A high-level fireside panel featuring Jeff Hoffman, Jeevan Gnanam, Yuen Wong, and the Deputy Minister of Tourism of Sri Lanka, moderated by Cherrie Chan, explored how travel innovation, entrepreneurship, and digital / AI infrastructure can help Sri Lanka compete more effectively on the global stage. Held under the theme “The Sri Lanka Destination Stack –…
කාළගුණික විපර්යාස මගහරවා වගාවේ ඵලදායීතාවය වැඩි කිරීමට මාර්ගෝපදේශයන් සහිතව DIMO Agritech නව විසඳුම් හඳුන්වා දෙයි
ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකෙරුවද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රම තුළින් තවමත් අපේක්ෂිත ඉලක්කවලට ළඟාවෙන්න ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.
DIMO හි කෘෂි අංශය වන DIMO Agribusinesses මේ සියලු අවශ්‍යතා හඳුනාගෙන තම DIMO Agritech ඒකකය, හරහා නිශ්චිත මාර්ගෝපදේශයක් යටතේ නවීන ආරක්ෂිත ගෘහ සහ පොලිටනල් මොඩල (ආරක්ෂිත වගා ගෘහ) වැනි පුළුල් තාක්ෂණික විසදුම් රැසක් ගෙන එනු ලබන්නේ සුහුරු වගාක්රම තුළින් කෘෂිකාර්මාන්තයේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් DIMO Agribusinesses හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටව මහතා සඳහන් කළේ “කාළගුණික විපර්යාසයන් නිසා බෝග හානිය වැඩිවන අතර, එම බෝග සඳහා අනන්‍ය වූ විසඳුම් අවශ්‍යයි. ඒ ඒ බෝගවලට විශේෂ වන ආකාරයට කාළගුණික විපර්යාසවලින් ආරක්ෂාව සැපයිය හැකි වගා ක්‍රම ලෙස පහතරට, තෙත් සහ වියළි කලාපවලට මනාව ගැළපෙන නවීන ආරක්ෂිත ගෘහ මෙන්ම උඩරට සහ අතරමැදි කලාපය සඳහා ද, අවශ්‍යතාව අනුව වියළි කලාපය සඳහා ද, විශේෂයෙන් සකස් කළ හැකි ආරක්ෂිත වගා ගෘහ වර්ග අපි හඳුන්වා දී තිබෙනවා.”
පහතරට තෙත් සහ වියළි කලාපයට ගැළපෙන ලෙස තිර හා පංකා සහිත නවීන ආරක්ෂිත ගෘහ DIMO Agritech විසින් හඳුන්වා දෙනු ලබයි. එම ගෘහ තුළ වගාව සඳහා ප්රශස්ත වන ක්ෂුද්‍ර පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා වායු සංසරණ පංකා සහ ස්වාභාවික වාතනය සමඟ අවශ්‍ය අවස්ථාවල සමපාත වීම සඳහා ගෘහයේ පැති ආවරණ පොලිතීන් තිර උස් පහත් කළ හැකි ආකාරයට සවිකර ඇත. මෙම ආරක්ෂිත ගෘහ නවීන බිංදු ජල සම්පාදන හා පොහොර යෙදීමේ පද්ධතියකින්ද සමන්විත වේ. එමඟින් පුළුල් පරාසයක බෝග පහසුවෙන් වගාකිරීමේ හැකියාව මෙම ගෘහය සතු වේ. විශේෂයෙන් උඩරට තෙත් කලාපයේ වගාකරන බෙල් පෙපර්, සලාද පිපිඤ්ඤා, තක්කාලි ඇතුළු ඉහළ වටිනාකමක් සහිත බෝග මෙම වර්ගයේ ඒකකයක් තුළ පහසුවෙන් වගා කිරීමට හැකි වේ.
උඩරට සහ අතරමැදි කලාපය සඳහා වූ ආරක්ෂිත වගා ගෘහ ස්වාභාවික පරිසරයේ උෂ්ණත්වය සහ වාතනය සමඟ කෘමි ප්‍රතිරෝධී දැල් හරහා සමපාතවෙමින් ඉදිකරනු ලැබේ. වහලයේ හැඩය, චිමිණි හා කියත් දැති ආකාරයට මාදිලි දෙකකින් මෙම ගෘහය DIMO Agribusinesses හරහා ලබාගත හැක. උෂ්ණත්වය අඩු කිරීම සඳහා මිහිදුම්කාරක පද්ධතියකින්ද මෙම මාදිලිය සමන්විත වේ.
“වගා කරන ඕනෑම බෝගයක් වෙනුවෙන් ඊට අදාළ නිශ්චිත බෝග මාර්ගෝපදේශයක් සමඟ උසස් ජල ද්‍රාව්‍ය පොහොර සියල්ලත් වගාවේ අවශ්‍යතාවය පරිදි DIMO Agritech විසින් සපයනු ලැබේ. වගාවට අවශ්‍ය වන බීජ හා රෝපණ ද්‍රව්‍යයත්, පළිබෝධනාශක සහ රෝග පළිබෝධ හානි කළමනාකරණය සඳහා මගපෙන්වීමත් අප සමාගම විසින් සපයනු ලබනවා.” යැයි දෙමටව මහතා සඳහන් කළේය.
වගාවේ සනීපාරක්ෂාව, වල් පැළවලින් තොර පරිසරය සහ මනා ජලවහනය සඳහා විශේෂිත බිම් ආවරණයක්ද සමාගම විසින් නිර්මාණය කරන ආරක්ෂිත ගෘහ සඳහා යොදනු ලබයි. දෙස් විදෙස් පළපුරුදු තාක්ෂණික කණ්ඩායමක් විසින් වගාවේ සියලු අවස්ථාවලට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදේ.
මෙහිදී අවම වශයෙන් වර්ග අඩි 2000 ගෘහයක් සඳහා ආයෝජනය කිරීම වඩා ඵලදායී වන අතර, වර්ග අඩි 4000ට වැඩි ගෘහයක් නම්, වැඩි වාණිජ ප්රතිලාභ වසර 2-3කදී ලබාගත හැකි බව ඔහු තවදුරටත් සදහන් කළේය.
