Dialog Enterprise, the corporate solutions arm of Dialog Axiata PLC and Sri Lanka’s number one ICT solutions provider, has partnered with Star Garments Pvt Ltd to enable next-generation textile manufacturing through advanced 5G-powered solutions, enhancing operational efficiency, automation and real-time decision-making across its production ecosystem. Through this collaboration, Dialog Enterprise is equipping Star Garments with…
CINEC, ශ්‍රී ලංකාවේ වැඩිම ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධිධාරීන් පිරිසක් බිහිකරන ආයතනයක් බවට පත් වෙයි
2026 අප්‍රේල්, කොළඹදී: – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨය සිය ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධි පුළුල් කළ බව නිවේදනය කළ අතර, ඒ සමග එය මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර විශාලතම අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. මෙම පුළුල් කිරීමත් සමග ගුරු වෘත්තීය සඳහා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පවතින ඉල්ලුමට විසඳුමක් පිරිනමමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ගුරු අධ්‍යාපන වැඩසටහන්වලට ඇති ප්‍රවේශය වඩාත් ඉහළ නැංවේ.
වර්තමානයේ එම උපාධි වැඩසටහන් එකොළහක් (11) සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීමත් හිමිව තිබේ.
ඉංග්‍රීසි ශාස්ත්‍රවේදී සාමාන්‍ය සහ ගෞරව උපාධියත්, මුල් ළමාවිය අධ්‍යාපනය හා ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපන ශාස්ත්‍රවේදී ගෞරව උපාධිත් මෙම පීඨයේ උපාධි වැඩසටහන් අතරට ඇතුළත් වේ. මෙම ක්ෂේත්‍ර තුළ වැඩිම උපාධිධාරීන් පිරිසක් බිහිකරන ආයතනයක් ලෙස මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන CINEC ආයතනය, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍යයෙන් සීමිත පිරිසකට අවස්ථාව හිමිවන ක්ෂේත්‍ර තුළ වරකට උපාධි අපේක්ෂකයින් 150 කට අධික පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරයි.
“ශාස්ත්‍රීය දැනුම සහ වෘත්තීය අදාළත්වය ඒකාබද්ධ වූ, ගුණාත්මක අධ්‍යාපනික සුදුසුකම් පිරිනැමීම සඳහා CINEC ආයතනය දක්වන කැපවීම මෙම පීඨය පුළුල් කිරීම මගින් මනාව පිළිබිඹු වනවා. කුසලතාපූර්ණ අධ්‍යාපනඥයින් සඳහා ජාතික මෙන්ම ගෝලීය වශයෙන්ද වෙනස්වන ඉල්ලුමට මුහුණ දෙන අතරම, අධ්‍යාපනිකව සහ වෘත්තීය මට්ටමින් උපාධිධාරීන් සන්නද්ධ කිරීම සඳහා මෙම උපාධි පාඨමාලා සකස්කර තිබේ,” යනුවෙන් CINEC Campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨයේ සහහාර පීඨාධිපති ලසන්ත බස්නායක මහතා සඳහන් කළේය.
රැකියාවේ නිරත ගුරුවරුන්, මුල් ළමාවිය අධ්‍යාපනඥයින් සහ ක්‍රීඩා වෘත්තිකයින් වෙනුවෙන් සතියේ දිනවල මෙන්ම සතිඅන්තයේ ද දේශන සැලසුම්කර ඇති මෙම උපාධි වැඩසටහන්, පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවකින් තොරව වෘත්තීය ගමන්මගේ පෙරට ගමන් කිරීමට අවශ්‍ය ශාස්ත්‍රීය සහ වෘත්තීය සුදුසුකම් හිමිකර දෙයි. ලොව පුරා අධ්‍යාපන පද්ධති තුළ ශ්‍රම බලකායේ හිඟයක් පවතින අතර, මුල් ළමාවිය සහ විශේෂඥ අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් හිමිව තිබෙන ප්‍රවණතාව තුළ එම ගෝලීය අවශ්‍යතාවලට අනුකූලව එම උපාධි පිරිනැමේ.
උපාධි පුළුල් කිරීම මගින් CINEC Campus ආයතනය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකරන කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ පිළිගත් සුදුසුකම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින්, රැකියා අවස්ථා මෙන්ම දිගුකාලීන අධ්‍යාපනික ප්රගතිතට අවශ්‍ය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොන්මිෂන් සභාවේ පිළිගැනීම සහිත උපාධි පිරිනැමීම වෙනුවෙන් එම ආයතනය දක්වන කැපවීම පිළිබිඹු කෙරේ.
