The new product stack brings together Binance AI, Binance AI Pro, and Binance Agent OS to help people understand financial information, turn ideas into strategies, and build on Binance During a livestreamed event held recently, Binance Co-CEO Richard Teng and VP of Product Jeff Li unveiled Binance Intelligence, an AI product stack built into the…
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්
ශ්‍රී ලංකාව වර්තමානය වන විට මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්ව රැසක් අතරින් පිරිසිදු පානීය ජලය සොයාගැනීමේ අසීරුතාව, අපවිත්‍ර ජලය පවිත්‍රකරණය සහ පාරිසරික තිරසාරභාවය රැකගැනීම මූලිකත්වය ගනී. ජාතියක් වශයෙන් පිරිසිදු සහ හරිතවත් අනාගතයක් කරා ගමන් කරමින් සිටින මෙවන් අවධියක ABC Trade & Investment (Pvt) Ltd හි අංශයක් වන Aqua Science, ජලය පිරිපහදු කිරීම, ගෘහස්ථ අපජලය පිරිපහදු කිරීම, SMART ජල කළමනාකරණය, වායු පිරිපහදු කිරීම සහ පාරිසරික තිරසාරභාවය යන ක්ෂේත්‍ර වෙත අති නවීන විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු බවට පත්ව තිබේ.
වසර 20කට අධික අත්දැකීම් සහිත ABC Aqua Science, විශ්වසනීයත්වය සහ විශේෂඥතාව පිළිබඳව කීර්තියක් උසුලන සමාගමකි. ලොව පිළිගත් නිෂ්පාදකයින් සහ දක්ෂ කණ්ඩායමක සහාය ඇතිව ජල පිරිපහදු කිරීමේ සහ අපජල කළමනාකරණ ව්‍යාපෘති අති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමාගම කටයුතු කරයි. මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ලියාපදිංචි පරිසර උපදේශකයෙකු, ජල සම්පාදන හා අපජල ක්ෂේත්‍රයේ CIDA වර්ගීකරණයේ C4 ශ්‍රේණියේ කොන්ත්‍රාත්කරුවෙකු සහ NCASL සහ GBCSL හි සාඩම්බර සාමාජිකයෙකු ද වන ABC Aqua Science, ගුණාත්මක සහ විශ්වසනීය සේවයක් ලබාදෙමින් කර්මාන්තය තුළ ඉහළින් වැජඹේ.
අද වන විට, ABC Aqua Science ගෘහස්ථ හා කාර්මික ජල පිරිපහදු ව්‍යාපෘති 9,000 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මේ අතරින්, මහා පරිමාණ ජල සැපයුම් සහ අපජල ව්‍යාපෘති 100 ක් පමණ සුවිශේෂී යටිතල පහසුකම් යටතේ ක්‍රියාත්මක කරන ලද ඒවා විය. තවද සමාගම විසින් ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති 20ක් පමණ සම්පුර්ණ කර ඇති අතර, එමඟින් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාවට පිරිසිදු ජලය ලබාගැනීමේ හැකියාව ඉහළ නැංවීමට සමාගමට හැකිව තිබේ.
මහා පරිමාණ වාණිජ හා කාර්මික ව්‍යාපෘති වලට අමතරව, සමාජයීය වගකීම් කෙරෙහිද අවධානය යොමු කරන ABC Aqua Science ග්‍රාමීය ප්‍රජාවන්ට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය ලබාගත හැකි සමාජ සේවා ව්‍යාපෘති 130 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව අවසන් කොට තිබේ. මේතුළින් ව්‍යාපාර සහ සමාජය යන දෙකටම ප්‍රතිලාභ ලබා දෙන තිරසාර විසඳුම් නිර්මාණය කිරීමේ සමාගම් මෙහෙවර තවදුරටත් ශක්තිමත් කෙරේ.
ABC Trade & Investments (Pvt) Ltd හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ Aqua Science අංශ ප්‍රධානී අමල්රාජා ජයසීලන් මහතා පැවසුවේ, “ABC Aqua Science අපි විශ්වාස කරන්නේ, ජලය සහ පරිසරය ආශ්‍රිත තිරසාර විසඳුම් සමෘද්ධිමත් සමාජයක පදනම වන බවයි.” යනුවෙනි.
“අපි, අති නවීන තාක්‍ෂණය, කර්මාන්තය පිළිබඳ වූ විශේෂඥතාව සහ නොපසුබට උත්සාහය තුළින් ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණයේ අනාගතය නිර්මාණය කරමින් සිටිනවා. අපගේ ඉලක්කය වන්නේ විසඳුම් ලබා දීම පමණක් නොව සෑම නිවසකටම, ව්‍යාපාරයකටම සහ කර්මාන්තයකටම පිරිසිදු ජලය ලබා ගැනීමට හැකිවන අයුරින් අනාගත පරම්පරාවන් සඳහා අපගේ පරිසරය ආරක්ෂා කිරීමයි.” ඔහු තවදුරටත් පවසා සිටියේය.
ABC Aqua Science, තිරසාර අනාගතයක් සඳහා වූ දැක්මක් මගින් මෙහෙයවනු ලබන, පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ජල පිරිපහදු සහ පෙරහන් පද්ධති, පරිසර හිතකාමී සහ තිරසාර අපජල පිරිපහදු විසඳුම් සඳහා විශේෂිත වූ සමාගමකි. ශ්‍රී ලංකාව පුරා නිවාස, ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා ආරක්ෂිත සහ පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි බව සහතික කරන ABC Aqua Science, මහජන සෞඛ්‍ය සහ තිරසාරභාවය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තවද SMART ජල කළමනාකරණය සහ වායු පිරිපහදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ABC Aqua Science, ජල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ දිගුකාලීන පාරිසරික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා අති නවීන තාක්ෂණය උපයෝගී කර ගනී.
ABC Aqua Science යනු තිරසාර ජල කළමනාකරණ විසඳුම් සොයන ව්‍යාපාර සහ ප්‍රජාවන් සඳහා විශ්වාසදායකම සහකරු වේ. නව්‍ය හා පරිසර හිතකාමී ජල පිරිපහදු පද්ධති සඳහා ඇති ඉල්ලුම දෛනිකව ඉහළ යමින් පවතින මෙවැනි කාලවකවානුවක පිරිසිදු සහ හරිතවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අත්වැල් බැඳගන්නා මෙන් කර්මාන්ත, ව්‍යවසායන් සහ රජයේ ආයතනයන්ගෙන් ABC Aqua Science ඉල්ලා සිටී.