Sporting excellence achieved for eight consecutive years SLT-MOBITEL, the National ICT Solutions Provider, continued its remarkable sporting legacy with a standout performance at the 40th Annual Mercantile Athletics Championships 2025, bringing home the prestigious Overall Runners-Up title for the eighth year running. Competing over three action-packed days on 14th, 15th and 16th November 2025 at…
SLT-MOBITEL අනුග්‍රහය සමගින් නවෝත්පාදන රැසක් එළිදැක්වුණු SLIoT Challenge 2025 සාර්ථක ලෙස නිමාව දකී
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet of Things (IoT) තරගාවලිය ලෙස සැලකෙන SLIoT Challenge හි 2025 අදියරටත් අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. නවෝත්පාදන දිරිගන්වමින් තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා දක්වන නිරන්තර උත්සාහයෙහි තවත් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මෙම තරගාවලියට මෙවරත් අනුග්‍රහය ලබාදෙන ලදී.
තරගාවලියේ අවසන් මහා තරගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. තරගාවලිය පුරාවටම හුදෙක් සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයකට සීමා නොවී, SLIoT 2025 තරගාවලියේ නිම්වළලු පුළුල් කිරීම සඳහා SLT-MOBITEL සුවිශාල දායකත්වයක් ලබාදුන්නේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශය විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමග අත්වැල් බැඳගෙන මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. රට පුරා වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ තරුණ වෘත්තිකයන් සිය ගණනක් එයට සහභාගී වූහ. පාසල්, විශ්ව විද්‍යාල සහ විවෘත යන කාණ්ඩ යටතේ තරග පැවැත්වුණු අතර, එහිදී ලෝකයේ පවතින ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් යෝජනා කරන සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට අත්වැලක් වන, IoT පදනම් කරගත් පෙරළිකාරී විසඳුම් රැසක් දැකගත හැකි විය.
තරගාවලියට සමගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේදී Microcontrollers සහ IoT Basics වැනි විෂයන් සම්බන්ධ වැඩමුළුවක් ඇතුළුව, තරගකරුවන්ට බෙහෙවින් වැදගත් වූ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට SLT-MOBITEL කටයුතු යොදා තිබිණි. එම වැඩසටහන්වලදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය උපදේශකවරුන් විසින් IoT මූලධර්ම සහ ප්‍රායෝගික Microcontroller Programming යනාදිය සම්බන්ධයෙන් තරගකරුවන් දැනුවත් කරන ලදී.
තරගාවලියේ කාණ්ඩ සියල්ල යටතේ විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් වී තිබූ අතර, ඒ අතරින් විශිෂ්ටතම නිර්මාණ පෙළකට ජයග්‍රහණ හිමි විය. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට SLT-MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා ප්‍රමුඛව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූ අතර, තරගාවලියේ ජයග්‍රාහකයන්ගේ දක්ෂතා හා කුසලතා ඔවුන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් විය.
විශිෂ්ට නිර්මාණශීලීත්වයක් හා තාක්ෂණික විශිෂ්ටත්වයක් පිළිබිඹු කරමින් තරගාවලියේ පාසල් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ Neuroverse සමත් විය. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ Sentinel විසින්ද, තෙවැනි ස්ථානය ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේ Senuka විසින්ද දිනාගන්නා ලදී. මේ ජයග්‍රහණ සියල්ල, ලෝකයේ පවතින සැබෑ ගැටලුවලට IoT තුළින් විසඳුම් සෙවීම සඳහා පාසල් දරුවන් තුළ ඇති විශිෂ්ට හැකියාව මනා පිළිබිඹු වන්නක් විය.
විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණ සියල්ලම දිනාගන්නා ලද්දේ මොරටුව විශ්ව විද්‍යාලය විසිනි. එහිදී ප්‍රථම ස්ථානය Zypher විසින්ද, දෙවැනි ස්ථානය Dyson Sphere විසින්ද, තුන්වැනි ස්ථානය Aqua Guard විසින්ද දිනාගන්නා ලදී. මෙම ජයග්‍රාහී නිර්මාණ සියල්ල තුළින් IoT සම්බන්ධ උසස් තාක්ෂණික දැනුම සහ පුරෝගාමී චින්තනය මැනැවින් පිළිබිඹු විය.
විවෘත කාණ්ඩයේ ප්‍රථම ස්ථානය කළුතර Smartcare වෙත හිමි වූ අතර, එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ගම්පහ Tech Tanks සහ ගාල්ලේ TeraNode විසින් දිනාගන්නා ලදී. මේ ජයග්‍රහණ සියල්ල, රට පුරා විසිරී සිටින ස්වාධීන සහ වෘත්තීය නවෝත්පාදකයන්ගේ විශිෂ්ටත්වය සහ ගැටලු විසඳීමේ හැකියාව මැනැවින් පිළිබිඹු කළ අවස්ථා ලෙස හැඳින්විය හැකි වේ. ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය තුළින් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව මෙම ජයග්‍රාහකයන්ට අවශ්‍ය තාක්ෂණික හා ව්‍යාපාරික මගපෙන්වීම් ලබාදීමටත්, SLT Data Centre hosting පහසුකම් නොමිලේ පිරිනැමීමටත්, mSpace API භාවිතයට අවස්ථාව සලසා දීමටත්, PeoTV සහ වෙනත් SLT-MOBITEL මාධ්‍ය නාලිකා හරහා වසරක් පුරා ඔවුන්ට නොමිලේ ප්‍රවර්ධන අවස්ථා ලබාදීමටත් SLT-MOBITEL කටයුතු කරනු ඇත. SLIoT Challenge 2025 හිදී එළිදුටු මෙම සියලු නිර්මාණ වාණිජ වශයෙන් සාර්ථක නිෂ්පාදන බවට පත්කරමින් රටේ ඩිජිටල් ආර්ථිකයේ දියුණුවට ඒවා යොදාගැනීම සඳහා ලබාදෙන මහඟු පිටිවහලක් වනු නිසැකය.

