Hayleys Mobility Limited, the mobility arm of Hayleys Fentons Limited, has introduced the all-new JAECOO J5 HEV, broadening its range of high-performance hybrid SUVs to meet the evolving demands of Sri Lanka’s growing new-energy vehicle market. Designed to meet the needs of modern drivers, the JAECOO J5 HEV combines intelligent hybrid performance, advanced safety features,…
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දශක 3 කට අධික සාඩම්බර උරුමයක් හිමි Prime සමූහ ව්‍යාපාරය 2026 තරග කාලසීමාව සඳහා තර්ස්ටන් විද්‍යාලයේ රග්බි 1st XV Leadership කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේය.
Prime සමූහය යනු කවදත් ව්‍යාපාරකරණයෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා හා සමාජ සත්කාර ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය ලබාදීමට නොපැකිළව ඉදිරිපත් වන සමාගමකි. විශේෂයෙන්ම රටේ අනාගත පරම්පරාවන්ගේ යහපත උදෙසා තරුණ පරපුර සවිබල ගැන්වීම, ප්‍රජා සංවර්ධනය සහ ක්‍රීඩා පහසුකම් නැංවීම ආදිය සඳහා Prime සමූහය විශාල අවධානයක් යොමු කර තිබේ.
රග්බි යනු ක්‍රීඩකයන් තුළ කුඩා කාලයේ සිටම කැපවීම, විනය සහ කණ්ඩායම් හැඟීම වැනි ගුණාංග වර්ධනය කරන ක්‍රීඩාවකි. ක්‍රීඩාවට පමණක් සීමා නොවන මෙම ගුණාංග රටට වැඩදායී පුරවැසියන් බිහිකිරීමට මහෝපකාරී වේ. තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමට සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට Prime සමූහ ව්‍යාපාරය තීරණය කළේ එබැවිනි. ක්‍රීඩාශීලීත්වයට සහ අන්‍යෝන්‍ය ගෞරවයට මුල් තැන හිමි වන මෙබඳු ක්‍රීඩාවක ජය කෙහෙළි නැංවීම සඳහා මේ විශිෂ්ට කණ්ඩායමට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව Prime සමූහය බෙහෙවින් සතුටු වේ.
Prime සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා අදහස් දක්වමින්, “තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස එහි 1st XV Leadership රග්බි කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට හැකි වීම ගැන මා ආඩම්බර වනවා. නායකත්වය, විනය, කණ්ඩායම් හැඟීම සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග මගේ ජීවිතයට එක් වූයේ තර්ස්ටන් විද්‍යාලය නිසයි. ක්‍රීඩාව තුළින් තවදුරටත් වර්ධනය වූ මෙම ගුණාංග අදටත් මගේ ජීවිතයට මඟපෙන්වනවා. රග්බි කණ්ඩායමට මෙලෙස අනුග්‍රහය දැක්වීම මගේ පාසලට දක්වන ගෞරවයක් මෙන්ම විශිෂ්ටත්වයේ ගිනිසිළුව අනාගතය වෙත රැගෙන යාම සඳහා සිසු පරපුර සවිබල ගැන්වීමක් ලෙසද මා දකිනවා,” යැයි පැවසීය.
ශ්‍රී ලංකාවේ දියුණුව වෙනුවෙන් දශක තුනක පටන් ඉමහත් කැපවීමෙන් යුතුව දායක වෙමින් සිටින Prime සමූහ ව්‍යාපාරය තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ක්‍රීඩා ක්ෂේත්රයේ යහපත වෙනුවෙන් Prime සමූහය ඉටුකරමින් සිටින දීර්ඝකාලීන මෙහෙවරක තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
වමේ සිට: තර්ස්ටන් විද්‍යාලයීය රග්බි සමාජයේ උප සභාපති අෆ්ලාල් ඉසඩීන්, Prime සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්රහ්මණගේ, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ, තර්ස්ටන් විද්‍යාලයීය රග්බි සමාජයේ සභාපති එයාර් කොමඩෝර් සුභාෂ් ජයතිලක සහ එම සමාජයේ භාණ්ඩාගාරික සුදේශ් ගෝමස් යන මහත්වරුන්