Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
ප්‍රයිම් සමූහය සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තැබේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරය වන ප්‍රයිම් සමූහය (Prime Group) ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA) සමග ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේය. පළාත් පාලන ආයතන නිලධාරීන් වෙනුවෙන් දීපව්‍යාප්ත මට්ටමින් ශක්‍යතා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම එහි අරමුණයි.
මෙම වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනවල සේවය කරන නිලධාරීන් හා නිලධාරිනියන් දැනුවත් කිරීමට හා ඔවුන්ට පුහුණුවක් ලබාදීමට නියමිතය. ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් පළාත් පාලන ආයතනවල සේවාවන්හි කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නවෝත්පාදන හැකියාව වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘ප්‍රයිම් රාජ්‍ය සේවා අභිමන්’ වැඩසටහන යටතේ ක්‍රියාවට නංවනු ලබන මෙය, අර්ථවත් ප්‍රජා සංවර්ධනයක් සහ වගකීම් සහගත ආයතනික පුරවැසිභාවයක් උදෙසා ප්‍රයිම් සමූහය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනී හේමන්ති ගුණසේකර මහත්මිය පැවසුවේ, මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශයේ දේපළ වෙළඳාම් සන්නාමයක් අතර මෙබඳු හවුල්කාරීත්වයක් ඇතිකරගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.
මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා මෙසේ අදහස් දැක්වීය. “රාජ්‍ය සේවකයන් සවිබල ගැන්වීම, ජාතිය ගොඩනැගීම හා ජාතික සංවර්ධනයට ඍජුවම බලපාන බව අප තදින්ම විශ්වාස කරනවා . රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ හවුල්කාරිත්වයකටත් වඩා පරිපාලන ක්‍රමවේදය සවිමත් කිරීම මෙම ගිවිසුමේ මූලික අරමුණයි. වඩා කාර්යක්ෂමවත්, වගකීම් සහගතවත් රාජකාරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමද මෙමගින් අප බලාපොරොත්තු වෙනවා . මේ සියලු සත්කාරයන් සඳහා අනුග්‍රහය සැපයීම, වගකීමට එහා ගිය යුතුකමක් වශයෙන් ප්‍රයිම් සමුහයේ අප සලකනවා.”
රාජ්‍ය සේවා අභිමන් වැඩසටහන යටතේ දැනටමත් ගම්පහ සහ මීගමුව යන ප්‍රදේශවල පුහුණු වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහන්වලදී පුහුණුව ලැබූ පළාත් පාලන නිලධාරීන් සංඛ්‍යාව 150 කට අධික වන අතර, එහිදී එම නිලධාරීන්ගේ මෘදු කුසලතා, සන්නිවේදන හැකියාවන්, චර්යාත්මක ප්‍රවේශයන් සහ සමස්ත කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරිණි.
අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමන්ති ගුණසේකර මහත්මිය මෙසේ පැවසුවාය. “පළාත් පාලන බලධාරීන්ට පැවරී ඇති වගකීම් ප්‍රමාණය විශාලයි. එය පුද්ගලයන්ගේ උපතේ සිට මරණය දක්වාම විහිදී පවතිනවා. එම නිසා රට පුරා පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 341 හි ම සේවය කරන නිලධාරීන් සහ සාමාජිකයන් සවිබල ගැන්වීම අතිශයින් වැදගත්. මෙම අභියෝගය රජයට පමණක් තනිව ජයගත හැකි එකක් නොවෙයි. ඒ සඳහා පෞද්ගලික අංශය මෙලෙස ඉදිරිපත් වීම ප්‍රශංසනීයයි. ඒ වෙනුවෙන් අප ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අපගේ හෘදයාංගම කෘතවේදීත්වය පළකර සිටිනවා.”
ප්‍රයිම් සමූහය සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය අතර අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම, පළාත් පාලනය නගාසිටුවීම අරමුණු කරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන්ගේ නව යුගයක් සනිටුහන් කළ පියවරකි. එමෙන්ම එය රාජ්‍ය සේවකයන් සවිබල ගන්වමින් රට පුරා ප්‍රජාවන්ට යහපත සැලසීම සඳහා දෙපාර්ශ්වය දක්වන පොදු උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන වැඩසටහනක් ලෙසද හැඳින්විය හැක.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.
Your article helped me a lot, is there any more related content? Thanks!
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me. https://www.binance.bh/register?ref=QCGZMHR6