Siyapatha Finance PLC recently expanded its island-wide footprint with the successful inauguration of its 64th branch in Bandarawela. Strategically located in scenic hill town in the Badulla District, the latest branch offers convenient and wider access to tailored, customer-centric financial solutions. The branch was ceremoniously declared open by Siyapatha Finance PLC Chief Executive Officer (CEO)…
විශාල ත්‍යාග හිමිකර දෙමින් ප්‍රීමා කොත්තු මී Hot ‘N’ Spicy ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන නිමාවට
2026 මැයි 18, කොළඹදීය: T20 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව ප්‍රීමා කොත්තු මී වෙතින් පාරිභෝගිකයන් වෙත නව අත්දැකීමක් ගෙන ආ Hot ‘N’ Spicy ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා නිල වශයෙන් සාර්ථකව අවසන් විය.
මෙහිදී දිවයින පුරා පාරිභෝගිකයන්ට Hot ‘N’ Spicy පැකට්ටුව තුළ ඇති රහස් කේතය SMS කිරීම මගින් මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමිවිය. ත්‍යාග අතරට රුපියල් මිලියනයේ සුපිරි ත්‍යාගයක්, සතිපතා රුපියල් 50,000 සහ රුපියල් 25,000 මුදල් ත්‍යාග මෙන්ම දිනපතා රුපියල් 1,000 ක් වටිනා රීලෝඩ් ත්‍යාගයන් ඇතුළත් විය.
මෙම වැඩසටහනේ උද්යෝගය තවදුරටත් ඉහළ නංවමින් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාසනාවන්ත රුපියල් මිලියනයක සුපිරි ත්‍යාගයේ ජයග්‍රාහිකාවක් බිහිවූ අතර, තවත් බොහෝ ජයග්‍රාහකයන් පිරිසකට සති හයක් පුරා දිනපතා රීලෝඩ් සහ සතිපතා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමි විය.
සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ “Hot ‘N’ Spicy ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන හරහා පාරිභෝගිකයන් හා වඩාත් සමීප වීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම වැඩසටහන පුරාවට අප සමඟ අත්වැල් බැඳගනිමින් සහය දුන් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා” යනුවෙන්ය.
ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථක නිමාවත් සමඟ ප්‍රීමා කොත්තු මී තරුණ තරුණියන් වෙත විනෝදාස්වාදයන් පිරි නව Hot ‘N’ Spicy අත්දැකීම්මින් ඉදිරියට වඩාත් සමීප කිරීමට සූදානමින් සිටියි.
ඡායාරූප විස්තරය : ප්‍රීමා කොත්තු මී Hot ‘N’ Spicy ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්රාහකයින්ට රුපියල් මිලියනයේ සුපිරි ත්‍යාගය හා අනෙකුත් මුදල් ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට සම්බන්ධ වූ ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා.