Categories: Uncategorized

සම්බුදු තෙමගුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගී වැඩසටහනක් සහ CDB වෙසක් කලාපය තුළ පවත්වන දන්සැලක්ද ඇතුළත් වේ. මෙවරත් මෙම වෙසක් කලාපය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණියහ.

මෙම වෙසක් සතිය පුරා පැවති වැඩසටහන්වලට CDB සමාගමේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම එහි ශාඛාවල සේවය කරන සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූ අතර, එය ඔවුන් අතර පවතින සුහදත්වය තවදුරටත් වර්ධනය කළ අවස්ථාවක් විය. CDB සමාගම යනු සෑම විටම පරිසර හිතකාමීත්වය ප්‍රවර්ධනය කරමින් සිය කාබන් පියසටහන (Carbon footprint) අවම කරගැනීමට කටයුතු කරන සමාගමක් වන බැවින් එහි සාමාජික සාමාජිකාවන් වෙසක් කූඩු නිර්මාණය කිරීමේදී භාවිතා කර තිබුණේ පරිසර හිතකාමී අමුද්‍රව්‍ය පමණි. ඔවුන් අතින් නිමවුණු වෙසක් කූඩු මහජනතාවටද ප්‍රදර්ශනය කරන ලදි.

CDB භක්ති ගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත වැඩසටහන සඳහා සුප්‍රකට සංගීතවේදියෙකු හා ගායන ශිලියෙකු වන ජගත් වික්‍රමසිංහ මහතාද සහභාගී විය. මීට අමතරව CDB වෙසක් කලාපය තුළ නූඩ්ල්ස් දන්සැලක් පැවැත්වුණු අතර, පැමිණි පිරිස සමග සුහද සංවාදයේ යෙදෙමින් ඔවුන්ට නූඩ්ල්ස් පිළිගැන්වීමට CDB සාමාජික සාමාජිකාවෝ කටයුතු කළහ.

CDB සමාගම පිළිබඳව

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය සේවා ආයතන 4 අතරින් එකක් ලෙස සැලකේ. මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නවෝත්පාදනය, තිරසාරත්වය මෙන්ම ආදර්ශමත් ආයතනික පාලනය වෙනුවෙන් එම සමාගම නිරන්තරයෙන් ඇගයීමට ලක් වී ඇත. තිරසාර සංවර්ධන ඉලක්ක මූලික කරගත් නවීන ඩිජිටල් විසඳුම් ඔස්සේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් CDB සමාගම දක්වන දායකත්වය, රටේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කිරීමට සමත් වී තිබේ.

7 News Pulse

Recent Posts

பேபிசெரமி அறிமுகப்படுத்தும் இலங்கையின் முதலாவது Generative AI ‘Baby Cheramy Diaper Helpdesk’ 24/7 நம்பிக்கைக்குரிய குழந்தை வளர்ப்பு பங்காளி

இலங்கையின் முதற்தர குழந்தைப் பராமரிப்பு வர்த்தக நாமமான பேபி செரமி, Baby Cheramy Diaper Helpdesk என்ற நாட்டின் முதல் Generative AI…

15 hours ago

Autodesk Strengthens Commitment to Driving Innovation and Sustainability in Sri Lanka’s Construction Sector

Autodesk, together with its Value-Added Distributor Redington, recently hosted the Autodesk AEC Digital Construction Showcase…

16 hours ago

Parental Intelligence (PI): பெற்றோருக்கான இலங்கையின் முதலாவது செயற்கை நுண்ணறிவு உதவியாளர்

அண்மையில் அறிமுகப்படுத்தப்பட்ட Parental Intelligence (PI) (பேரண்டல் இன்டெலிஜென்ஸ்) AI உதவித் தளமானது, இலங்கையின் கலாசாரத்துடன் தொடர்புடைய முதலாவது செயற்கை…

2 days ago

Nyne Hotels Immerses Travel Agents in Boutique Luxury Experience

Nyne Hotels, Sri Lanka’s exclusive collection of luxury boutique properties, recently hosted an experiential showcase…

2 days ago

Sri Lanka welcomes ‘Hello, to More’ as GWM and David Pieris Automobiles announce strategic partnership

Appoints DPA as an authorised distributor for GWM in Sri Lanka Launches hybrid and new…

2 days ago