ගස් පෙළ සිටුවීමේ කාර්යයට, SFML හි ජ්‍යෙෂ්ට ප්‍රධානීන් පිරිසක් ද සිසුන් හා ගුරුවරුන් සමඟ සම්බන්ධ විය.
පාසල් නියෝජිතයින්ගේ පිළිගැනීමේ අදහස් දැක්වීම් සමඟින් උත්සවය ආරම්භ වූ අතර, පසුව SFML සමාගමේ තත්ත්ව පාලන අංශයේ පංචනි කරුණාසේන මෙනවිය විසින් සමාගම සහ ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමක් සිදු කරන ලදී. පාසලේ විදුහල්පති සහ පැළෑටි වෛරස් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයේ උපදේශක විසින් ද අදහස් කිහිපයක් බෙදා ගත් අතර, මෙම උත්සවයේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණ.
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් හි ප්‍රධාන විධායක නිළධාරී, විජේ ශර්මා මහතා විසින් සිදු කළ ඉතා ආකර්ෂණීය අදහස් දැක්වීමෙන් පසු පාසලට උපකරණ කට්ටල නිළ වශයෙන් භාර දීම සිදු කෙරිණ. පැමිණ පිරිස සඳහා පවත්වන ලද සුවිශේෂී දිනුම් ඇදීමට සිසුන් ඉතා උනන්දුවෙන් සහභාගී විය.
මෙම උත්සවයේ කැපී පෙනෙන වැදගත්ම සිදුවීම වූයේ සෙරන්ඩිබ් කණ්ඩායම සහ සිසුන් සමඟ එක්ව සිදු කරන ලද අර්ථවත් රුක් රෝපණ ප්‍රයත්නයයි. ඵලදායී අධ්‍යාපනික හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කරමින් ස්තූති කතාවත් සමඟ උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.
2030 වසර වන විට ගස් දහසක් මිහිතලයට දායාද කිරීමේ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් හි ISO 14064-1 ඉලක්කය වෙනුවෙන් සිදු කරන කැපවීමට මෙම රුක් රෝපණ වැඩසටහන ද සෘජුවම දායක වූවකි. ශ්‍රී ලංකාවේ වන ආවරණය වැඩි කරමින්, ස්වාභාවික කාබන් උරා ගැනීම හරහා හරිතාගාර වායු විමෝචනය 25%කින් අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ප්‍රයත්නය ඉවහල් වනු ඇත. ඒ අනුව, 2035 දී කාබන් උදාසීන කිරීමේ අරමුණ වෙනුවෙන් සමාගම විසින් දියත් කළ තවත් ඵලදායී මෙහෙවරක් මේ තුළින් ඉටු වූ බව සඳහන් කළ හැකිය.
මෙම පාසල් රුක් රෝපණ ව්‍යාපෘතිය, තිරසාර හරිතවත් උරුමයක් දේශයට දායාද කිරීම සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම පෙන්වන තවත් එක් සුවිශේෂී උදාහරණයකි. දේශය පෝෂණය කිරීම යනු නිතැතින්ම අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම දක්වා විහිදෙන පුළුල් මෙහෙවරක් බව සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් මේ තුළින් නැවත නැවතත් තහවුරු කරන්නට සමත්ව ඇත.

I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you. https://www.binance.info/register?ref=QCGZMHR6