Siyapatha Finance PLC recently expanded its island-wide footprint with the successful inauguration of its 64th branch in Bandarawela. Strategically located in scenic hill town in the Badulla District, the latest branch offers convenient and wider access to tailored, customer-centric financial solutions. The branch was ceremoniously declared open by Siyapatha Finance PLC Chief Executive Officer (CEO)…
CINEC 2026 Open Day නිවේදනය කරයි
2026 ජනවාරි, කොළඹ: මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් බාධාවකින් තොරව සහභාගී වීමේ අවස්ථාව හිමිකර දීම සඳහා සැසි කිහිපයක් ලෙස සංවිධානකර තිබූ එම උළෙල මෙරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස CINEC සතු කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කළේය. මෙම සුවිශේෂී සංධිස්ථානයේ තවත් අදියරක් ලෙස CINEC Open Day 2026 ජනවාරි මස 24 වනදා උදෑසන 9 සිට මාලඹේ CINEC Campus පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉදිරියේදී CINEC සමග සම්බන්ධ වීමට නියමිත සිසුන් හට පාඨමාලා විකල්ප, වෘත්තීය ගමන්මග, ඇතුළත් වීමේ ක්‍රමවේදය සහ පහසුකම් පිළිබඳ විධිමත් මාර්ගෝපදේශයක් ලබා දීම මෙහි අරමුණයි.
පසුගියදා පැවති උපාධි ප්රදානෝත්සවය, මෙතෙක් CINEC පැවැත්වූ විශාලතම උපාධි ප්රදානෝත්සවයවන අතර එමගින් සමුද්‍රීය විද්‍යා, ඉංජිනේරු, පරිගණක, කළමනාකරණ, ගුවන් සේවා, සෞඛ්‍ය විද්‍යා, අධ්‍යාපන සහ කාර්මික ඇතුළු පුළුල් පරාසයක විහිදුණු අධ්‍යාපන වැඩසටහන් මනාව විදහා දැක්වීය.
“අපගේ උපාධි ප්රදානෝත්සවය සහ Open Day මගින් අප පිරිනමන පුළුල් අධ්‍යාපන අවස්ථා, හැකියාව සහ ඉදිරිගාමී දැක්ම පිළිබිඹු වනවා. අපගේ පහසුකම් වැඩිදියුණු කිරීමටත්, කර්මාන්ත පදනම්කර ගත් පාඨමාලා හඳුන්වා දීමටත් දේශීයව මෙන්ම විදේශීයව ද තරගකාරී උසස් අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා හිමිකර ගැනීමට සිසුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අඛණ්ඩව ආයෝජනය කිරීමට අප කටයුතු කරනවා,” යනුවෙන් මෙහිදී CINEC Campus හි ජ්‍යෙෂ්ඨ උපදේශක අද්මිරාල් තිසර සමරසිංහ මහතා සඳහන් කළේය.
2025 Open Day හරහා දේශීය සහ විදේශීය පිළිගත් පාඨමාලා 200 කට අධික ප්‍රමාණයක් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමටත්, උසස්පෙළ අවසන්කර ඇති සිසුන්ට සහ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන සිසුන්ට ඇති උසස් අධ්‍යාපන අවස්ථා හඳුනා ගැනීමටත්, ජාත්‍යන්තර හුවමාරු සඳහා ඇති ගමන් මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබේ. තවද මෙහිදී පීඨවල නියෝජිතයින් සෘජුවම හමු වී ශිෂ්‍ය සේවා සහ බැංකු හවුල්කරුවන් පිළිබඳ විස්තර ලබා ගැනීමටත්, සමුද්‍රීය සහ පාලම් සමාකෘති, විද්‍යා සහ සෞඛ්‍ය රසායනාගාර, ඉහළ පෙළේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, Lear Jet ගුවන් යානය, නෞකාව සහ ක්‍රීඩා පහසුකම් ඇතුළු CINEC සතු ලෝක මට්ටමේ පහසුකම් දැකබලා ගැනීමටත් මේ සඳහා සහභාගීවන පිරිසට අවස්ථාව උදා වේ. සිසුන් සහ දෙමාපියන් සඳහා මාලඹේ සිට ප්‍රවාහන පහසුකම් ද ලබා දීමට කටයුතු යොදා ඇති අතර එදිනම ලියාපදිංචිවන සිසුන් හට මුල්‍ය සහන ලබා දීමට ද සැලසුම්කර ඇත.