First Capital Holdings PLC and Janashakthi Finance PLC, subsidiaries of JXG (Janashakthi Group), announced that their Chairman, Rajendra Theagarajah, was honoured with the Silver Award for Outstanding Independent Non-Executive Director of the Year at the inaugural SLID–ACCA National Corporate Director Awards 2025, in recognition of his leadership, integrity and contribution to strengthening corporate governance standards…
IDB සහ WCIC සමඟ හවුල්කාරිත්වයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සවිබල ගන්වයි
යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම් කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය ලබා දීමේ පරමාර්ථයෙන් 2024 වසරේදී යුනිලිවර් සහ IDB විසින් අත්සන් තබන ලද වසර 3 ක අවබෝධතා ගිවිසුමේ තවත් එක් පියවරක් වේ. මෙම වැඩසටහන ඔස්සේ 2025 වසර අවසානය වන විට ව්‍යවසායකයන් 60 දෙනෙකුට සිය සහයෝගය ලබාදීමට අපේක්ෂා කෙරේ. බතික් සහ අත්යන්ත්‍ර ඇඟළුම් නිෂ්පාදන , රසකැවිලි, පාවහන් සහ කුළුබඩු ඇතුළු කර්මාන්ත රැසක් නියෝජනය කරනු ලබන ව්‍යාපාර සඳහා මෙම මූල්‍ය සහය ලබාදෙන අතර ඒ ඔස්සේ සිය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට මෙන්ම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට හැකියාව ලැබී තිබේ.
මෙම වසරේදී කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමඟ ද හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර ඒ ඔස්සේ ව්‍යවසායකයන් වෙත මාර්ගෝපදේශයක් ලබාදීමට මෙන්ම නව සබඳතා ගොඩනගා ගැනීමට ද අවස්ථාව සලසමින් මෙම අවබෝධතා ගිවිසුම තවදුරටත් සවිමත් කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහභාගී වූවාය.
මේ පිළිබඳව අදහස් දක්වමින් IDB සභාපති රවී නිශ්ශංක මහතා මෙසේ පැවසුවේය. “මෙම වැඩසටහන හරහා දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අපනයන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ ජාතික අභිලාෂයන් සඳහා දැවැන්ත සහයක් ලබාදෙනවා. මූල්‍ය ආධාරයන් පිරිනැමීමට අමතරව ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට අවශ්‍ය පුහුණුව සහ මග පෙන්වීම ලබා දීම මඟින් නව රැකියා උත්පාදනය වන අතර ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නිමවුණු උසස් තත්ත්වයේ නිෂ්පාදන අපනයනය ද මේ තුළින් ඉහළ නැංවෙනවා.”
යුනිලිවර් ශ්‍රී ලංකා හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. ” යුනිලිවර්හි තිරසාර න්‍යාය පත්‍රයේ අන්තර්ගත වන ප්‍රධාන කරුණක් ලෙස ජීවනෝපායන් වැඩිදියුණු කිරීම හැඳින්විය හැකියි.ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික සංවර්ධනය සඳහා අප දක්වන සුවිසල් දායකත්වයේ තවත් එක් පියවරක් ලෙස කාන්තා ව්‍යවසායකයන්ට සහාය දැක්වීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා IDB සහ කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය දැක්විය හැකියි “
“කාන්තා ව්‍යවසායකයන් වෙත නිවැරදි දැනුම, සබඳතා සහ උපදේශන සේවාවන් ලබා දීම ඔවුන්ගේ සාර්ථකත්වය කෙරෙහි මහඟු පිටුවහලක් වෙනවා. ඔවුන්ගේ කුසලතා සහ ව්‍යාපාරික දැනුම තවදුරටත් ශක්තිමත් කිරීම ඔස්සේ විවිධත්වයෙන් යුක්ත ව්‍යවසායක පරිසර පද්ධතියක් පෝෂණය කිරීමට අපි උත්සාහ කරනවා . ‘කාන්තා හිමිකාරීත්වයක් සහිත කාන්තාවන් විසින්ම මෙහෙයවනු ලබන ව්‍යාපාර’ පුළුල් කරමින් දිගු කාලීන බලපෑමක් ඇති කිරීමට අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් WCIC හි සභාපතිනි ගයනි ද අල්විස් මහත්මිය මේ පිළිබඳ ඇගේ අදහස් එකතු කළාය.

