Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටම් හා ප්රතිලාභ රැසක්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී මූල්‍ය විසඳුමක් වන ‘සෙලාන් හරසර’ ගිණුම, ආසිරි රෝහල් හා රසායනාගාර, Vison Care සහ විජිත යාපා පොත්හල් සමඟ ඇති කර ගත් ඩෙබිට් කාඩ්පත් හවුල්කාරීත්වයන් ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ වෛද්‍ය සේවා අවශ්‍යතා සහ ජීවිතයේ වෙනත් විවිධ අවශ්‍යතා සඳහා වැදගත් වන වට්ටම් එකතුවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති වඩාත්ම පරිපූර්ණ මූල්‍ය සේවාවන්ගෙන් එකක් වන ‘සෙලාන් හරසර’ ගිණුම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් එම අවශ්‍යතා සපුරාලන සුවිශේෂී මූල්‍ය විසඳුමකි.
ආසිරි රෝහල් හා රසායනාගාරවලදී ‘සෙලාන් හරසර’ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 20% ක් දක්වා වට්ටම් හිමි වේ. විෂන් කෙයාර් අලෙවිසැල්වලදී ඔවුන්ට ඇස් කන්නාඩි, අවු කන්නාඩි සහ ශ්‍රවණාධාර සඳහා 10% ක් දක්වා වට්ටම් හිමි වන අතර, නොමිලේ අක්ෂි පරීක්ෂණ, වර්ණ පෙනීමේ පරීක්ෂණ සහ ශ්‍රවණ පරීක්ෂණ සේවාවන් පිරිනැමීමටද කටයුතු යොදා ඇත. විජිත යාපා පොත්හල්වලදී හරසර ඩෙබිට් කාඩ්පත් හිමියන්ට දේශීය හා විදේශීය පොත්පත් සඳහා 15% ක් දක්වා වට්ටම් හිමි වේ. මෙය සෙලාන් බැංකුව තම ගිණුම් හිමියන්ගේ කායික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳවද දැඩි උනන්දුවක් දක්වන බව තහවුරු කරන සාධකයකි.
මීට අමතරව සෙලාන් බැංකුවේ Mega Rewards වැඩසටහන යටතේ හරසර ගිණුම් හිමියන්ගේ 60 වැනි උපන්දිනය, විශ්‍රාම යාම, විවාහ සංවත්සර සහ සැත්කම් වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවලදී අනිවාර්යයෙන්ම මුදල් ත්‍යාග පිරිනැමේ. මෙහිදී ඔවුන්ගේ සැත්කම් වියදම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ කාච මිලදී ගැනීමේ වියදම් වැනි පිරිවැය සඳහා රු. 200,000 ක් දක්වා ප්‍රතිපූරණය කෙරේ.
තවද නිසි සුදුසුකම් සපුරාලන ‘සෙලාන් හරසර’ ගිණුම් හිමියන්ට ‘වාර්ෂික වෛද්‍ය ප්‍රතිලාභය’ හිමි කර ගැනීමටද අවස්ථාව හිමි වනු ඇත. එපමණක් නොව සෙලාන් බැංකුවේ සියලුම ශාඛාවන් හරහා ක්‍රියාත්මක වන, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම වෙන් වූ සේවාවක් වන ‘සුහද සේවා’ මෙන්ම ‘සෙලාන් හරසර’ ගිණුම් හිමියන්ට රු. මිලියන 5 ක් දක්වා විශ්‍රාම ණය ලබාගැනීමටද අවස්ථාව උදා කර දී තිබේ.
“සෙලාන් හරසර යනු සෙලාන් බැංකුවේ මූලධර්ම සහ වටිනාකම් පිළිබිඹු කරන ගිණුමක්. අපේ අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු හැකිතාක් දුරකට සරල කිරීමයි. එමෙන්ම අප සෑමවිටම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙන බව සෙලාන් හරසර ගිණුම මගින් මැනැවින් පැහැදිලි වනවා. සෙලාන් හරසර යනු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් රටේ ආර්ථිකය වෙනුවෙන් මෙන්ම, රටේ වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ලද කැපකිරීම් වෙනුවෙන් පිදෙන උපහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.