Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සම්මානයට පාත්‍ර වේ
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) සිය පාරිසරික වගකීම සහ තිරසර මෙහෙයුම් භාවිතයන් වෙනුවෙන් නැවත වරක් ඇගයීමට ලක්ව තිබේ. ඒ අනුව මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් වී ඇත.
පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. මෙහිදී පරිසර සංරක්ෂණයේ විශිෂ්ටත්වය සහ තිරසර ව්‍යාපාර ක්‍රියාවලීන් තුළින් නවෝත්පාදන පෙන්වන ආයතන මෙම සම්මාන මගින් ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම වාහන සේවා මධ්‍යස්ථාන කාණ්ඩය යටතේ මෙම සම්මාන උළෙලේ දී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී සමාගමේ වාහන සේවා සහ නඩත්තු අංශය වන මඩපාත පිහිටි DPMC වර්ක්ෂොප් මධ්‍යස්ථානය සඳහා මෙම සම්මානය හිමි විය. එසේම මෙම කාණ්ඩය යටතේ මෙම වසරේදී රන් හෝ රිදී සම්මාන පිරිනමා නොමැති අතර තවත් ආයතනයකට එක් කුසලතා සම්මානයක් පමණක් හිමිවීමද විශේෂත්වයකි. ඒ අනුව මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සිය කාණ්ඩයේ ප්‍රමුඛතම සහ ඉහළින්ම සිටින ආයතනය ලෙස ස්ථානගත වී ඇත. මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විධායක අධ්‍යක්ෂ සමන්ත සිල්වා මහතා විසින් සිය සමාගම නියෝජනය කරමින් මෙම සම්මානය ලබා ගනු ලැබුවේය.
ජනාධිපති පරිසර සම්මාන සඳහා නිර්දේශ වීම හෝ ඒවා පිරිනැමීමට පළමුව මධ්‍යම පරිසර අධිකාරී නිලධාරීන් විසින් සවිස්තරාත්මක ස්ථානීය ඇගයීම් ඇතුළු ඇගයීම් ක්‍රියාවලියක් සිදුකරනු ලබයි. එහිදී ආයතනවල බලශක්ති සංරක්ෂණය, ජල පිරිපහදුව සහ කාර්යක්ෂමතාව, පරිසර දූෂණය වැළැක්වීම, තිරසර නවෝත්පාදන, සෞඛ්‍ය සහ ආරක්ෂක පද්ධති, ඵලදායිතාව වැඩි දියුණු කිරීම් සහ සමස්ත මෙහෙයුම් විනය ඇතුළු විවිධ පාරිසරික කාර්ය සාධන නිර්ණායක යටතේ ලකුණු ලබා දෙනු ඇත.
ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ අඛණ්ඩ ජයග්‍රහණ තුළින් සේවා ස්ථානවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව උදෙසා ඉහළ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පාරිසරික බලපෑම අවම කිරීමට ඔවුන්ගේ ඇති දිගුකාලීන කැපවීම පිළිබිඹු කරයි. පසුගිය වසරේදීද ඔවුන් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී එම කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනා ගැනීම තුළින් වගකිවයුතු පාරිසරික කළමනාකරණය සහ අඛණ්ඩ දියුණුව තහවුරු කර ඇත.
තවද සිය මූලික මෙහෙයුම්වලින් ඔබ්බට යමින් තිරසරභාවය සඳහා සහාය දැක්වීමට ඩේවිඩ් පීරිස් මෝටර් සමූහය සිය සමාජ සුබසාධන කමිටුව හරහා පරිසරය සහ වනජීවී සංරක්ෂණය සඳහා සක්‍රීයව දායක වෙයි. ඒ අනුව වසර 22කට වැඩි කාලයක් තිස්සේ ඔවුන් මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ වනජීවී ආරක්ෂණ සංඥා සඳහා අනුග්‍රහය දක්වා ඇත. මෙම සහයෝගය මේ වන විට කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දක්වා ද ව්‍යාප්ත කර ඇති අතර, මෙවර සිට ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් ඒ සඳහා මූලිකත්වය ගෙන තිබේ. මීට අමතරව මොවුන් විසින් පසුගිය වසර 8ක් පුරා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ මින්නේරිය-හබරණ පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා අඛණ්ඩව අරමුදල් සපයා ඇත.
Fubetcassino, hey there! Just swinging by to say, the site looks slick and the games are definitely keeping me entertained. Could use a few more bonus offers, though, you know? 😉 Check it out yourself: fubetcassino