First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that their Chairman, Rajendra Theagarajah, was honoured with the Silver Award for Outstanding Independent Non-Executive Director of the Year at the inaugural SLID–ACCA National Corporate Director Awards 2025, in recognition of his leadership, integrity and contribution to strengthening corporate governance standards…
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් පාරිභෝගික අත්දැකීමට වැඩි අගයක් දෙමින් නවතම ‘7 Star’ සිල්ලර ඇසුරුම් පෙළ එළිදක්වයි
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) විවිධ ආහාර නිෂ්පාදන සඳහා බහුකාර්ය නව ඇසුරුම් වරින් වර වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට සහාය වන උසස්ම තත්ත්වයේ පෝෂ්‍යදායී පිටි නිෂ්පාදන හඳුන්වා දෙමින්, දේශය පෝෂණය කිරීමේ කැපවීම නැවත නැවතත් සනාථ කොට ඇත.
SFML ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ පිටි කර්මාන්තයේ පුරෝගාමී බලවේගය ලෙස කැපී පෙනෙන මෙහෙවරක නිතර වූ සමාගමක් වන අතර ‘දේශය පෝෂණය කිරීමේ අරමුණ’ පෙරදැරිව ආ අභිමාවත් ගමන්මගෙහි 15වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේ, පුළුල් පරාසයක විහිදුණු ලාංකික ආහාර ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් ඉටු කළ නොසැලෙන කැපවීම රටටම පෙන්නුම් කරමිනි.
ලාංකික වෙළඳපොළට විශේෂිත පිටි වර්ග හඳුන්වා දුන් පළමු නිෂ්පාදකයා ලෙස, සියලුම පිටි ආහාර සඳහා තිරිඟු පිටි, රුලං, කේක් පිටි, චක්කි නැවුම් ආටා සහ සාමාන්‍ය පිටි ආදී වශයෙන් සුවිශේෂී නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රය තුළ පෙරළිකාර වෙනසක් ඇති කරන්නට SFML සමත් විය. මෙම නිෂ්පාදන පෙළ ගෘහස්ථ පාරිභෝගිකයන් සහ බේකරිකරුවන්ගේ සිට වාණිජ බේකරි සහ ආපනශාලා දක්වා පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික ප්‍රජාවක් ඉලක්ක කරමින් දියත් කෙරුණු අතර, 2012 වසරේ සිට රටේ වඩාත් ජනප්‍රියත්වයට පත් නිෂ්පාදන පෙළක් ලෙස ‘7 Star’ කරළියට පැමිණ ඇත.
15වන සංවත්සර සැමරුමට සමගාමීව SFML වෙතින් අලුතින් හඳුන්වා දුන් ‘7 Star’ නව සිල්ලර ඇසුරුම් පෙළ එළිදැක්වීම සුවිශේෂී අංගයක් ලෙස කැපී පෙනුණි. නව ඇසුරුම් පෙළ ආකර්ෂණීය විචිත්‍රවත් බවකින් යුතුව සැලසුම් කොට ඇති අතර, එය සන්නාමය සතු විශිෂ්ටත්වයේ උරුමය රැකගනිමින් සිල්ලර වෙළඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් පවත්වා ගැනීමට ද හේතු වනු නොඅනුමානය.
මෙම කැපී පෙනෙන වෙනස, SFML බේකිං සහ බේකරි නිෂ්පාදන සඳහා දක්වන උනන්දුවේ පිළිබිඹුවක් මෙන්ම, ශීඝ්‍රයෙන් වෙනස්වන නූතන වෙළඳපොළේ ඉල්ලුමට සරිලන ගුණාත්මක කැපවීමේ සංකේතයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. ගෘහස්ථ පාරිභෝගිකයන් හා බේකරිකරුවන්ගේ ප්‍රියතම තේරීම බවට ‘7 Star’ නව සිල්ලර ඇසුරුම් පෙළ නුදුරේදීම පත්වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.
නිෂ්පාදන සංවර්ධනය සහ ඇසුරුම් උපායමාර්ගවල නිරන්තර නවෝත්පාදනයන් තුළින්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා සහාය වන උසස් ප්‍රමිතියෙන් යුතු පෝෂ්‍යදායී පිටි සැපයීමේ ආයතනික අරමුණ වෙනුවෙන් SFML නිරතුරුවම ඇපකැප වී සිටියි. වසර 15කට වැඩි කාලයක් පුරා දේශය පෝෂණය කිරීමේ සන්ධිස්ථානය සනිටුහන් කළ SFML, දේශයේ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන්නට සුදුසු ලෙස හැඩගැසෙමින් විශිෂ්ටත්වයේ උරුමය අඛණ්ඩව පවත්වා ගන්නට ද සමත්ව ඇත.



