Categories: Business

DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා අංශයේ ප්‍රමුඛයෙකු වන DIMO Healthcare, අක්මාව ආශ්‍රිත රෝග හඳුනා ගැනීම පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදු කරන Echosens FibroScan® Expert 630 යන්ත්‍රය මෙරටට  ප්‍රථම වරට හදුන්වා දී ඇත. අක්මාවේ සෞඛ්‍යය කළමනාකරණය සඳහා ලෝක ප්‍රමිතිය ලෙස පිළිගත් මෙම නවෝත්පාදන තාක්ෂණය මඟින් අක්මාවේ රෝග මුල් අවධියේ දී හඳුනා ගැනීම, රෝග විනිශ්චය සහ අඛණ්ඩව අධීක්ෂණය වැඩිදියුණු කරන අතර වඩා හොඳ රෝගී සත්කාරයක් සහතික කරයි.

ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය DIMO Healthcare, වත්තල Hemas Hospital හි නව අක්මා මධ්‍යස්ථානය තුළ සාර්ථකව ස්ථාපනය කරන ලදී. සෞඛ්‍යය සේවා ක්ෂේත්‍රය තුළ සමාගම විසින් ගොඩනඟා ගෙන ඇති විශිෂ්ට කීර්තිනාමය සහ අලෙවියෙන් පසු ලබාදෙන සුවිශේෂී සේවා හේතුවෙන් Hemas Hospitals මේ සඳහා DIMO Healthcare තෝරා ගනු ලැබීය.

Hemas Hospitals හි  අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා සහ තත්ව) වෛද්‍ය මලිත් අතපත්තු මහතා පැවසුවේ “Echosens FibroScan® Expert 630 හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍යය සේවා සැපයුම්කරු වීමට ලැබීම අපට ගෞරවයක් වන අතර එය අපගේ අක්මා ආශ්‍රිත සත්කාර සේවාවන්හි සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරනවා. මෙම හඳුන්වාදීම වත්තල Hemas Hospital හි විශේෂිත අක්මා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අපගේ දැක්ම සඳහා සහාය වන අතර, එමඟින් අපගේ සායනික සේවා පුළුල් කිරීමට අපට හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

Hemas Hospitals හි අධ්‍යක්ෂ  සාමාන්‍ය අධිකාරී, ප්‍රභාන් ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” මෙම තාක්‍ෂණය සමඟින් රෝග අවදානමක් සහිත ප්‍රජාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, උසස් තත්ත්වයේ අක්මා සෞඛ්‍යය  තක්සේරු කිරීම් ලබා දීම අපගේ අරමුණයි.”

“DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මේ පිළිබඳව  ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “DIMO Healthcare හට මෙම නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. සෞඛ්‍යය සේවා වෘත්තිකයින්ට නිවැරදි සහ කාලීන අක්මා සෞඛ්‍යය තක්සේරුවක් ලබාදීම Echosens FibroScan® Expert 630 මඟින් සිදු කරනු ලබනවා. මෙරට එකම Echosens නියෝජිතයා ලෙස, අපි විශ්වසනීය අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදීම සහතික කරනවා. ශ්‍රී ලාංකිකයින්ගේ සිහින හා අභිලාෂයන් බලගන්වමින් සෞඛ්‍යය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා අපගේ කැපවීම මෙමඟින් පෙන්නුම් කරනවා.”

FibroScan® Expert 630 වැනි නවතම තාක්‍ෂණයන් හඳුන්වාදීමෙන් දිවයින පුරා සෞඛ්‍යය සේවා වෘත්තිකයින්ගේ අඛණ්ඩ අධ්‍යයන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු පහසු කරවන අතර එමඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා පද්ධතිය ඉහළ නැංවීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනවා.

ජාත්‍යන්තර  මට්ටමේ සෞඛ්‍යය සේවා විසඳුම් හදුන්වාදීම පිළිබඳව කීර්තියක් උසුලන DIMO Healthcare,  රට පුරා සෞඛ්‍යය සේවා සපයන්නන් සඳහා විශ්වාසදායක පාර්ශවකරුවකු ලෙස සිය ස්ථාවරය තහවුරු  කරයි.

Echosens FibroScan® Expert 630
7 News Pulse

Recent Posts

பேபிசெரமி அறிமுகப்படுத்தும் இலங்கையின் முதலாவது Generative AI ‘Baby Cheramy Diaper Helpdesk’ 24/7 நம்பிக்கைக்குரிய குழந்தை வளர்ப்பு பங்காளி

இலங்கையின் முதற்தர குழந்தைப் பராமரிப்பு வர்த்தக நாமமான பேபி செரமி, Baby Cheramy Diaper Helpdesk என்ற நாட்டின் முதல் Generative AI…

2 days ago

Autodesk Strengthens Commitment to Driving Innovation and Sustainability in Sri Lanka’s Construction Sector

Autodesk, together with its Value-Added Distributor Redington, recently hosted the Autodesk AEC Digital Construction Showcase…

2 days ago

Parental Intelligence (PI): பெற்றோருக்கான இலங்கையின் முதலாவது செயற்கை நுண்ணறிவு உதவியாளர்

அண்மையில் அறிமுகப்படுத்தப்பட்ட Parental Intelligence (PI) (பேரண்டல் இன்டெலிஜென்ஸ்) AI உதவித் தளமானது, இலங்கையின் கலாசாரத்துடன் தொடர்புடைய முதலாவது செயற்கை…

4 days ago

Nyne Hotels Immerses Travel Agents in Boutique Luxury Experience

Nyne Hotels, Sri Lanka’s exclusive collection of luxury boutique properties, recently hosted an experiential showcase…

4 days ago

Sri Lanka welcomes ‘Hello, to More’ as GWM and David Pieris Automobiles announce strategic partnership

Appoints DPA as an authorised distributor for GWM in Sri Lanka Launches hybrid and new…

4 days ago