Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
සම්බුදු තෙමගුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගී වැඩසටහනක් සහ CDB වෙසක් කලාපය තුළ පවත්වන දන්සැලක්ද ඇතුළත් වේ. මෙවරත් මෙම වෙසක් කලාපය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණියහ.
මෙම වෙසක් සතිය පුරා පැවති වැඩසටහන්වලට CDB සමාගමේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම එහි ශාඛාවල සේවය කරන සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූ අතර, එය ඔවුන් අතර පවතින සුහදත්වය තවදුරටත් වර්ධනය කළ අවස්ථාවක් විය. CDB සමාගම යනු සෑම විටම පරිසර හිතකාමීත්වය ප්‍රවර්ධනය කරමින් සිය කාබන් පියසටහන (Carbon footprint) අවම කරගැනීමට කටයුතු කරන සමාගමක් වන බැවින් එහි සාමාජික සාමාජිකාවන් වෙසක් කූඩු නිර්මාණය කිරීමේදී භාවිතා කර තිබුණේ පරිසර හිතකාමී අමුද්‍රව්‍ය පමණි. ඔවුන් අතින් නිමවුණු වෙසක් කූඩු මහජනතාවටද ප්‍රදර්ශනය කරන ලදි.
CDB භක්ති ගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත වැඩසටහන සඳහා සුප්‍රකට සංගීතවේදියෙකු හා ගායන ශිලියෙකු වන ජගත් වික්‍රමසිංහ මහතාද සහභාගී විය. මීට අමතරව CDB වෙසක් කලාපය තුළ නූඩ්ල්ස් දන්සැලක් පැවැත්වුණු අතර, පැමිණි පිරිස සමග සුහද සංවාදයේ යෙදෙමින් ඔවුන්ට නූඩ්ල්ස් පිළිගැන්වීමට CDB සාමාජික සාමාජිකාවෝ කටයුතු කළහ.
CDB සමාගම පිළිබඳව
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය සේවා ආයතන 4 අතරින් එකක් ලෙස සැලකේ. මූල්‍ය සේවා ක්ෂේත්රයේ නවෝත්පාදනය, තිරසාරත්වය මෙන්ම ආදර්ශමත් ආයතනික පාලනය වෙනුවෙන් එම සමාගම නිරන්තරයෙන් ඇගයීමට ලක් වී ඇත. තිරසාර සංවර්ධන ඉලක්ක මූලික කරගත් නවීන ඩිජිටල් විසඳුම් ඔස්සේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් CDB සමාගම දක්වන දායකත්වය, රටේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ දිශානතිය වෙනස් කිරීමට සමත් වී තිබේ.