Prepare for a theatrical experience that brings people together and celebrates life. The Peterite Arts Foundation, in proud association with World Vision Lanka, announces the showing of an amateur production arranged with Casarotto Ramsay & Associates Ltd. Every Brilliant Thing, the acclaimed solo play by Duncan Macmillan and Jonny Donahoe. Directed by Theruni Indrapala, the…
Janashakthi Life නල්ලූර් උත්සවයට සමගාමීව දින 10 ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්‍රදේශයේ ජනතාව සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්‍රධානතම අරමුණ විය. ජීවිත රක්ෂණය සහ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට 7,000කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහනේ පළමු දින 5 තුළ චුන්නාකම්, චංකානයි, නාවට්කුලි, කොකුවිල් සහ ගුරුනගර් යන ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී Janashakthi Life නියෝජිතයෝ ප්‍රදේශවාසීන් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින්, අර්ථවත් සංවාද ඔස්සේ ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කළහ.
වැඩසටහනේ ඉතිරි දින 5 තුළ Janashakthi Life කණ්ඩායම විසින් නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ විශේෂ ප්‍රවර්ධන කුටියක් පවත්වාගෙන යන ලදී. නල්ලූර් උත්සවයට සහභාගී වීමට පැමිණි බැතිමතුන්ට සහ අමුත්තන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක එම කුටිය ස්ථාපිත කර තිබිණි. එම කුටියට පැමිණි පුද්ගලයන්ට ජීවිත රක්ෂණය පිළිබඳව පුළුල් මඟපෙන්වීමක් ලබාදුන් Janashakthi Life නියෝජිතයෝ, ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන ජීවිත රක්ෂණ විසඳුම් හඳුනා ගැනීමට සහය වූහ.
Janashakthi Life හි 32 වැනි සංවත්සර සැමරුම සහ රක්ෂණ මාසය සැමරීමේ වැඩසටහන්වල කොටසක් ලෙස මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. උතුරු පළාතේ ඉහළම සංස්කෘතික වැදගත්කමකින් යුත් උත්සවයක් වන නල්ලූර් උත්සවය කේන්ද්‍ර කරගත් මෙම වැඩසටහනේදී, උතුරු අර්ධද්වීපයේ ජනතාව සහ නල්ලූර් කන්දසාමි කෝවිල අතර පවතින ආධ්‍යාත්මික හා සමාජීය බැඳීමද විශේෂයෙන් සැලකිල්ලට ගෙන තිබිණි. දීර්ඝ ඉතිහාසයක් ඇති නල්ලූර් උත්සවයට රට පුරා මෙන්ම ලොව පුරා වෙසෙන බැතිමතුන් දහස් ගණනක් සහභාගී වෙති. එම බැතිමතුන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමටත්, පුද්ගලයන්ට සහ පවුල්වලට ජීවිත රක්ෂණයේ වැදගත්කම පෙන්වා දීමටත් මෙය අවස්ථාවක් කරගැනීමට Janashakthi Life තීරණය කළේය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Janashakthi Insurance PLC හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය: “Janashakthi Life හි කාර්යභාරය හුදෙක් ජීවිත රක්ෂණ පිරිනැමීමට සීමා වන්නේ නෑ. ජනතාවට සමීපව සිටිමින්, සමාජීය හා සංස්කෘතික වශයෙන් ඔවුන්ට වැදගත් අවස්ථාවලදී ඔවුන් සමඟ අත්වැල් බැඳගැනීමටත්, ජීවිත රක්ෂණයේ වැදගත්කම පිළිබඳව අර්ථවත් සංවාද ගොඩනංවා ගැනීමටත් අප සෑමවිටම උත්සාහ කරනවා. මෙවැනි වැඩසටහන් ඔස්සේ රට පුරා ජනතාවට තමන් සහ තම පවුල් වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් ගොඩනංවා ගැනීමට සහය වීම අපගේ අරමුණයි.”
Janashakthi Life යනු කවදත් ජීවිත නඟාසිටුවීමට සහ අපේක්ෂාවන් සවිබල ගැන්වීමට කැප වී සිටින සමාගමකි. එම කැපවීම ඔස්සේ ජනතාව සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සමාගම දක්වන නිරන්තර උත්සාහය මෙම වැඩසටහන මඟින් නැවතත් පිළිබිඹු විය. ඉදිරියටත් ජනතාව ජීවත් වන සහ ඔවුන් සමාජීය හා සංස්කෘතික ක්‍රියාකාරකම්වල නිරත වන ස්ථාන වෙතටම ගොස් ඔවුන්ට ජීවිත රක්ෂණයේ වැදගත්කම පෙන්වා දීම Janashakthi Life හි අරමුණ වී තිබේ.
අවසානයි
Janashakthi Life පිළිබඳව
1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ Janashakthi Life වසර 30 කට අධික උරුමයක් සමගින් මෙරටට නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් හඳුන්වා දෙන, දොරින් දොර කියැවෙන නාමයක් බවට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක් වන Janashakthi Insurance PLC මේ වන විට දිවයින පුරා ශාඛා 76 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. “Uplifting lives and empowering dreams” (‘ජීවිත නඟාසිටුවීම සහ සිහින බලගැන්වීම’) යන ආයතනික අරමුණට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහ සියලුම හවුල්කරුවන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට සේවාවක් සලසමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එම සමාගමේ අරමුණ වී තිබේ.
Janashakthi Insurance PLC – https://www.janashakthi.com/