First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that their Chairman, Rajendra Theagarajah, was honoured with the Silver Award for Outstanding Independent Non-Executive Director of the Year at the inaugural SLID–ACCA National Corporate Director Awards 2025, in recognition of his leadership, integrity and contribution to strengthening corporate governance standards…
First Capital Holdings PLC සමාගම රුපියල් බිලියන 3.43 ක බදු පසු ලාභයක් සමඟින් වසරේ පළමු මාස හය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC (සමූහය), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කර තිබේ. එම කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ලාභය රුපියල් බිලියන 3.43 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ රුපියල් මිලියන 897 ට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයකි. මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් විරසේකර මහතා පැවසුවේ, මෙම කාර්යසාධනය මගින් සමූහයේ ක්‍රමෝපායන් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම, වෙළඳපොළ ප්‍රවණතාවන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල ප්‍රධාන අංශ තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමට සමත් වීම මැනැවින් පිළිබිඹු වන බවයි.
2025/26 පළමු අර්ධය තුළ සමූහයේ මෙහෙයුම් වියදම්වලට පෙර ශුද්ධ වෙළඳ ආදායම රුපියල් බිලියන 5.46 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූයේ රුපියල් බිලියන 1.88 ක් වශයෙනි. මෙය සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ හිතකර වෙළඳපොළ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ඇති හැකියාව මැනැවින් නිරූපණය කරන ප්‍රතිඵලයකි.
මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ, දෙවන කාර්තුව අවසානයේ රජයේ සුරැකුම්පත් මගින් ලැබුණු ප්‍රතිලාභවල සුළු වර්ධනයක් තිබියදීත්, 2025 මැයි මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළ දැමීමෙන් පසු පසු පොලී අනුපාතවල සාමාන්‍ය පහත වැටීමක් නිරීක්ෂණය විය. මෙම මූල්‍යමය පසුබිම විශේෂයෙන් කොටස් වෙළඳපොළ තුළ ගනුදෙනු සඳහා ධනාත්මක තත්ත්වයන් ඇති කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රාථමික අලෙවිකරු සහ ආයතනික ගනුදෙනු සුරැකුම්පත් අංශ සමූහයේ සමස්ත වෙළඳ ආදායමට වැඩිම දායකත්වයක් ලබා දුන් අංශ දෙක බවට පත් විය.
2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ පළමු මාස හය සඳහා සමූහයේ ප්‍රාථමික අලෙවිකරු අංශය රුපියල් බිලියන 1.57 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූයේ රුපියල් මිලියන 578 ක් වශයෙනි. මෙම ප්‍රතිඵල අතරට රජයේ සුරැකුම්පත්වලින් ලැබුණු රුපියල් බිලියන 1.81 ක වෙළඳ ලාභයක් සහ රුපියල් මිලියන 988 ක ශුද්ධ පොලී ආදායමක් (2024/25 පළමු මාස හය – රුපියල් මිලියන 396 ක වෙළඳ ලාභයක් සහ රුපියල් මිලියන 834 ක ශුද්ධ පොලී ආදායමක්) ඇතුළත් වේ.
ආයතනික මූල්‍ය උපදේශන අංශය සහ ආයතනික ගනුදෙනු සුරැකුම්පත් අංශය 2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා රුපියල් බිලියන 1.81 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරේ පළමු මාස හය තුළ වාර්තා වූ රුපියල් මිලියන 264 ට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයකි. ක්‍රමෝපායික මූල්‍ය විසඳුම් සඳහා ක්‍රමයෙන් ඉහළ යන ඉල්ලුම මෙන්ම සිය සේවාදායකයින් හා කොටස් හිමිකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි සමූහය යොමු කර ඇති අඛණ්ඩ අවධානය මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.
මේ අතර ධන කළමනාකරණ අංශය 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා රුපියල් මිලියන 48 ක බදු පසු ලාභයක් (2024/25 පළමු මාස හය – රු. මිලියන 49) වාර්තා කර ඇති අතර, කළමනාකරණය යටතේ ඇති වත්කම් [Assets Under Management (AUM)] 2025 සැප්තැම්බර් 30 වන දින වන විට රුපියල් බිලියන 99 ක් (2025 මාර්තු 31 – රු. බිලියන 112) ක් විය.
සමාගමේ කොටස් තැරැව්කාර අංශය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 6 ට සාපේක්ෂව 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා රුපියල් මිලියන 116 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය ආයෝජක සහභාගීත්වය අලුත් වී ඇති බවට සහ වෙළඳපොළ ආකල්ප වැඩිදියුණු වී ඇති බවට පැහැදිලි දර්ශකයකි.
මෙම ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 ඔක්තෝබර් මාසයේදී 2025/26 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රු. 7.00 ක් බැගින් වූ අන්තර්වාර ලාභාංශ ගෙවීමක් ප්‍රකාශයට පත් කළ අතර, එහි වටිනාකම රු. බිලියන 2.84 ක් විය.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් First Capital Holdings PLC සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ පැවසීය: “මෙම වසරේ කාර්යසාධනය මගින් අපගේ ක්‍රමෝපායෙහි සාර්ථකත්වය සහ අපගේ කාර්ය මණ්ඩලයෙහි ශක්තිය මැනැවින් පිළිබිඹු වනවා. වේගයෙන් වෙනස් වන වෙළඳපොළක් තුළ දිගින් දිගටම පැහැදිලි දැක්මකින් හා විශ්වාසයකින් යුතුව, අපගේ පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන ප්‍රතිලාභ හිමි කර දෙමින්, තිරසාර වර්ධනයක් ළඟා කරගැනීම අපගේ අරමුණයි. මෙම ප්‍රතිඵල මගින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ ඇති මූලික අවස්ථා කෙරෙහි අප තබා ඈති විශ්වාසය මෙන්ම රටේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට අප ලබාදෙන දායකත්වය තවදුරටත් පුළුල් කිරීම සඳහා අප තුළ ඇති අධිෂ්ඨානශීලී කැපවීම තවදුරටත් ශක්තිමත් වේවි.”
සමූහයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් විරසේකර මහතා මෙසේ අදහස් දැක්වීය: “අපගේ සෑම ව්‍යාපාරික අංශයක්ම ක්‍රමෝපායික කාර්යක්ෂමතාවක් සහ නවෝත්පාදන සංස්කෘතියක් තුළින් පන්නරය ලබමින් ශක්තිමත් මෙහෙයුම් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් සිටිනවා. ඉදිරියටත් අපගේ විශේෂඥතාව තුළින් ආයෝජකයන්ට සහ සමාගම්වලට දීර්ඝකාලීන වටිනාකම් සහ අවස්ථා ග්‍රහණය කරගැනීමට අත්වැලක් වෙමින්, ප්‍රාග්ධන වෙළඳපොළ අවකාශය තුළ අපගේ නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීම අපගේ අරමුණයි.”
මෙම යහපත් ප්‍රවණතාවෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Lanka Credit Rating Agency Limited (LRA) මගින් සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම “A” සිට “A+” දක්වාත්, Outlook මට්ටම positive සිට stable දක්වාත් දක්වා උසස් කරන ලද අතර, එය සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් ශක්තිමත් වීම සහ වෙළඳපොළ විශ්වාසය වර්ධනය වීම පිළිබිඹු කරයි. මෙම උසස් කිරීම මඟින් First Capital සමාගමේ තිරසාර ලාභදායීත්වය, යහපත් ප්‍රාග්ධන ව්‍යුහය, ශක්තිමත් ආයතනික පාලනය සහ ශ්‍රී ලංකාවේ ක්‍රමයන් දියුණු වෙමින් වෙමින් පවතින ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රය තුළ ක්‍රමෝපායික නායකත්වය මැනැවින් පිළිබිඹු වේ.
මේ ආකාරයට First Capital Holdings PLC සමාගම තිරසාර වර්ධනයක් උදෙසා විශේෂඥතාව, නවෝත්පාදනය සහ ක්‍රමෝපායික දැක්ම උපයෝගී කරගනිමින්, වෙළඳපොළ තුළ විශ්වාසය දිනූ ප්‍රමුඛයෙකු ලෙස තම කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගනිමින් සිටී.
අවසානයි.
First Capital Holdings PLC පිළිබඳව
First Capital Holdings PLC යනු ජනශක්ති සමූහයේ සාමාජික සමාගමකි. ‘Perforamnce First’ යන තේමාපාඨය මූලික කරගත් එම සමාගම, ප්‍රාථමික අලෙවිකරුවෙකු මෙන්ම ආයතනික මූල්‍ය උපදේශන සමාගමක්, වත්කම් කළමනාකරණ සේවා සමාගමක් සහ කොටස් තැරැව්කරණ සමාගමක් ලෙස කටයුතු කරයි. ස්ථාවරත්වය, තරගකාරීත්වයේ වාසිය සහ සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන First Capital සමාගම, JXG (ජනශක්ති සමූහය) හිද සහයෝගය ඇතිව ‘කාර්යසාධනයට මුල් තැන දෙන’ ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටී. අඛණ්ඩව වසර 2 ක් Brand Finance වෙතින් ‘ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රයේ වටිනාම පාරිභෝගික සන්නාමය’ යන ඇගයුම හිමිකර ගැනීමට සමාගම සමත් විය. ප්‍රාග්ධන වෙළඳපොළ විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් දශක හතරක පළපුරුද්දක් සහිත First Capital Holdings PLC සහ එහි අනුබද්ධ සමාගම වන First Capital Treasuries හි ශ්‍රේණිගත කිරීම Lanka Credit Rating Agency Limited (LRA) විසින් “A” සිට “A+” දක්වා උසස් කරන ලද අතර, Outlook මට්ටම positive සිට stable දක්වා උසස් කරන ලදි.


Seriously crushing it on 78WINOKVIP! This site is top-notch. VIP treatment all the way, and the wins have been crazy. Definitely recommend 78winokvip. You won’t be disappointed.
888slot mang đến dịch vụ chăm sóc khách hàng chuẩn 5 sao, phục vụ tận tình mọi lúc mọi nơi kể cả ngày lễ tết. TONY01-06S
**mitolyn**
Mitolyn is a carefully developed, plant-based formula created to help support metabolic efficiency and encourage healthy, lasting weight management.