Landmark 1,000th vehicle delivery reflects growing customer confidence in Hayleys Mobility’s future-ready mobility solutions Hayleys Mobility Limited, the mobility segment of Hayleys Fentons Limited, has marked the delivery of its 1,000th vehicle, a milestone achieved within its first 9 months of operation and a clear reflection of the trust Sri Lankan motorists have placed in…
Prime Residencies PLC වෙතින් ‘J’Adore Negombo’
මීගමුව හෝටල් මාවතේ ඉදිවන නවතම සුඛෝපභෝගී Serviced Apartments ව්‍යාපෘතිය
Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය. ආකර්ෂණීයත්වයෙන් අනූන සහ පහසුකම් රැසකින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකෙන මීගමුවේ හෝටල් මාවත, සංචාරකයන් මෙන්ම ප්‍රදේශවාසීන් අතරද විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති ප්රදේශයකි.
වෙරළට මුහුණ ලා පිහිටි පර්චස් 229.2 ක භූමියක මෙම ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය ඉදි වේ. T අකුරේ හැඩයට ඉදි වන මෙහි තිරස් ව්‍යුහය මහල් 21 කින් යුත් ‘White Tower’ කුලුන වන අතර, එහි සිරස් ව්‍යුහය වන්නේ මහල් 8 කින් යුත් ‘Emerald Tower’ කුලුනයි. මෙම ව්‍යාපෘතියට අලංකාරය හා සුවපහසුව මනාව එක්තැන් කරන සුඛෝපභෝගී නිවාස 177 ක් ඇතුළත් වනු ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට විනාඩි 15 ක් වැනි කෙටි කාලයකින් ළඟා විය හැකි ‘J’Adore Negombo’ සුඛෝපභෝගී නිවාස එකතුව, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන නිසා ඉහළම ප්රතිලාභ හිමි වන ආයෝජනයක් සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.
ඉතාමත් ආකර්ෂණීය ලෙස සැලසුම් කරන ලද, එක් නිදන කාමරයක් සහිත නිවාස (වර්ග අඩි 900) සහ නිදන කාමර දෙකක් සහිත නිවාස (අඩි 975 – 1,120) එකතුවක් ‘J’Adore Negombo’ ව්‍යාපෘතියට ඇතුළත් වී ඇති අතර, ප්‍රමාණයෙන් විශාල නිවාස සඳහා වෙනමම ඇතුළු විය හැකි කොටසකින්ද සමන්විත වේ.
මීට අමතරව නිදන කාමර තුනකින් සමන්විත ‘White Presidential Suites’ කාණ්ඩයේ නිවාස ඒකක 9 ක් මීට ඇතුළත් වී ඇති අතර, එම නිවාස වර්ග අඩි 2,189 ක විශාලත්වයකින් යුක්ත ය. මෙම නිවාස සියලු පහසුකම් සහිත මුළුතැන්ගෙයක්, smart lock, වායුසමීකරණ පහසුකම් සහ private terraces ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ. එමෙන්ම මෙම නිවාස දැවමය පොළොවකින් නිමවීම එහි සුඛෝපභෝගී බව තවත් වැඩිකරන සාධකයකි.
ජාත්‍යන්තර තලයේ පහසුකම් රාශියක් ‘J’Adore Negombo’ ව්‍යාපෘතියට ඇතුළත් වී තිබේ. Level 2,1 Beach Club හි සාගරයට මුහුණ ලා පිහිටි ‘Infinity Pool’ වර්ගයේ පිහිනුම් තටාකයක්, සියලු පහසුකම් සහිත ශරීර සුවතා මධ්‍යස්ථානයක්, නිවාස හිමියන්ටම වෙන් වූ Concierge සහ Butler සේවා, විවේකාගාර, තුවා සහ කුඩ සහිතව වෙරළ තීරයේ කාලය ගතකිරීමේ හැකියාව සහ පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක හා නිරීක්ෂණ සේවාවක් ඇතුළු පහසුකම් රාශියක් මීට ඇතුළත් ය. මේ සියල්ල, නිවැසියන්ට ඉහළම තලයේ ආරක්ෂාවක් සමගින් නවීනතම පහසුකම් සහිත සුඛෝපභෝගී ජීවන රටාවක් අත්විඳීමට මහෝපකාරී වනු ඇත.
මීට අමතරව, ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් තම ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දීම සඳහා Prime Residencies PLC තම පෙරළිකාරී පහසු ගෙවීමේ ක්‍රමය වන 1% මාසික වාරිකවලින් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දී තිබේ. එමෙන්ම පසුකාලීනව මෙම දේපළවල වටිනාකම් කැපීපෙනෙන ලෙස ඉහළ යාමේ හැකියාව නිසා ආයෝජකයන්ට මෙමගින් දීර්ඝකාලීන වටිනාකම් හිමි කරගැනීමට හැකිවේ.
මෙම ප්‍රදේශයේ ‘Serviced Apartment’ කාණ්ඩයේ එකම නිවාස එකතුව වශයෙන් ‘J’Adore Negombo’ හැඳින්විය හැකි අතර මීට ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී හෝටල්වලට සාපේක්ෂව තරගකාරී අනුපාත සමගින් ඉහළම තලයේ පහසුකම් හා සේවාවන් පිරිනමයි. එය ආයෝජකයන්ට 8% ත් 11% ත් අතර වාරික ප්රතිලාභ (Rental yield) සමගින් 80% ක ROI අගයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් (Piling) අදියර මේ වනවිට අවසන් වී ඇති අතර, එහි මීළඟ අදියරේ ඉදිකිරීම් කටයුතු 2025 පෙබරවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත ය.
මෙය ශ්‍රී ලංකාවේ සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය ප්‍රදේශයක, වෙරළට මුහුණ ලා පිහිටි සුඛෝපභෝගී දේපළක හිමිකරුවෙකු හෝ හිමිකාරියක වීමට ලැබෙන අගනා අවස්ථාවකි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් ශ්‍රී ලංකාවේ වෙරළාසන්න සුඛෝපභෝගී ජීවන රටාවක මහිමය අත්විඳින මෙන් J’Adore Negombo ගැනුම්කරුවන්ට සහ ආයෝජකයන්ට ආරාධනා කර සිටී.
J’Adore Negombo පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0710 777 666 අංකය අමතන්න.