பெங்கொக்கின் மிகவும் பிரபலமான Soho Hospitality நிறுவனத்திற்குச் சொந்தமான Charcoal Tandoor Fire Grill உணவகம், இலங்கை மக்களுக்காகப் புதியதொரு அனுபவத்தை வழங்கும் நோக்குடன் கொழும்பில் அண்மையில் திறந்து வைக்கப்பட்டது. கொழும்பு யூனியன் பிளேஸில் அமைந்துள்ள Capitol Twin Peaks இன் 50வது மாடியில் ஆரம்பிக்கப்பட்டுள்ள இந்த தனித்துவமான உணவகத்தின் நோக்கம், இலங்கையர்களுக்கு உயர்தர உணவு அனுபவத்தை வழங்குவதாகும். இலங்கையின் முன்னணி இசை ஜாம்பவான்களான பாத்திய ஜயகொடி, சந்துஷ் வீரமன் மற்றும் மெவன் குணதிலக்க ஆகியோரின் கூட்டு…
ජනශක්ති ෆිනෑන්ස්සමාගම ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ප්‍රවර්ධන වැඩසටහනට Effie සම්මාන උළෙලේදීලෝකඩ සම්මානයක් හිමි වේ.
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට පසුගියදා පැවති Effie Awards Sri Lanka 2025 හිදී ‘Finance’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. ඒ ත්‍රිරෝද රථ රියදුරන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නවන ලද ‘Uplifting the Sri Lankan Three-Wheel Community’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි.
ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස භාවිතා කරන අතරම වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින් අඩු පහසුකම්ලාභී ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, එහි සාර්ථකත්වය මෙම සම්මානය මඟින් මැනැවින් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Effie සම්මාන උළෙල, මෙරට අලෙවිකරණ සහ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙලක් ලෙස සැලකේ. එහිදී පැහැදිලි ක්‍රමෝපායික චින්තනයක් පදනම් කරගනිමින් නිර්මාණය වූ සහ සාර්ථක ප්‍රතිඵල ලබාදෙන සන්නිවේදන වැඩසටහන් ඇගයීමට ලක්කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය, එහෙත් සාමාන්‍යයෙන් නිසි පිළිගැනීමක් නොලබන පිරිසක් වන ත්‍රිරෝද රථ රියදුරන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙම රියදුරන් අතරින් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන අදායම් මාර්ගය මෙය වන අතර, ඒ ඔස්සේ ඔවුහු තම පවුල්වලට මෙන්ම රටේ අවධිමත් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙති.
මෙම වැඩසටහන යටතේ මෙම පිරිස සමඟ සෘජුව සම්බන්ධ වීම සඳහා ජනශක්ති ෆිනෑන්ස් විසින් ඩිජිටල් මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය සහ එළිමහන් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පෙළක් සංවිධානය කරන ලදි. එහිදී මෙම රියදුරන් සමාජයේ යහපත වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගය කරන අතරම ඔවුන්ගේ ආදායම් උත්පාදනය සහ ජීවනෝපාය මාර්ගවල ස්ථාවරත්වය වෙනුවෙන්ම සැලසුම් කරන ලද මූල්‍ය විසඳුම් පෙළක්ද හඳුන්වා දෙන ලදි. වගකීමක් සහිත මූල්‍ය සේවාවන් තෝරාගැනීමට ඔවුන් යොමුකරවමින්, තම රථවාහන නඩත්තු කිරීමට හෝ අලුත් වාහන මිලදී ගැනීමට ඔවුන්ට අත්වැලක් වීම එහි ප්‍රධාන අරමුණ විය.
“මේ ප්‍රවර්ධන වැඩසටහන මෙලෙස ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකාවේ ජීවන හා ආර්ථික පැවැත්මට උරදෙන දෛනික ව්‍යවසායකයන් අගයන අතරම, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සහ ආර්ථික ශක්තිය වැඩිදියුණු කරන මූල්‍ය විසඳුම් හඳුන්වා දීම සඳහා අප දක්වන උනන්දුව මෙමඟින් මැනැවින් පිළිබිඹු වනවා. එමෙන්ම මෙය ව්‍යාපාරික වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන අතරම සමාජයට යහපතක් සිදුකරන මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාවට නැංවීමට අප තවතවත් දිරිගන්වන ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී හි ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගජේන්ද්‍රන් මහතා පැවසීය.
ත්‍රිරෝද රථ රියදුරන් මුහුණ දෙන අභියෝග, ඔවුන්ගේ අනාගත ඉලක්ක සහ ඔවුන් රටේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය ආදිය මැනැවින් පිළිබිඹු කළ මෙම වැඩසටහන මඟින්, ජනශක්ති ෆිනෑන්ස් යනු හුදෙක් මූල්‍ය සේවාවන් සපයන සමාගමක් පමණක් නොව, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගවල ස්වභාවය මැනැවින් අඳුනාගෙන ඒ සඳහා නිසි සහයෝගය ලබදෙන විශ්වාසනීය හවුල්කරුවෙකු බව පෙන්වා දෙන ලදි.
මෙම සම්මානය, පැහැදිලි අරමුණක් සහිතව සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරන අතරම, දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිදු භේදයකුන් තොරව ඵලදායී මූල්‍ය සේවාවන් සපයමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම ශක්තිමත් කළ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.
අවසානයි.
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී) පිළිබඳව
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් ඒවා), විකල්ප ,මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 44 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.

ProDentim is a distinctive oral-care formula that pairs targeted probiotics with plant-based ingredients to encourage strong teeth, comfortable gums, and reliably fresh breath.
ProDentim is a modern oral-health supplement formulated with specialized probiotics and naturally sourced ingredients to help maintain firm teeth
NerveCalm is a high-quality nutritional supplement crafted to promote nerve wellness, ease chronic discomfort, and boost everyday vitality.
Backbiome is an advanced daily wellness supplement formulated to help support spinal comfort, reduce feelings of built-up tension, and promote freer, smoother movement throughout everyday life.
PurDentix is a revolutionary oral health supplement designed to support strong teeth and healthy gums. It tackles a wide range of dental concerns, including gum inflammation and tooth decay
AquaSculpt is a high-quality metabolic support supplement created to help the body utilize fat more efficiently while maintaining steady
GL Pro is a natural dietary supplement formulated to help maintain steady, healthy blood sugar levels while easing persistent sugar cravings.
Backbiome is an advanced daily wellness supplement formulated to help support spinal comfort, reduce feelings of built-up tension, and promote freer, smoother movement throughout everyday life.
Boostaro is a modern mens wellness formula created to support daily vitality, stamina, and confidence through a practical, natural routine.
AquaSculpt is a high-quality metabolic support supplement created to help the body utilize fat more efficiently while maintaining steady