Categories: Business

CINEC 2026 Open Day නිවේදනය කරයි

2026 ජනවාරි, කොළඹ: මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් බාධාවකින් තොරව සහභාගී වීමේ අවස්ථාව හිමිකර දීම සඳහා සැසි කිහිපයක් ලෙස සංවිධානකර තිබූ එම උළෙල මෙරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස CINEC සතු කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කළේය. මෙම සුවිශේෂී සංධිස්ථානයේ තවත් අදියරක් ලෙස CINEC Open Day 2026 ජනවාරි මස 24 වනදා උදෑසන 9 සිට මාලඹේ CINEC Campus පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉදිරියේදී CINEC සමග සම්බන්ධ වීමට නියමිත සිසුන් හට පාඨමාලා විකල්ප, වෘත්තීය ගමන්මග, ඇතුළත් වීමේ ක්‍රමවේදය සහ පහසුකම් පිළිබඳ විධිමත් මාර්ගෝපදේශයක් ලබා දීම මෙහි අරමුණයි.

පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවය, මෙතෙක් CINEC පැවැත්වූ විශාලතම උපාධි ප්‍රදානෝත්සවයවන අතර එමගින් සමුද්‍රීය විද්‍යා, ඉංජිනේරු, පරිගණක, කළමනාකරණ, ගුවන් සේවා, සෞඛ්‍ය විද්‍යා, අධ්‍යාපන සහ කාර්මික ඇතුළු පුළුල් පරාසයක විහිදුණු අධ්‍යාපන වැඩසටහන් මනාව විදහා දැක්වීය.

“අපගේ උපාධි ප්‍රදානෝත්සවය සහ Open Day මගින් අප පිරිනමන පුළුල් අධ්‍යාපන අවස්ථා, හැකියාව සහ ඉදිරිගාමී දැක්ම පිළිබිඹු වනවා. අපගේ පහසුකම් වැඩිදියුණු කිරීමටත්, කර්මාන්ත පදනම්කර ගත් පාඨමාලා හඳුන්වා දීමටත් දේශීයව මෙන්ම විදේශීයව ද තරගකාරී උසස් අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා හිමිකර ගැනීමට සිසුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අඛණ්ඩව ආයෝජනය කිරීමට අප කටයුතු කරනවා,” යනුවෙන් මෙහිදී CINEC Campus හි ජ්‍යෙෂ්ඨ උපදේශක අද්මිරාල් තිසර සමරසිංහ මහතා සඳහන් කළේය.

2025 Open Day හරහා දේශීය සහ විදේශීය පිළිගත් පාඨමාලා 200 කට අධික ප්‍රමාණයක් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමටත්, උසස්පෙළ අවසන්කර ඇති සිසුන්ට සහ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන සිසුන්ට ඇති උසස් අධ්‍යාපන අවස්ථා හඳුනා ගැනීමටත්, ජාත්‍යන්තර හුවමාරු සඳහා ඇති ගමන් මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබේ. තවද මෙහිදී පීඨවල නියෝජිතයින් සෘජුවම හමු වී ශිෂ්‍ය සේවා සහ බැංකු හවුල්කරුවන් පිළිබඳ විස්තර ලබා ගැනීමටත්, සමුද්‍රීය සහ පාලම් සමාකෘති, විද්‍යා සහ සෞඛ්‍ය රසායනාගාර, ඉහළ පෙළේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, Lear Jet ගුවන් යානය, නෞකාව සහ ක්‍රීඩා පහසුකම් ඇතුළු CINEC සතු ලෝක මට්ටමේ පහසුකම් දැකබලා ගැනීමටත් මේ සඳහා සහභාගීවන පිරිසට අවස්ථාව උදා වේ. සිසුන් සහ දෙමාපියන් සඳහා මාලඹේ සිට ප්‍රවාහන පහසුකම් ද ලබා දීමට කටයුතු යොදා ඇති අතර එදිනම ලියාපදිංචිවන සිසුන් හට මුල්‍ය සහන ලබා දීමට ද සැලසුම්කර ඇත.

7 News Pulse

Recent Posts

குடிபோதையில் வாகனம் ஓட்டிய 309 பேர் உட்பட பலர் கைது!

நாடு முழுவதும் முன்னெடுக்கப்பட்டு வரும் விசேட குற்றத் தடுப்பு மற்றும் போதைப்பொருள் ஒழிப்பு நடவடிக்கைகளின் போது, நேற்று (18) மட்டும்…

1 hour ago

இலங்கை சிறைச்சாலைத் துறை: ஓய்வுபெற்ற அதிகாரிகளை மீண்டும் பணியமர்த்த தீர்மானம்!

65 வயதுக்குட்பட்ட ஓய்வுபெற்ற சிறைச்சாலை அதிகாரிகளை ஒப்பந்த அடிப்படையில் மீண்டும் பணியில் அமர்த்த சிறைச்சாலைத் துறை தீர்மானித்துள்ளது. முதலாம் மற்றும்…

3 hours ago

எரிவாயு தட்டுப்பாடு ஏற்படாது: லிட்ரோ நிறுவனம் அதிரடி அறிவிப்பு!

நாட்டில் எரிவாயு தட்டுப்பாடு ஏற்படும் என அச்சப்படத் தேவையில்லை என்று லிட்ரோ (Litro) எரிவாயு நிறுவனம் வாடிக்கையாளர்களுக்கு உறுதியளித்துள்ளது. போதிய…

3 hours ago

தென்கொரிய முன்னாள் அதிபர் யூன் சுக் இயோலுக்கு ஆயுள் தண்டனை!

தென்கொரியாவின் முன்னாள் அதிபர் யூன் சுக் இயோலுக்கு (Yoon Suk Yeol) அந்நாட்டு நீதிமன்றம் ஆயுள் தண்டனை விதித்துத் தீர்ப்பளித்துள்ளது.…

4 hours ago

AI மாநாட்டில் ஜனாதிபதி : ‘யாரையும் கைவிடாத தொழில்நுட்ப வளர்ச்சி அவசியம்!

இந்தியாவின் புதுடில்லியில் நடைபெற்ற 'AI IMPACT SUMMIT 2026' மாநாட்டில் உரையாற்றிய இலங்கை ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க, செயற்கை நுண்ணறிவு…

4 hours ago

Rajendra Theagarajah recognised with SLID–ACCA silver award for board leadership excellence

First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that…

2 weeks ago