கொழும்பு, செவ்வாய், 25 ஆகஸ்ட் 2026: இலங்கையின் பெருந்தோட்டத் துறையில் பிளாஸ்டிக் கழிவு முகாமைத்துவத்தை மறுவரையறை செய்யும் வகையில், புதுப்பிக்கத்தக்க ஆற்றல், கழிவு மறுசுழற்சி, சமூக வாழ்வாதாரம் மற்றும் சுற்றுச்சூழல் பாதுகாப்பு ஆகியவற்றை ஒருங்கிணைத்த ஒரு புதிய திட்டம் அறிமுகப்படுத்தப்பட்டுள்ளது. தலவாக்கலை டீ எஸ்டேட்ஸ் பிஎல்சி நிறுவனத்திற்குச் சொந்தமான ரதெல்லையில் உள்ள சமர்செட் தோட்டத்தில் சமர்செட் சுற்றுச்சூழல் பொருள் சேகரிப்பு மற்றும் பதப்படுத்தும் நிலையம் (MCPC) நிறுவப்பட்டுள்ளது. இலங்கையில் ‘முறசாரா கழிவு முகாமைத்துவத்தில் பெண்கள் மற்றும் இளைஞர்களின்…
ජෝන් කීල්ස් පදනමේ Volunteer Recognition Day හිදී
කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා දායකත්වය ඇගයීමට ලක් වේ.
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම සංවිධානය කළ Volunteer Recognition Day වැඩසටහනපසුගියදා සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී 2025/26 වසර තුළ ප්‍රජා සත්කාර වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කළ සාමාජික සාමාජිකාවන් සහ කණ්ඩායම් ඇගයීමට ලක්වූහ. ජූලි 28 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවති මෙම උත්සවයට සමූහයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගි වූහ.
මෙහිදී අදහස් දක්වමින් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවේ, පසුගිය වසර තුළ 2,500 දෙනෙකු අවස්ථා 4,842 කදී පැය 105,096 ක ස්වේච්ඡා දායකත්වයක් ලබා දී ඇති බවයි. මෙය පසුගිය වසරට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයකි. විශේෂයෙන්ම පරිසරය ආශ්‍රිත වැඩසටහන්, දිට්වා ආපදා සහන කටයුතු සහ වාර්ෂික ‘කලා පොළ’ ආදිය සඳහා වසරේ වැඩිම ස්වේච්ඡා සේවා දායකත්වයක් වාර්තා විය. එමෙන්ම ජෝන් කීල් පදනමේ 21 වැනි සංවත්සරයට සමගාමීව Volunteer App හඳුන්වා දුන් බවත්, දැනටමත් සමූහ විධායක කමිටුවේ සාමාජිකයන් ඇතුළුව 1,100 කට අධික පිරිසක් මෙම යෙදුම භාවිතා කරන බවත් ජයසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මෙවර උත්සවයේදී පළමු වරට, සමූහයේ සමාගම් විසින් ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද තිරසාර හා ක්‍රමෝපායික ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා විශේෂ සම්මානයක් හඳුන්වා දෙන ලද අතර, එය හබරණ හෝටල් සංකීර්ණය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති මීමැසි පාලන ව්‍යාපෘතියට හිමි විය. මීමැසි පාලකයකු මෙන්ම ප්‍රජා ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයකු වන වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ, තමන්ට මීමැසි පාලනය සම්බන්ධයෙන් තාක්ෂණික පසුබිමක් නොතිබුණු අතර, ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට හැකිවේද යන්න පිළිබඳව සැකයක් පැවති බවයි. කෙසේ නමුත් John Keells සහ Cinnamon කණ්ඩායම් ලබාදුන් පුහුණුව හේතුවෙන් ව්‍යාපෘතිය බෙහෙවින් සාර්ථක වූ අතර, එමඟින් නිෂ්පාදනය කරන ලද පළමු මී පැණි තොගයට මෙම සම්මාන උළෙල අවස්ථාවේදී උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.
සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සම්මානලාභීන්ට සුබපැතුම් එක් කරමින් පැවසුවේ, ඉදිරියේදී ස්වේච්ඡා දායකත්වය මීටත් වඩා ඉහළ යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ස්වේච්ඡා දායකත්වය සම්බන්ධයෙන් සාමාජික සාමාජිකාවන් පෙන්නුම් කරන කැපවීම ප්‍රශංසනීය බවත්, එය කලා පොළ වැනි වැඩසටහන්වලදී ජනතාව හොඳින්ම දුටු බවත් ඔහු පැවසීය.
‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා සමූහයේ සමාගම් එක්ව රුපියල් මිලියන 500 ක දායකත්වයක් ලබා දුන් අතර, එය ශ්‍රී ලාංකික සමාගමක් ලබා දුන් වැඩිම දායකත්වය බවද ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සිහිපත් කළේය. හබරණ මීමැසි පාලන ව්‍යාපෘතිය මෙන්ම, හික්කඩුවේ Hikka Batiks සහ ජාඇල බිම්මල් ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති රැසක් ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ. ඉදිරියයේදී තවත් ප්‍රජා සත්කාර ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට සමූහය බලාපොරොත්තු වන බව සිහිපත් කළ බාලේන්ද්‍ර මහතා, Volunteer App භාවිත කරමින් හැකි සෑම අවස්ථාවකදීම ස්වේච්ඡා සේවා ක්‍රියාකාරකම් සඳහා ලියාපදිංචි වන ලෙස කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
උත්සවයේදී වසර පුරා ප්‍රජා සත්කාර වැඩසටහන් වෙනුවෙන් කැපවුණු සාමාජික සාමාජිකාවන් විශේෂ ඇගයීමකට ලක් වූ අතර, විශිෂ්ටයන්ට රන් සහ රිදීසහතික පිරිනමන ලදි. එමෙන්ම 2025 වසරේ දෙසැම්බර් මාසයේදී සම්පූර්ණ කර මැදදුම්බර ප්‍රාදේශීය සභාව වෙත භාරදුන් නිතුලේමඩ ආදර්ශ පෙරපාසල් ව්‍යාපෘතිය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් Victoria Golf Resort හි ඉංජිනේරු සූරිය බණ්ඩාර හේරත් මහතාද මෙහිදී විශේෂයෙන් ඇගයීමකට ලක් විය.
පුද්ගල සහ කණ්ඩායම් මට්ටමේ ජයග්‍රහණ ඇගයීමට අමතරව, 2025/26 වසර පුරා ජෝන් කීල්ස් පදනම ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන් සාර්ථක කරගැනීමට දායක වූ සමූහයේ ස්වේච්ඡා සේවා ජාලයේ සාමූහික දායකත්වයද Volunteer Recognition Day 2026 හිදී ඇගයීමට ලක් කෙරිණි.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය මාර්ග, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රි ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ආයතනික සන්නාමය ලෙසත් LMD විසින් නම් කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.
wnohviplftfwzugdkftfhzflmysuxp
iqqdjhylptyzglexowmpfxzjtwnnwg
I had a huge win last night and the withdrawal was processed almost instantly. That is exactly what I look for in a platform. br888win19 is the real deal.
[3592]pjko Official Login | সেরা অনলাইন স্লট গেম ও অ্যাপ ডাউনলোড,pjko-তে আজই যোগ দিন। বিকাশ দিয়ে সহজ ডিপোজিট এবং অ্যাপ ডাউনলোডের মাধ্যমে সেরা অনলাইন স্লট গেমগুলো উপভোগ করুন। এখনই লগইন করে খেলা শুরু করুন। visit: pjko
Super easy setup and the game graphics are stunning. It is definitely the most stable version I have used. Check ck9999appdownloadapk!