Power World Gyms, Sri Lanka’s leading fitness brand with over 30 years of promoting healthier lifestyles, has partnered with Kings Hospital Colombo as its Official Wellness Partner. This collaboration brings together expertise in fitness and healthcare to introduce a dedicated wellness programme for the hospital’s staff, supporting their physical and mental well-being. Through this partnership,…
දුමාරයෙන් තොර තිරසාරත්වය උදෙසා විද්‍යුත් වාහනවල පාරිසරික මෙහෙවර
ලෝකයේ පවතින දේශගුණික අර්බුදය වෙත අද වන විට තිරසාර ක්‍රියාවලීන් භාවිතය පිළිබඳව කර්මාන්ත, රජයන් සහ පුද්ගලයින් දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. විද්‍යුත් වාහන භාවිතය සඳහා යොමු වීම මෙම අර්බුදය සඳහා වන පරිවර්තනීය විසඳුම් අතරින් එකකි. පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවම කිරීමටත් දේශගුණික විපර්යාස සාර්ථකව මැඩ පැවත්වීමටත් විද්‍යුත් වාහන අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
ගෝලීය බලශක්ති ආශ්‍රිත හරිතාගාර වායු විමෝචනයෙන් 24%කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහනවලින් පිටවන අතර ඒවා කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනයේ ප්‍රධාන මූලාශ්‍රයකි. එහෙත් විද්‍යුත් වාහන මඟින් වායු විමෝචනයක් සිදු නොකිරීම නිසා වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරයි. තවද සූර්ය හෝ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් බලගන්වන විද්‍යුත් වාහනවලින් සිදුවන කාබන් විමෝචනය සැලකිය නොහැකි තරම් කුඩා අගයක් වේ.
බලශක්ති කාර්යක්ෂමතාවය හා සැසඳීමේ දී, විදුලි මෝටර, පෙට්‍රල් එන්ජින්වලට වඩා ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත වේ. විද්‍යුත් වාහන විදුලිබල ශක්තියෙන් 60-80% භාවිතා කළ හැකි බලයක් බවට පත්කරන අතර සාම්ප්‍රදායික පෙට්‍රල් වාහනවල එම අගය 20-30%ක් අතර ප්‍රමාණයක් වේ. ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සලකා බැලීමේ දී විද්‍යුත් වාහනයක් ධාවනය කිරීමේ පිරිවැය සාම්ප්‍රදායික පෙට්‍රල් හෝ ඩීසල් වාහනයක් සඳහා ගෙවන ඉන්ධන පිරිවැයෙන් 30%කටත් අඩු අගයක් ගනියි.
ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි වාහන එකතුව ඇති ප්‍රමුඛතම ආයතනය වන Evolution Auto (Pvt) Limited හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා, “විද්‍යුත් වාහන වෙත මාරු වීම තාක්ෂණික නවෝත්පාදනයක් වැළඳ ගැනීමක් පමණක් නොව, එමඟින් අපගේ ග්‍රහලොවට තිරසාර අනාගතයක් හිමි කර ගත හැකියි. විද්‍යුත් වාහන වෙත මාරු වීමෙන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්ට සහය දැක්වීමෙන් හානිකර විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර අනාගත පරපුරට සෞඛ්‍ය සම්පන්න ලොවක් තැනිය හැකියි.” යනුවෙන් පැවසීය.
අදටත් ශ්‍රී ලංකාවේ සමහර නගර දුමාරයෙන් සහ වායු දූෂණයෙන් පීඩා විඳියි. නාගරික ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමේ විශිෂ්ට හැකියාව විද්‍යුත් වාහන සතු වේ. වාහනවලින් පිටවෙන අහිතකර වායූන්, වායු දූෂණයට ප්‍රධාන හේතුවක් වන අතර එය එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අකල් මරණ, හෘද රෝග සහ ශ්වසන රෝග ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති කරයි. මීට සමාන තත්වයන් තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ හඳුනා ගත හැකිය. එම රටවල රථ වාහන නිසා ඇති වී තිබෙන වායු දූෂණ තත්වයන් අනතුරු ඇගවීමේ මට්ටමට පත්ව තිබේ. තායිලන්තයේ මෝටර් රථවලින් සිදුවන දැඩි වායු දූෂණය නිසා එරට පාසල් පැවැත්වීම පවා අවලංගු කර තිබීම පිරිසිදු ප්‍රවාහන විකල්පවල ඇති ඉක්මන් අවශ්‍යතාවය ඉස්මතු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාරිසරික තිරසාරභාවය සඳහා වාහනවල වායු විමෝචනය අඩු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් විද්‍යුත් වාහන භාවිතය වෙත සීඝ්‍රයෙන් යොමුවන බොහෝ රටවල් අතරින් එකක් බවට තායිලන්තය පත්ව ඇත.සාම්ප්‍රදායික මෝටර් වාහනවලින් විද්‍යුත් වාහන වෙත මාරු වීමෙන්, ගුණාත්මකභාවයෙන් ඉහළ වායු ගෝලයක් සහිත පහසුවෙන් ජීවත්විය හැකි නගර නිර්මාණය කිරීමට අපට දායක විය හැක.
විද්‍යුත් වාහන භාවිත කිරීමේ සැබෑ ප්‍රතිලාභ අත්විඳින නගර ලෙස ඔස්ලෝ සහ ඇම්ස්ටර්ඩෑම් හඳුන්වාදිය හැක. විද්‍යුත් වාහන බහුලව භාවිත කරන ඔස්ලෝ හි නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx) විමෝචනය 35% කින් අඩු වී ඇති අතර ඇම්ස්ටර්ඩෑම් හි විද්‍යුත් වාහන ප්‍රතිපත්තිය සහ යටිතල පහසුකම් හේතුවෙන් වාතයේ ගුණාත්මකභාවය ඉහළ ගොස් ඇත. ලොව පුරා නගරවලට සෞඛ්‍ය සම්පන්න ජීවන තත්ත්වයන් සහ පිරිසිදු වාතාශ්‍රයක් අත්විඳිය හැකි ආකාරය මෙම නිදසුන්වලින් මනාවට විදහා දැක්වේ. මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ රජයේ දිරිගැන්වීම් තුළින් පිරිසිදු ප්‍රවාහනයකට මාරුවීම වේගවත් කළ හැකි ආකාරය ඔස්ලෝ සහ ඇම්ස්ටර්ඩෑම් වැනි නගර ලොවට පෙන්වා දෙයි.
විද්‍යුත් වාහන යනු පිරිසිදු බලශක්ති ක්‍රමවේද වෙත මාරු වීමේ වැදගත්ම සාධකයකි. දියුණු යටිතල පහසුකම් සහ බැටරි තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති ජාල සමඟ විද්‍යුත් වාහන ඒකාබද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සපයයි. මීට අමතර වාහනයේ ජාලක (V2G) තාක්‍ෂණය නිසා විද්‍යුත් වාහනවලට ජංගම බලශක්ති ගබඩා ඒකක ලෙස ක්‍රියා කළ හැකි අතර, භාවිතයට නොගත් ශක්තිය නැවත ජාලයට ලබා දීම සහ අවශ්‍ය පරිදි ඒවායේ බැටරි ආරෝපණය කිරීමට විදුලිය භාවිතා කිරීම මෙමඟින් සිදු කරගත හැක. මෙය බලශක්ති සැපයුම සහ ඉල්ලුම සමතුලිත කරමින් පද්ධතියේ සමස්ත විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව වැඩි කරයි.
විද්‍යුත් වාහන සාමාන්‍ය ප්‍රවාහන මාධ්‍යක් පමණක් නොවේ. එය දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමට සහ සෞඛ්‍ය සම්පන්න, පිරිසිදු නගර ඇති කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ප්‍රධාන අංගයකි. පිරිසිදු බලශක්තියෙන් බලගන්වන යහපත් අනාගතයක් උදෙසා තිරසාර ගමනාගමන ක්‍රමවේදයක් වෙත මාරු වීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වී ඇති අතර විද්‍යුත් වාහන භාවිතයට යොමු වීමෙන් රජයන්ට, ව්‍යාපාරවලට සහ පුද්ගලයින්ට මේ කටයුත්ත සඳහා දායක විය හැක.
