Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත් වර්ධනය කිරීමට RAB සමඟ එක්වේ
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන් පිරිසක් සහභාගී වූ අතර, මෙය යුද හමුදා රෝහල, Hemas රෝහල (වත්තල), Durdans රෝහල සහ Lanka Hospitals යන රෝහල්වල දී පවත්වන ලදී. මෙම වැඩසටහනේ දී ප්‍රසව හා නාරිවේද සම්බන්ධ මූලික ස්කෑනිං ශිල්පීය ක්‍රම, දැඩි සත්කාර ඒකකයන්ටම විශේෂිත වේගවත් ස්කෑන් කිරිමේ ශිල්පීය ක්‍රම, සහ පාදයේ හෝ සැක සහිත ශිරා වල රුධිර ගමනාගමනය සම්බන්ධ ස්කෑනිං ක්‍රමවේදයන් ආදී විෂයන් සම්බන්ධව වැඩිදුර දැනුම බෙදාදීම සිදුකරන ලදී.
RAB නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු අල්ට්රා සවුන්ඩ් තාක්ෂණවේදින්ගේ මඟපෙන්වීම යටතේ, සහභාගීවූන්ට ප්‍රායෝගික හා න්‍යාය දැනුම එකට එකතු කරමින් මෙම පුහුණු වැඩසටහන් පවත්වන ලදී. RAB හි VITAL වැඩසටහන, වෛද්‍යවරුන්ට අල්ට්රා සවුන්ඩ් ස්කෑන් තුළින් රෝග ඉතා ඉක්මනින් හඳුනාගනිමින් කඩිනම් ප්‍රතිකාර හරහා රෝගීන්ට ඉහළ සත්කාරයක් ලබාදීමට උපකාරී වන, පුහුණු වැඩසටහනක් ලෙස දැනටමත් ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වේ.
DIMO Healthcare මෙහිදී රෝහල්, සහ RAB විශේෂඥයින් සම්බන්ධීකරණය කරමින් සාර්ථකව වැඩසටහන් පැවැත්වීම සඳහා කටයුතු කරන ලදී.
මේ පිළිබඳ අදහස් පළ කරමින් DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මෙසේ පැවසීය: “විකිරණවේද ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන් සිටින Siemens Healthineers හි ශ්‍රී ලාංකීය නියෝජිතයා ලෙස, DIMO Healthcare ජාත්‍යන්ත සෞඛ්‍යය ක්ෂේත්‍රයේත් ලාංකීය සෞඛ්‍යය අංශයත් අතර ඇති දැනුම් පරතරය පිරවීම අපගේ වගකීමක් ලෙස අප විශ්වාස කරනවා. මෙවන් පුහුණු වැඩසටහන් තුළින් අපට රටේ සෞඛ්‍යය ප්‍රමිතීන් උසස් කිරීමටත්, වෛද්‍යවරුන්ට රෝග ඉක්මනින් හඳුනාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් හැකි වෙනවා.”
RAB නියෝජනය කළ සාහිඩා සොටර් මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය: “RAB අපගේ අරමුණ වන්නේ සංවර්ධනය වන රටවල්වල සෞඛ්‍යය අංශ සඳහා විකිරණවේදය පිළිබඳ දැනුම සහ පුහුණුව බෙදාදීමය. DIMO Healthcare හා Siemens Healthineers සමඟ ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන් සිදුකිරීම තුළින් අපගේ දැනුම ලාංකීය සෞඛ්‍යය වෘත්තිකයන් හට බෙදාදීමට අපට හැකි වුණා. RAB VITAL වැඩසටහන හරහා අප දැනටමත්, ෆිජි, වියට්නාමය, කුක් දූපත්, සොලමන් දූපත්, පැපුවා නිව්ගිනියාව, මොන්ගෝලියාව සහ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ ඇතුළු රටවල් ගණනාවක විශේෂඥයන් පුහුණු කර තිබෙනවා ”
DIMO Healthcare සෞඛ්‍යය විසඳුම් සැපයුම්කරුවෙකුටත් වඩා ඔබ්බට යමින් දැනුම බෙදාගැනීම තුළින් සබඳතා ගොඩනඟන වෘත්තිමය හවුල්කරුවෙකු ලෙස තම භූමිකාව නැවත අර්ථ දක්වමින් නිරෝගිමත් ජාතියක් බිහිකිරීමට දායක වේ.
**mitolyn reviews**
Mitolyn is a carefully developed, plant-based formula created to help support metabolic efficiency and encourage healthy, lasting weight management.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you. https://accounts.binance.info/kz/register/person?ref=K8NFKJBQ