Cambridge University Press & Assessment hosted the Cambridge English Leadership Conference (CELC) 2026 in Colombo, bringing together principals, school leaders and English educators to discuss how schools can prepare learners for success in an increasingly AI-enabled world. The conference explored how learner-centred classrooms, effective assessment, data-driven feedback, and strong foundations in communication can help students…
සම්පත් චක්‍රීයතා විසඳුම් ප්‍රවර්ධනය ඉලක්ක කරගත්, තිරසර බව සඳහා සම්පත් කාර්යක්ෂමතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICRES 2025) INSEE Ecocycle සත්කාරකත්වයෙන් පැවැත්වේ
Siam City Cement (Lanka) සමාගම (INSEE සිමෙන්ති) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන INSEE Ecocycle Lanka (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලැබූ, තිරසරභාවය සඳහා සම්පත් කාර්යක්ෂමතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICRES 2025) පසුගියදා කොළඹ Cinnamon Life-City of Dreams හිදී අති සාර්ථක අයුරින් පවත්වනු ලැබූ අතර, මෙවර එහි තේමාව වූයේ “ඔරොත්තු දෙන අනාගතයක් සඳහා සම්පත් කාර්යක්ෂමතාව” (Resource Efficiency for a Resilient Future) යන්නයි. මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්තයන්, ශාස්ත්‍රීය පර්යේෂකයන් සහ නවෝත්පාදකයින් ඇතුළු 600කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම සුවිශේෂී වැඩසටහනට සමාරම්භක උත්සවයක්, තාක්ෂණික සැසියක් සහ “Future360: Connected Circularity” තේමාව යටතේ පැවති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුවක් ඇතුළත්ව තිබිණි. උසස් නිෂ්පාදන තාක්ෂණයන්, පුනර්ජනනීය බලශක්ති විසඳුම්, තිරසර අපද්‍රව්‍ය කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම ඇතුළු චක්‍රීය ආර්ථිකය හා සම්පත් කාර්යක්ෂමතාව පිළිබඳ නවීන තේමාවන් දහතුනක් ඔස්සේ සාකච්ඡාවන් පැවැත්විණ.
INSEE සිමෙන්ති සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි නන්දන ඒකනායක මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විශේෂඥතාව ගෙන ඒමේ දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති INSEE Ecocycle සමාගමට, අපේ කර්මාන්තය මුහුණ දෙන අභියෝග පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක් තිබෙනවා. INSEE සමාගමේ 2030 තිරසර ඉලක්ක ඔස්සේ පාරිසරික, සමාජ හා පාලන (ESG) මූලධර්ම අපගේ ආයතනික දේහයට ඉතා තදින් කාවැදී තිබෙනවා. නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ සහයෝගීතාව තුළින් මෙම ගැටලු විසඳිය හැකි බව අප විශ්වාස කරනවා. ICRES 2025 සහයෝගීතා වේදිකාව අප නිර්මාණ කළේත් ඒ අරමුණ පෙරදැරිවයි”
මෙම සමුළුව මඟින් ශාස්ත්‍රීය, රාජ්‍ය හා පුද්ගලික ආයතනවල නියෝජිතයන් ඒකරාශී කිරීමටත්, දැනුම හුවමාරු කර ගැනීමට සහ ප්‍රායෝගික විසඳුම් සංවර්ධනය සඳහා අවස්ථාව සලසා දෙන ලදී. සහභාගී වූ පිරිසට කර්මාන්ත අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමට මෙන්ම පාරිසරික අභියෝගයන්ට මුහුණ දීමේ සුවිශේෂී ක්‍රමවේදයන් පිළිබඳව ද ගවේෂණයට අවස්ථාව හිමි විය.
INSEE Ecocycle අධ්යක්ෂ සුජිත් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයට චක්‍රීය ආර්ථිකයක් හඳුන්වා දීම සඳහා ප්‍රධාන අභියෝග කිහිපයක් තිබෙනවා. තාක්ෂණික සීමාකම්, ආර්ථික සීමාකම්, දැනුවත්භාවයේ අඩුපාඩු සහ නියාමනය සඳහා ඇති අවශ්‍යතා ඒ අතරින් කිහිපයක්. INSEE Ecocycle කියන්නේ, තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ පෙරමුණ ගෙන සිටින ආයතනයක්. මේ අභියෝග ජයගන්නට නම් සාමූහික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි. අපි ICRES 2025 සමුළුව පවත්වනු ලැබුවේ, ක්ෂේත්රයේ නියුතු වෘත්තිකයන්ට, ශාස්ත්‍රඥයන්ට සහ ආයතනවලට සාමූහිකව නවෝත්පාදන කටයුතු සිදු කරමින්, තිරසර සංවර්ධනය සඳහා කැපවිය හැකි වේදිකාවක් නිර්මාණය කර දීමටයි.” යනුවෙන් සඳහන් කළේය.
සම්පත් චක්‍රීයතාව සඳහා නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කෙරුණු ‘චක්‍රීය අභියෝගය’ සමුළුවේ කැපී පෙනෙන අංගයක් විය. මෙම අවස්ථාව අතරතුර, තිරසර සංවර්ධන විසඳුම් සඳහා සුවිශේෂී විසඳුම් ඉදිරිපත් කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමක් ද සිදු විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ කර්ටින් විශ්වවිද්‍යාලය, RMIT විශ්වවිද්‍යාලය, මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය, වැනීසියේ කා’ෆොස්කාරි විශ්වවිද්‍යාලය සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලය ඇතුළු කීර්තිමත් විශ්වවිද්‍යාල නවයක සහයෝගීත්වය සමඟ සමුළුවේ කළමනාකාරීත්වය හොබවනු ලැබුවේ GapHQ විසිනි.
ICRES 2025, ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථික පරිවර්තනයක් කරා මෙහෙයවීම සඳහා INSEE Ecocycle හි අඛණ්ඩ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් පෙන්නුම් කරනු ලැබූ සමුළුවක් විය. සහයෝගීතාව සඳහා ජාත්‍යන්තර වේදිකාවකට අවකාශ සලසමින්, INSEE Ecocycle තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් සඳහා අඛණ්ඩව පුරෝගාමීව කටයුතු කරන අතර, ඉදිරි පරම්පර වෙනුවෙන් තිරසර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා කර්මාන්ත තුළ නවෝත්පාදනය පෝෂණය කරන්නට ද ස්වකීය දායකත්වය ලබා දෙයි.