ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි

2026 මැයි 30 කොළඹදීය: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන ‘බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon) නමින් සුවිශේෂී වැඩසටහනක් පසුගියදා සංවිධානය කළේය. ලොව පුරා වෙසෙන තේ රසිකයින්ට ශ්‍රී ලංකාවේ අභිමානවත් තේ උරුමය සමීප කරවීම මෙහි මූලික අරමුණ විය.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට තේ ශාක රැගෙනවිත් වසර 202ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ මෙම වැඩසටහන, මෙරට තේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගෞරවයක් පුද කරන අවස්ථාවක් විය. ලොව නම රැඳූ සිලෝන් තේ සන්නාමය ගොඩනැගූ ශ්‍රී ලංකා තේ කර්මාන්තයට ගෞරවයක් ලෙස ‘බැසිලර් ටී’ (Basilur Tea) අපනයන ආයතනය ලොව පුරා විසිර සිටින සිය පාරිභෝගිකයන් සම්බන්ධ කරගනිමින්, ඔවුන්ගේ සහභාගීත්වයට උපහාරයක් ලෙස තේ පැළ 202ක් රෝපණය කිරීමට කටයුතු කරන ලදි. මෙහි සුවිශේෂීත්වය වූයේ මෙම සහභාගී වූ පාරිභෝගිකයන් උදෙසා තේ පැළයක් වෙන්කොට, ඔවුන්ට සිහිවටනයක් ලෙස ඔවුන්ගේ නම්ද සනිටුහන් කිරීමට ‘බැසිලර් ටී’ (Basilur Tea) සමාගම කටයුතු කිරීමයි.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ ‘බැසිලර් ටී’ (Basilur Tea) අපනයන ආයතනයේ සභාපති ගාමිණී අබේවික්‍රම මහතා සඳහන් කළේ,

“ශ්‍රී ලංකාවට තේ ශාක රැගෙනවිත් වසර 202ක් සපිරීම මෙවර ජාත්‍යන්තර තේ දිනයට විශේෂ අර්ථයක් එක් කරනවා. අපගේ තේ උරුමය ලොවට සමීප කරමින් පාරිභෝගිකයන් සමඟ එක්ව එය සමරන්න ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon) වැඩසටහන හරහා අපට හැකි වුණා. මේ වටිනා උරුමයේ කොටස්කරුවකු වීම අපට මහත් ගෞරවයක්” යනුවෙනි.

මෙවර ජාත්‍යන්තර තේ දින තේමාව වූ ‘ෆොස්ටරින් ග්‍රෝත් ඇන්ඩ් ඉන්ක්ලූෂන්’ (Fostering Growth and Inclusion) යන සංකල්පය පදනම් කරගනිමින් මෙම වැඩසටහන නිර්මාණය කර තිබුණි. එහි නිල සමාරම්භක උත්සවය ‘බැසිලර්’ (Basilur) සමාගමට අයත් බද්දේගම තේ වත්තේදී පැවැත්වුණු අතර, සභාපති ගාමිණී අබේවික්‍රම මහතා, කළමනාකාර අධ්‍යක්ෂිකා තුෂාරි අබේවික්‍රම මහත්මිය, මූල්‍ය අධ්‍යක්ෂ රජිත අබේවික්‍රම මහතා සහ අලෙවි අධ්‍යක්ෂ චාරක අබේවික්‍රම මහතා ඇතුළු පිරිසක්, තේ වතු සේවකයන් හා ඔවුන්ගේ දරුවන් සමඟ මෙම අවස්ථාවට එක්වූහ.

ගෝලීය තේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සමඟ අනුගත වෙමින්, පාරිභෝගිකයන් වෙත නවතම තේ අත්දැකීම් රැගෙන ඒමට ‘බැසිලර් ටී’ (Basilur Tea) නිරන්තරයෙන් කටයුතු කරයි. ‘ෆ්‍රෙෂස්ට් ලක්ෂරි හෑන්ඩ්ක්‍රාෆ්ටඩ් ටීස්’ (Freshest Luxury Handcrafted Teas) ඇතුළු විවිධ පාරිභෝගිකයන්ට, විවිධ අවස්ථා වලට සරිලන තේ නිෂ්පාදන 600කට අධික සංඛ්‍යාවක් ‘බැසිලර් ටී’ (Basilur Tea) සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරේ.

අද වන විට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් හිමි කරගෙන ඇති ‘බැසිලර් ටී’ (Basilur Tea), ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් සහ සුපිරි වෙළඳසැල් රැසක දක්නට ලැබෙන ශ්‍රී ලංකා තේ සන්නාමයකි. ශ්‍රී ලාංකීය තේ (Ceylon Tea) උරුමය ලෝකයට ගෙන යමින්, ප්‍රජා සාමූහිකත්වය හා තිරසාර අනාගතයක් වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට ‘බැසිලර් ටී’ (Basilur Tea) අඛණ්ඩව කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *