First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that their Chairman, Rajendra Theagarajah, was honoured with the Silver Award for Outstanding Independent Non-Executive Director of the Year at the inaugural SLID–ACCA National Corporate Director Awards 2025, in recognition of his leadership, integrity and contribution to strengthening corporate governance standards…
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පිරිනමන ගම්පහ ‘The Palace’ ව්‍යාපෘතියේ මංසළකුණක් සනිටුහන් කරමින් 200 වෙනි නිවාස ඒකකයත් භාර දෙයි.
පසුගියදා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් ගම්පහ, ‘The Palace’ 200 වෙනි නිවාස ඒකකය භාරදෙමින්, ව්‍යාපෘතියේ තවත් මං සලකුණක් සනිටුහන් කරන්නට සමත් විණි. මෙම ‘The Palace’ ව්‍යාපෘතිය සුවිශේෂී ජීවන රටාවකට මඟ පාදන අතරම, අගනා ආයෝජන වටිනාකමක් ද පාරිභෝගිකයින්ට ලබාදේ.
මෙම 200 වෙනි නිවාස ඒකකය භාර දීම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි තවත් මං සලකුණක් නියෝජනය කරන අතරම, එය නවීන ජීවන රටාවකට මුසු වුණු මූල්‍ය ප්රතිලාභයන්ද සමඟ, ඉහළ මට්ටමේ නිවැසි ප්‍රජාවක කොටස්කරුවෙකු වීමට පාරිභෝගික ඔබට අනගි අවස්ථාවක් ද නිර්මාණය කරදේ.
ආයෝජන අවස්ථා සොයා යන ඔබටද ගම්පහ ‘The Palace’ වටිනා අවස්ථාවක් පිරිනමයි. ගම්පහ නගර සීමාව තුළ, නුවර-කොළඹ මහා මාර්ගයට මීටර 100 ක් පමණක් දුරින් පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය, එහි වටිනාකම දිනෙන් දින වැඩි වන ලෙසින් ස්ථානගත වී තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පහසු ප්‍රවේශයක් තිබීමත්, ඉහළම මට්ටමේ පාසල් වලට, රෝහල් වලට සහ ප්‍රධාන වෙළඳ සංකීර්ණයන්ට අතේ දුරින් පිහිටීමත්, මෙහි නිවාස වල වටිනාකමත්, ඒ සඳහා වන කුලී ඉල්ලුමත් වැඩි කරයි. ගම්පහ නගර සීමාවේ ඉඩම් වල වටිනාකම ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ, ‘The Palace’ හි මුල් ගැනුම්කරුවන්ට දැනටමත් ඔවුන්ගේ ආයෝජනයට සැලකිය යුතු දිගුකාලීන වර්ධනයක් ලැබෙනා බව සහතික වී තිබේ.
ගම්පහ ‘The Palace’ එවන් සුවිශේෂී ආයෝජන අවස්ථාවක් ලබා දෙන අතරම, ‘The Palace’ නිවෙස් හිමියන්ට අසමසම ජීවන රටාවක් භුක්ති විඳීමට අවස්ථාවද උදා කර දේ. පිහිනුම් තටාකයක්, අංගසම්පූර්ණ ව්‍යායාම ශාලාවක්, බැඩ්මින්ටන් ක්‍රීඩා පිටි, යෝග අභ්‍යාස පරිශ්‍රයක් සහ අලංකාරවත්ව නිර්මාණය කෙරී තිබෙන ඇවිදීමේ මාර්ග ඇතුළු පහසුකම් සමඟින්, ‘The Palace’ ලබාදෙන නිවාඩු නිකේතනයකින් අපේක්ෂා කළ හැකි ආකාරයේ උසස් පහසුකම් ඊට නිදසුන් වේ. එසේම ඔබේ සමාජ ජීවිතයත්, විවේකයත් ගත කිරීම වෙනුවෙන්ම ‘The Palace’ තුළ නිර්මාණය කර තිබෙන ග්‍රෑන්ඩ් ඩියුක්ස් කැෆේ සහ බාර්, රෝයල් උත්සව ශාලාව, වින්ඩ්සර් පුස්තකාලය මෙන්ම කැරෝකේ මධ්‍යස්ථාන සහ ගෘහාශ්‍රිත ක්රීඩාගාර යන පහසුකම් ඔබේ ජීවන රටාව සම්පූර්ණ කරනු ඇත. මෙහි ඇති හුරුබුහුටි සුපිරි වෙළඳසැල සහ 24 පැයේ සැපයෙන ආරක්ෂාව ඇතුළු පහසුකම් මගින් ඔබගේ සිතේ සැනසීම රැක දෙනු ඇත.
“මෙම නිවාස ඒකක 200 භාරදීම ඔස්සේ, විශිෂ්ට ප්‍රජාවන් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහයට තිබෙන හැකියාව පෙන්නුම් කෙරේ. එසේම පදිංචිකරුවන්ට ඉහළම මට්ටමේ පහසුකම් සමඟ විශිෂ්ට ජීවන රටාවක් ද සමගින් ශක්තිමත් ආයෝජන අවස්ථාවක් පිරිනැමීමට ප්‍රයිම් සමාගම දක්වන කැපවීමද මෙයින් පිළිබිඹු වේ. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දශක තුනක අත්දැකීම් සමඟින්, අපි දැනුම් තේරුම් ඇති නිවෙස් හිමියන්ගේ දිනෙන් දින වැඩිදියුණු වන අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් සපුරාලීම සඳහා ‘The Palace’ නිර්මාණය කර ඇත.” ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා එසේ පැවසීය.

ප්‍රයිම් සමූහය වසර 30 ක් අඛණ්ඩව රැක ගෙන එන විශ්වාසය හා විශිෂ්ටත්වය සමගින්, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ පුරා මේ වන විට සාර්ථක ව්‍යාපෘති 45 කට වඩා සම්පූර්ණ කර තිබෙන අතර, මේ වන විටත් වැඩ කටයුතු සිදුවෙමින් පවතින ව්‍යාපෘති 5 කට වැඩි ප්‍රමාණයක් සහ නව ව්‍යාපෘති දියත් කිරීම් 2 ක් ද ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සන්නාමය යටතේ පවතී. මූලිකව කිසිදු මුදලක් නොගෙවා දේපළක් හිමි කර ගැනීමේ අවස්ථාව, නම්‍යශීලී මූල්‍ය පහසුකම් ඇතුළු ආකර්ෂණීය පහසු ගෙවීමේ ක්‍රම පිරිනමන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස්, ඔබේම නිවසක් හිමි කර ගැනීමේ සිහිනය වෙන කෙදිනකටත් වඩා පහසුවෙන් යථාර්ථයක් බවට පත් කර දෙනු ඇත.
ඔබටත් නිවසක් වෙන් කරවා ගැනීමට හෝ ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනගැනීම සඳහා 0701 087 087 අංකය ඔස්සේ ‘The Palace’ අමතන්න.

